Tuesday, December 26, 2017

මියදෙන සිත්තම්










නම අගට වරහන්
දාගෙන නටති විගඩන්
කුමටද උගත් කම්
නැතිනම් හිතේ වත්කම්

පොඩි පැටව් දනගහන්, පාඩම්
කර, කියති ලියති පහේ නාඩම්
පොල්පිති හරක් වගේ, උන්ව දක්කන්
සෙල්ලම්,  කරන දෙමාපියෝ බලහන්

උන්ට අයිතිත් නැති, උනුන්වත් දන්නේ නැති
අකාලෙට මියදෙන සිත්තම් - කවදා කරන්නද දඟ කම්
හෙන පතයි උන්, තේරුනා නම්

ගලපා හොඳට යවහන්
කියනෙමි පහල කවියෙන්
වෙනසක් කරන අටියෙන්
සිතුවිළි සරල අකුරෙන්
-----------------------------
ඉපදුන විලස සේරම ලේ, පිටට ගෙන
කලතා, ජාති, ආගම්, කුල, බේද, ඝන
පදමට අනා, රීෆිල් කර, ළදරු මන
දුම් ගස ගසා, මුල සිට අපි, හදති හෙණ

No comments:

Post a Comment