Wednesday, November 4, 2015
Sunday, November 1, 2015
යම රජ
බැහැ මට කරන්නට රජ කම මීට වඩා
කිවේ යමරජුය, සද්දෙන් නැගිට මෙදා
බැලු බැලු හැම තැනම නිරයේ වීදි පුරා
මිනිසුන් ගනී ආතල් සුර ලොවට වඩා
යම පුරුෂයන් රැවටී බොරු බහට අගේ
එන මැති ඇමති ලඟ දනිහෙන් වැටි සබේ
කාටත් හොරෙන් කර කතිකා හතර වටේ
රජකම සේල් වෙන පාටයි විදී දිගේ
ඉස්සර තිබ්බ කටු ගහ උං කපාලා
ලෝදිය හැලිය උණු කර වටේ, බෙදාලා
යක් සේනාව, මෙකප් ගුලි උලාලා
මම යමි යන්න මුලු නිරයම වසාලා....
Tuesday, October 27, 2015
කරුමෙ
ඉදුනු ඉසකෙහි අතර නැළවෙන - ඔය අතේ මම එල්ලීලා
තවම මතකයි අපේ කුඹුරේ - දුව පැනපු හැටි හිනහිලා
නුඹේ දහඩිය වලින් පල ලැබු - ගොයම් කරලට ණය වෙලා
යන්න තැනු හැටි හොයන් සරසවි - වසර ගණනක් කල් බලා
අපේ කරුමෙට පාර පිට පැන - කුඹුරේ පැල උන් කුඩු කරා
මගේ මව් වුනු පියා අදටත් - ගෙයි සාලේ එක් තැන් වෙලා
දැම්ම නඩුවත් උඩින් පැරදුනේ - ඩිෆෙන්ඩර් රථ ලොකු නිසා
මහන මැෂිමේ රූන් සද්දෙට - දුකත් යයි උඩු ගං බලා
Monday, October 26, 2015
රජ
ගෙන්ද ගම් පොලවේ රජ උන
හිතින් රේස් කා(ර්) එළවන
අව්ව වැස්ස යට නොනැමෙන
එහෙව් එකෙක් මං
විරාමයට නැහැ මුල් තැන
බජාර් එකේ උන් වටවෙන
ටර්න් එකට කැරම් ගහන
එල කොල්ලෙක්, යං(ග්)
ට්‍රැෆික් වලට වංගු දාන
ඉඳ හිට පොඩි දඩ කොල කන
බොහෝ දුරට පිහිටට එන
සීය කොලේ රන්
ගෙදර ගැණී මාවම කන
බඩු මිල හයි, ස්පීඩ්ම යන
අපි පොඩ්ඩක් සෙකන්ඩ් වෙන්නේ
ඔන්න ඔතන බං
Thursday, October 8, 2015
පිං කම්
ලබා මනු,සත් කම්
ගොඩක්, ගහගෙන වත්කම්
එකෙක් අනිකට, පෙත්සම්
හැබැයි දැක්කොත්, කරයි පිංකම්
---------------------------------
මේ පාර මම දානේ,
බෙර ගහන් දොර ගානේ,
යන්නේ කිම, කිය නොනේ,
පිනද, කතිරේද, ඕනේ....
ගෙනත් ෆයිව්, ස්ටාර්
හෝටලෙට, පින වික්කා
කහ සිවුරු ගැත්තා :
"මෙන්න පිං කම්, නියම අක්කා..........."
Wednesday, October 7, 2015
දේව කැමැත්ත
දවසක ඇවිත් ඇත්තට මම උඹේ, රටට
කරනවා කතා, රට බත් කන, හරකුන්ට
වේලක් නොකන මිනිසුන් ඉන්නේ, එමට
පලතුරු එපා. කියහන් පින් ඇති, මෙමට
ඇවිදින් සැවොම, මගේ නම මුල් පිරු, ගමට
අරගෙන හාල්, පොල්, පලතුරු, හිත හොඳට
මගේ නම කියා වැජබෙන කපු, මහතුන්ට
නොම දෙන් පඬුරු, මම ගෙවනවා, පඩි එමට
අරගෙන නැවත පේ කරවපු, බඩු අතට
ගෙනහින් ගමට දීපන් පොඩි, පැටවුන්ට
කන්නට නැතත් ගේ අහලක, පොල් බතට
එනවා මෙතන පව් දෙන්නට, වෙන උන්ට
කීවා මෙලස හීනෙන් ඇවිදින්, මෙමට
කියනා ලෙසට මා දන්නා, සඟයන්ට
පලතුරු නොවේ ඕනෑ පින්, දෙවියන්ට
නැති බැරි අයට අත දීහන්, හරියන්ට
කරනවා කතා, රට බත් කන, හරකුන්ට
වේලක් නොකන මිනිසුන් ඉන්නේ, එමට
පලතුරු එපා. කියහන් පින් ඇති, මෙමට
ඇවිදින් සැවොම, මගේ නම මුල් පිරු, ගමට
අරගෙන හාල්, පොල්, පලතුරු, හිත හොඳට
මගේ නම කියා වැජබෙන කපු, මහතුන්ට
නොම දෙන් පඬුරු, මම ගෙවනවා, පඩි එමට
අරගෙන නැවත පේ කරවපු, බඩු අතට
ගෙනහින් ගමට දීපන් පොඩි, පැටවුන්ට
කන්නට නැතත් ගේ අහලක, පොල් බතට
එනවා මෙතන පව් දෙන්නට, වෙන උන්ට
කීවා මෙලස හීනෙන් ඇවිදින්, මෙමට
කියනා ලෙසට මා දන්නා, සඟයන්ට
පලතුරු නොවේ ඕනෑ පින්, දෙවියන්ට
නැති බැරි අයට අත දීහන්, හරියන්ට
Friday, October 2, 2015
පැය
නුඹත් නැතිවම ගෙවපු පැය මම, හිතත් එක්කම තනි වෙලා
එකින් එක ගෙන හිතුනු සිතුවිලි, කවි කරන්නෙමි පෙරලලා
හමන මද නළ ගෙනෙන සිසිලස ගත ගැටෙද්දී විසිරිලා
නුඹේ උණුහුම හෙමින් අයදී පෙර ගෙවුනු දින සිහිවෙලා
Monday, September 21, 2015
යැපෙන
රතු තෙපුල් මත යැපෙන
හිතක් ඇත, කිතිකැවුන
ඇවිත් සිප මගේ වුවන
නැති කරන් කිති, හැඟෙන
පා තබා නිල්, ගඟන
තරු කඩා වගේ, හැලෙන
සඳ නුඹයි හද, පතන
මම කියමි හිරු, නොවෙන
සිසිල් සිසිලස හමන,
විටක උණුසුම යදින
ගතක් ඇත ගල් ගැහුන,
තනිව වැතිරී යහන
හිතක් ඇත, කිතිකැවුන
ඇවිත් සිප මගේ වුවන
නැති කරන් කිති, හැඟෙන
පා තබා නිල්, ගඟන
තරු කඩා වගේ, හැලෙන
සඳ නුඹයි හද, පතන
මම කියමි හිරු, නොවෙන
සිසිල් සිසිලස හමන,
විටක උණුසුම යදින
ගතක් ඇත ගල් ගැහුන,
තනිව වැතිරී යහන
Monday, September 7, 2015
බිනර මහ
ලා නිල් වන් බිනර මලුත්,
මා දැක්කම හිනහිලා...
ඉඟි කරවයි, හිත සනසයි,
බිනර මහත් එළබිලා....
හිත යට දළුලන සනහස,
තියන්න බැහැ සඟවලා...
සඳ ඇති රැය, සිහි කරවයි,
එකල පෑව පෙම් සිනා...
රෑ අහසේ.. දුර ඈතින්,
විල් දිය මත, රුව හොවා,
මසකු හොරෙන් පෙම් බඳිනා...
තරුවක් ලෙස, නුඹ වෙලා....
නොහැකි බැවින් දිය යට හිඳ,
ගන්නට තුරුලට සදා...
වරල් කඩා, අත්තටු බැඳ,
මම එන්නේමි පියඹලා.....
මා දැක්කම හිනහිලා...
ඉඟි කරවයි, හිත සනසයි,
බිනර මහත් එළබිලා....
හිත යට දළුලන සනහස,
තියන්න බැහැ සඟවලා...
සඳ ඇති රැය, සිහි කරවයි,
එකල පෑව පෙම් සිනා...
රෑ අහසේ.. දුර ඈතින්,
විල් දිය මත, රුව හොවා,
මසකු හොරෙන් පෙම් බඳිනා...
තරුවක් ලෙස, නුඹ වෙලා....
නොහැකි බැවින් දිය යට හිඳ,
ගන්නට තුරුලට සදා...
වරල් කඩා, අත්තටු බැඳ,
මම එන්නේමි පියඹලා.....
Wednesday, August 26, 2015
නින්ද හා සැප නින්ද
ඩබල් ලේයර් මෙට්ට, යටි හිතින් මව මවා
පුළුන් දැමු සැප කොට්ට, වට කරන් ගුලි වෙලා
නිදන කල නුඹ හොඳට, සැප නින්ද වඩ වඩා
උඩ ගෙදර මහමුදලි, කැරකේවි ඇඳ වටා
ගිය මාසේ ගෙනා හයි,බ්‍රිඩ් මෙට්ටේ ඇල විලා
නින්ද එන තුරා ලේ, රතු වෙච්ච ඇස් වසා
කුරුළු තටු කඩා හැදු, සුමුදු කොට්ටේට වෙලා
තවම සිටි, නිදි නැතිව, නින්ද එන් නැති නියා
ගේ පහල මහ කන්දේ වීර, පළු ගස් නසා
කුට්ටි කර සල්ලි මැව්, මහමුදලි මේ තමා
නින්ද ආවත් මගදි, උඩ ගිහින් නැගිටිනා
පව් කරපු ඌ වගේද, මගේ පුතු පින්වතා

Thursday, August 13, 2015
පින
දැක පොර බදන ගස් ගෙම්බක්, ගැරඩියෙකූ
දැකලා සිතී බේරනු පින් පතා, මතූ
ගෙන තඩි පොල්ල කරලා ලාවට, මට්ටූ
බෙරා හැරියේ මා ගෙම්බී පන, ලොවක් පැතූ
යන්නට හැරුන විට මා ලඟ ගෙදරකට
ඇසුනා ගැඹුරු හඬ ලාවට මගේ කනට
"සතියක් නොකා බඩගින්නේ උන්නු මට
පර මනු සතා කෙලියා නොවැ, බඩ දිගට"
හෙමිහිට ඇදී ගෙම්බි පවුලක් දිහාවට
තිබු පන දමා පැන්නේ මම රටාවට
දිව් කල අනිත් සේරම වැලි තලාවට
මහලුම එකා අහුවුනි මට, කනාවට
තව නෑ වීරියක් මට ඇදි ඇදී යන්න
බේරුව ගෙම්බා යයි පර ලොව හෙට ඔන්න
උඹ දැන් ඉතින් පලයන් ඔය පින, ඇන්න
රෑ බත බලා ගෙදරට රහ මස් කන්න
දැකලා සිතී බේරනු පින් පතා, මතූ
ගෙන තඩි පොල්ල කරලා ලාවට, මට්ටූ
බෙරා හැරියේ මා ගෙම්බී පන, ලොවක් පැතූ
යන්නට හැරුන විට මා ලඟ ගෙදරකට
ඇසුනා ගැඹුරු හඬ ලාවට මගේ කනට
"සතියක් නොකා බඩගින්නේ උන්නු මට
පර මනු සතා කෙලියා නොවැ, බඩ දිගට"
හෙමිහිට ඇදී ගෙම්බි පවුලක් දිහාවට
තිබු පන දමා පැන්නේ මම රටාවට
දිව් කල අනිත් සේරම වැලි තලාවට
මහලුම එකා අහුවුනි මට, කනාවට
තව නෑ වීරියක් මට ඇදි ඇදී යන්න
බේරුව ගෙම්බා යයි පර ලොව හෙට ඔන්න
උඹ දැන් ඉතින් පලයන් ඔය පින, ඇන්න
රෑ බත බලා ගෙදරට රහ මස් කන්න
Tuesday, August 11, 2015
සසර
සමඟ සංසාරයේ... නුඹත් එන්නැති පිනුත් වලලා
කිමද, පව්කාරියේ... තවම ජීවිත ගඟේ ගිලිලා
ඇතිද සිත් පාමුලේ.. මොහ, අහිරික ,ලොභ පිරිලා
තවම තනිකඩ නුඹේ... නොහික්මුණ සිත පවෙහි බැඳිලා
......................................................................
කෙලෙස වුනිදෝ එසේ... තවම නොතරේ, කමා කරලා
පවසන්න ජීවිතේ... අරුත කිමදැයි, සතිය වඩලා
මට ලැබුන ආදරේ... සොයන මා මේ සසර වසලා
තවම නෑ සමිඳුනේ... නිවන සැපතක් කියා හිතිලා
......................................................................
වැටහේය දුක නුඹේ.... පිඩුසිඟා වැඩි මමද බැඳිලා
සසර සතුටට මේසේ... නැහැ පෙනෙන්නේ දුකින් පිරිලා
දුන්න මේ දානයේ... පිනෙන් පතනේමි සෝක මිදිලා
නිවන් යන්නට නොවේ.... පතන පෙම නුඹෙ, වන්න කියලා

Friday, August 7, 2015
මැණීකේ
නැළවෙන නිතඹ දුටූවත්, හදවත සාරයි
හම කළු උනත්, මැණීකේ උඹ, හැඩකාරයි
කාටත් පොදුයි, කරුණාබර නෙත්, පායයි
උඹ මහමෙරක්, දුටුවම හරි, සිරියාවයි
නැහැ දබරයක්, යන එන විට, පාර තොටේ
මට නැගනියක්, වාගේ පූරුවේ , හැටේ
යදමින් බැන්ද දා හිරකර, දමා , ගැටේ
රතු උන ඇසින් බැලුවේ, පිට ඉදන්, වැටේ
බර කොට ඇද්ද අප්පොච්චා, හිටපු දොහේ
ආරච්චිලත්, හිටියේ කට වහන්, වහේ
උන්දෑ ගියෙන් සුරලොව, දා උඹව, මෙහේ
කොලු මම කුමක් කරනුද, අසරණයි, රැහේ
හම කළු උනත්, මැණීකේ උඹ, හැඩකාරයි
කාටත් පොදුයි, කරුණාබර නෙත්, පායයි
උඹ මහමෙරක්, දුටුවම හරි, සිරියාවයි
නැහැ දබරයක්, යන එන විට, පාර තොටේ
මට නැගනියක්, වාගේ පූරුවේ , හැටේ
යදමින් බැන්ද දා හිරකර, දමා , ගැටේ
රතු උන ඇසින් බැලුවේ, පිට ඉදන්, වැටේ
බර කොට ඇද්ද අප්පොච්චා, හිටපු දොහේ
ආරච්චිලත්, හිටියේ කට වහන්, වහේ
උන්දෑ ගියෙන් සුරලොව, දා උඹව, මෙහේ
කොලු මම කුමක් කරනුද, අසරණයි, රැහේ
Thursday, August 6, 2015
The interview
මේ දවස් වල දකින්නම හම්බෙන්නේ දේශපාලනය, ඒ හින්දද මන්ද රෑ දැක්කා නියම හීනයක්. ඒකේ මම දේශපාලන විචාරකයෙක්, ටීවී ඉන්ටවිව් එකක් මාත් එක්ක. සල්ලි ගෙවල ගත්ත එකක් නෙවේ, බලෙන් මට එන්න කියලා තිබ්බ එකක්, මතක හැටියට මෙහෙමයි උනේ...
ටීවී අක්කා : ආයුබොවන්, අද අපත් සමග එකතු වන්නේ ප්‍රසිද්ද දේශපාලන විචාරක ගයන්ත මහතා, ඉතින් මහතානෙනි, ඔබට අපේ රටේ දේශපාලනය පිලිබඳ තියෙන්නේ මොනවගේ අදහසක්ද?
මම : ආයුබොවන්, තියෙන්නේ නම් කිසිම වැදගැම්මට නැති දේශපාලනයක්. තත්වය එහෙම් පිටින්ම වෙනස් කර යුතුයි. දැන් බලන්න ඉන්ජිනේරු මහත්තයෙක්ට පුළුවන්ද ගිහින් ලෙඩ හොද කරන්න, බෑ. අපේ රටේ අනිත් ඔනෑම තැනක සේවය කරන්න යද්දි අදාල සුදුසුකම් බලනවා, ඒත් රටේ වැදගත්ම අයතනයේ සේවය කරන්න ඔය මුකුත් ඔනේ නෑ. මේ පිලිවෙත වෙනස් විය යුතුයි. යමක් කරන්න නම් ඒ පිළිබඳ දැනුමක් තිබිය යුතුයි, දේශපාලනය කියන්නේ විෂයක්, ඒ පිලිබඳ දැනුමක් නැතිව එහි නියෙලෙන්න බෑ. ඒම නිසා මේයට ඉදිරිපත් වෙන්නත් අඩුමගානේ දේශපාලන උපාධියක් තියෙන අයට අයදුම් කරන්න කියලා, වැඩිම සුදුසු කම් තියෙන අයට නාමයොජනා ලබාදිය යුතුයි. ඒතනින් නොනැවතී පත්වීමක් ලැබුව පසු ඒයට අදාල පුහුනුවීම් ලබාදී එයින් සමත් වෙනවා නම් පමනක් ඒ අංශය පාලනය කිරීමට ඉඩහැරිය යුතුයි. නැතිනම් වෙන්නේ ඒ ඒ අංශ කඩාවැටීමකට ලක් වීමයි.
ටීවී අක්කා : දැන් ඔබතුමා ඔය යොජනා කරන ක්‍රමය දැන් ක්‍රියාත්මක කරන්න බැරිද?
මම : බැරි නෑ, කරන්න තරම් කවුරුත් බලයට පත් වේලා නෑ. මොකද අපේ රටේ දේශපාලකයෝ එකිනෙකා මත යැපෙන පිරිසක්. අරයගේ හොර වැඩ මෙයා දන්නවා, මේයගේ ඒවා අනිත් අය දන්නවා. ඒ නිසා පිරිසුදු දේශපාලන චරිතයක් සහ එයට ආධාර කරන්න පුළුවන් පක්ෂයක් බලයට අවා නම් බැරි කමක් නෑ. ඕක පටන් ගන්න ගියාම දැන් ඉන්න අය සැහෙන ප්‍රමානයක් අයින් කරන්න වෙනවා, ඉතින් එහෙම අයින් වෙන්න කැමති අය මේකේ නෑනේ. ඉතින් ඔය නීතිය ක්‍රියාත්මක කරොත් අයින් කරන අය කට වහගෙන ඉන්න එකක් නෑ. ඔය බිය හින්දම කාටවත් තාම කෙලින් ඇවිත් ඔය වැඩේ කරන්න පුළුවන් වෙලා නෑ. මොකද හැමෝම තමන් ගැන හිතන හින්දා, රට ගැන හිතන කවුරුහරි තමන්ට මොනා උනත් හරි තිරණේ දැන් වත් ගන්නවා කියල හිතලා ඔය වගේ තීරණයක් ගන්න පුළුවන් නම් රටේ අනාගතයට හොදයි.
ටීවී අක්කා : පැහැදිලියි. ඔබතුමා හිතන්නේ මෙවර ජනතාව කාටද ඡන්දය දිය යුත්තේ..?
මම : ඒක තම තමන්ගේ පුද්ගලික කැමත්ත, අපේ රටේ ජනතාවට වේලා තියෙන්නේ, එක්කෝ පක්ෂයක් ඔළුවේ තියාගෙන ඉන්නවා, නැත්නම් පුද්ගලයෙක් පස්සේ යනවා. හිතලා බලන්න කීයෙන් කීදෙනෙක් ප්‍රතිපත්ති ප්‍රකාෂන දිහා බලලා තීරණයක් අරන් තියෙනවද කියලා. රැල්ලට යන දේශපාලනයක් අපේ රටේ තියෙන්නේ, ගෙදර කට්ටිය මොන පාටද අපිත් ඒ පාට, ඔය සංකල්පය වෙනස් විය යුතුමයි, මේක දේශපාලකයාට, රජයට කරන්න පුළුවන් දෙයක් නෙවේ. මේ වෙනස් වීම පවුලෙන්ම ආරම්බ කල යුතුයි. මට මතකයි පොඩි කාලේ ඡන්දයක් ඒද්දි මම අහනවා තාත්තා කාටද ඡන්දේ දේන්නේ, අම්මා කාටද ඡන්දේ දේන්නේ කියලා. මට හම්බෙන උත්තරේ තමයි. ඒක තම තමන්ගේ පුද්ගලික කැමත්ත, හොද පුද්ගලයෙක් පක්ෂයක් බලලා අම්මා ඒයාගේ ඡන්දය දානව මම මගේ ඡන්දය දානවා. පුතත් ලොකු උනාම එදාට ගැලපෙන විදියට ඡන්දය දාන්න කියල.
ඔය ටික හැම පවුලකම ලමයින්ට පොඩි කාලේ ඉදලම පුරුදු කරානම් අපිට හොද සමාජයක් ගොඩ නගන්න පුලුවන්.
ඒත් දැන් තියෙන්නේ පුද්ගලයෙක්, පක්ෂයක් වටා ගොනු වෙච්ච, ප්‍රතිපත්ති ප්‍රකාශන බලන්නේ වත් නැති සමාජයක්. මේ විදිය වෙනස් විය යුතුයි, මිනිස්සු තෙරුම් ගන්න ඔනේ , චන්දේ ඉල්ලනේ මිනිස්සූ, මිනිස්සූ කියන්නේ දවසින් දවස වෙනස් වෙන ජාතියක්, පක්ෂ හැදිලා තියෙන්නේ මිනිස්සුන්ගෙන් කියලා. ඒ නිසා කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු කියන සංකල්ප වලින් මිදිලා, අපේ රට, මේකට ඔනේ උගත්, බුද්දිමත් රටට වැඩක් කරන්න පුළුවන් ජාතියේ මිනිස්සු පත් කර ගැනීම කියලා ජනතාව හිතට ගන්න ඔනේ.
ටීවී අක්කා : අද තියෙන ප්‍රචාරක විදි ගැන මොකක්ද ඔබතුමාගේ අදහස?
මම : ඇත්තටම අප්පිරියයි, පාරේ බැහැල යන්න දුකයි පාරවල් කාලා, ලක්ෂ ගනන් වියදම් කරල පොස්ටර් ගහල නගරයම කාලා. දැන් විසාල විකාශන තිර හිටන් පාරේ දෙපැත්තේ තියෙනවා. මේවා දැක්කම දුකයි ඇත්තටම. කියන්න තියෙනේ අපරාදේ ඔවට වියදම් කරන බිස්නස්කාරයින්ගේ සල්ලී, තමන්ගේ බිස්නස් එකට යට කරානම් කොච්චර ප්‍රයොජනද, මේවයින් පෙන්නේ අපේ රටේ දේශපාලනය කරන අයගේ මනසේ තත්වය තමයි. පිටරටක මේවන් පරිසර දූෂණයක් සහිත මැතිවරණ දකින්න හම්බෙන්නේ නෑ. මොවුන් විනාස කරන්නේ රටේ අනාගතය. ඉතින් එවන් මිනිසුන්ට රටක් ගැන හැඟිමක් නෑ, චන්දේට වියදම් කරපු සල්ලී හම්බ කරගන්නේ කොහොමද කියල තමා හිතේ තියෙන්නේ.
ටීවී අක්කා : ඔබතුමා මේ පාර මොන පක්ෂෙටද ඡන්දය පවිච්චි කරන්නේ?
මම : ඒ ගැන තීරණයක් ගන්න කල් තියෙනවා, ඉදිරි දින වල්දී පක්ෂ අපේක්ෂකයන් ගේ හැසිරිම, ඔවුන්ගේ විවාද බලල, උගත් බුද්ධිමත් කෙනෙක්ට ඡන්දය දෙනවා. තව කල් තියෙනවා ඔය තීරණය ගන්න, මොකද මිනිස්සු කියන්නේ වෙනස් වෙන ජාතියක්, දේශපාලනය කරන අය ඊට ඉක්මනින් වෙනස් වෙන්වා, ඉතින් හොද අදහස් තියෙන, හිනා යන පොරොන්දු දෙන්නේ නැති කෙනෙක්ට ඡන්දය දෙනවා. ඒලෙසම කරලා, අපේ රට ගැන හිතල තීරණයක් ගන්න කියලා මම බලන් ඉන්න අයගෙනුත් ඉල්ලනවා, නැතිව ඒයාලා ඉල්ලුව පලියට දෙන්න එපා.
ටීවී අක්කා : දැනට රටේ බොහොමයක් දියුනු කිරිම් ආරම්බ කරන්නේ ණයට අරගෙන, ඒ ගැන මොකක්ද ඔබතුමා දරන අදහස?
මම : ණය ගැනීම පුළුවන් තරම් අවම කර ගත යුතුයි, පුළුවන් තරම් අපේ රටේන්ම මුදල් උපායා ගැනිම කල යුතුයි. ඒත් සමහර අවස්ථා තියෙනව අනිවාර්යෙන්ම ණය ගත යුතු, ඒ වෙලාවට, නිසි පරිදි විශ්ලෙෂනයක යේදිලා, මේ ගන්න ණයෙන් ඉදිරියේදි ඒවා යොදවල එම මුදල ආපසු උපයාගත හැකි නම් පමනක් ණය ගත යුතුයි, එසේ නොවන වයාපෘති කල් දැමිය යුතුයි. නැති නම් වෙන්නේ රටම ණය බරින් පොඩ්ඩ පොඩ්ඩ හිර වෙන එක. මොකද ණය දෙන්නේ අපිට ආදරේට නෙවේනේ, ඊට වඩා වැඩි මුදලක් ලබා ගැනිමට හෝ ගෙවිමට නොහැකි උනොත් ඒ ඒ උකසට තිබ්බද දේ ණය ලබාදෙන අයට අයිති වෙන හින්දයි. ණය ගද්දි මේවා ගැන හිතන්න ඔනේ, නැතිව අපි ගත්තට ජනතාවනේ ගෙවන්නේ කියල හිතලා ගන්න නරකයි.
ටීවී අක්කා : ඉතාම සතුටුයි ඔබ වැනි විද්වතෙක් අපිත් සමග අදහස් බෙදාගන්න ඔබගේ වටිනා කලය යෙදෙවට. ඔබට සුබ රාත්‍රියක්.
මම : සුබ රාත්‍රියක්.
ඔච්චරයි, අවුලකුත් නෑනේ හීනෙන් හරි දේශපාලන විචාරකයෙක් වෙච්ච එක.

Saturday, July 25, 2015
සූරියකාන්ත(තී)
හිරු නැති දවසක, ලස්සන හවසක
පාළුව නුඹ ලොව, සැළුන වේලේ.....
නැතිවද මගේ උණුසුම, තවමත් හිත
හිරු වෙනුවට ලොව එළිය කලේ...
අද හිරු ආවිට, මා අත අතහැර
කිම පවසන් නුඹ, දුරක ගියේ.....
ලෝකයේ දහමට, හිරුට බැඳුන පෙම
මට අහිමිද , දුක දැනෙන පැයේ....
කම් නැත දුර සිට, එළිය තියාගෙන
ඉන්නම් සැඟවී, කුරිරු ලොවේ....
එනතුරු දවසක, මාව හොයාගෙන
මගේ නොවනා , හිරු පුදන මලේ.....
පාළුව නුඹ ලොව, සැළුන වේලේ.....
නැතිවද මගේ උණුසුම, තවමත් හිත
හිරු වෙනුවට ලොව එළිය කලේ...
අද හිරු ආවිට, මා අත අතහැර
කිම පවසන් නුඹ, දුරක ගියේ.....
ලෝකයේ දහමට, හිරුට බැඳුන පෙම
මට අහිමිද , දුක දැනෙන පැයේ....
කම් නැත දුර සිට, එළිය තියාගෙන
ඉන්නම් සැඟවී, කුරිරු ලොවේ....
එනතුරු දවසක, මාව හොයාගෙන
මගේ නොවනා , හිරු පුදන මලේ.....
Friday, July 24, 2015
The bonny lass
who... was that, bonny lass....
I asked from my heart, that suddenly crashed.
still remember, few years... back,
when I saw her, eyes... like flash...
today, she is.... holding my hand...
smiling out loud, like, waves hit sand...
still the same. my, bonny little lass...
who keeps my heart dance, from the day she, land.

Monday, July 20, 2015
Trend එක
සමදරා, ඇත්තෝර, රත් නිටුල්, ගෙන අනා
අමු ඉඟුරු, කීකිරිදිය, කොළ ඉස්ම, දා පෙරා
දෙමට මුල් පොතු සමඟ, ළපටි කපු ගෙඩි දමා
හදමි මම, හෙළ බෙහෙත, කඹුරු ඇට මද තලා
නව මසක් ගැබ දරා, දරු වදනු කිම බොලා
ක්ෂනික ගැබ මොරන්න, ගනු බෙහෙත, මේය තමා
පෙර ගෙවුම්, පසු ගෙවුම් , කාඩ් ගනිමිය, මේමා
දැන්ම ඇනවුම් දෙන්න "ක්ෂනික දරු", බඩු තමා

Thursday, July 16, 2015
මතක
නුඹගෙන් ලැබුන උණුහුම හිත යට, හංගා
සියුමැලි මතක ගෙන එක එක, යලි කැන්දා
උදයම මෙන්ම හවසද, බිත්තියේ නන්වා
හෙමිහිට විඳිමි අද නුඹ ලඟ, නැති හින්දා
ගෙන අත මගේ බොරුවට නුඹ හපන හැටී
නිකමට වගේ කන මිරිකා දුවන සැටී
මවනට හැකි උනත්, මනසට පෙනෙන හැටී
විඳ ගනු කෙලෙස, එතරම් මන දියුණු නැතී
සියුමැලි මතක ගෙන එක එක, යලි කැන්දා
උදයම මෙන්ම හවසද, බිත්තියේ නන්වා
හෙමිහිට විඳිමි අද නුඹ ලඟ, නැති හින්දා
ගෙන අත මගේ බොරුවට නුඹ හපන හැටී
නිකමට වගේ කන මිරිකා දුවන සැටී
මවනට හැකි උනත්, මනසට පෙනෙන හැටී
විඳ ගනු කෙලෙස, එතරම් මන දියුණු නැතී
Tuesday, July 14, 2015
සපතේරුවා
පාර ලඟ බිම වැටී, හිසට වහලක් නැතී
විඩාබර ඔහු දෙනත, මඟ බලයි යලි යලී
කඩිමුඩියේ ඔහෙ දුවන, අයගේ පය ගැටි ගැටී
ඒ දෙනෙත් මඟ බලයි, තව වරක් හැරි හැරී
විටක එන තනි කකුල්, සපත්තුව කැඩි කැඩී
හිතට මහමෙරක් සේ, දැනෙනවා නම් ඇතී
හනික අත ඇඟිලි ටික, සපත්තුව වට එතී
සොච්චමක් ලද තුටෙන්, නට නටා දැවටෙතී
විඩාබර ඔහු දෙනත, මඟ බලයි යලි යලී
කඩිමුඩියේ ඔහෙ දුවන, අයගේ පය ගැටි ගැටී
ඒ දෙනෙත් මඟ බලයි, තව වරක් හැරි හැරී
විටක එන තනි කකුල්, සපත්තුව කැඩි කැඩී
හිතට මහමෙරක් සේ, දැනෙනවා නම් ඇතී
හනික අත ඇඟිලි ටික, සපත්තුව වට එතී
සොච්චමක් ලද තුටෙන්, නට නටා දැවටෙතී
Sunday, July 12, 2015
මංගල මුදුව
දුටුවම දුරට, බිම වැළි ගනිනා, නයන
හිතුනා ටිකක් බලනට, ලං වී, කරුන
මංගල මුදුව, ජංගමේ නෑ. සුබ ලකුණ
තනිකඩ ලදකි, බස් නැවතුමේ, තනිරකින
නන්ගී කොහේද, කොහෙටද, යන්නට තනන
බස් හරි අඩුයි, අව්වත් ඇත, හම ඉරන
සුදු රුව මොකට, පුච්චනවද, පව් ගෙවන
නගරේ ඉන්නේ, තනිකඩ මම, රට වටින
දෙදරු මවකි මා. හිමියන් දෙයි, හෙවන
යන්නේ නගරයට, එක වසරෙයි, පුතුන
පතනේමි ලබන්නට, සොයනා, ප්‍රිය ලඳුන
මුද්දයි දන්නේ, පාසල් වල හැටි, දුදන
හිතුනා ටිකක් බලනට, ලං වී, කරුන
මංගල මුදුව, ජංගමේ නෑ. සුබ ලකුණ
තනිකඩ ලදකි, බස් නැවතුමේ, තනිරකින
නන්ගී කොහේද, කොහෙටද, යන්නට තනන
බස් හරි අඩුයි, අව්වත් ඇත, හම ඉරන
සුදු රුව මොකට, පුච්චනවද, පව් ගෙවන
නගරේ ඉන්නේ, තනිකඩ මම, රට වටින
දෙදරු මවකි මා. හිමියන් දෙයි, හෙවන
යන්නේ නගරයට, එක වසරෙයි, පුතුන
පතනේමි ලබන්නට, සොයනා, ප්‍රිය ලඳුන
මුද්දයි දන්නේ, පාසල් වල හැටි, දුදන
Tuesday, July 7, 2015
ඈ
කිරි සුවඳ දැනුනද, නුඹේ ගත
පෙනුනේ නෑ අසරන, නුඹේ හිත
සොඳුරු යෞව්වන පිරුනු, නුඹේ වත
වටා ගෙතුනේ බිඳුනු, පතිවත
පැයට විකිණේන ලැමේ, උණුසුම
හවස වේ කිරි කැටිගේ, සැනසුම
පිය සෙනේ පිට ගොසින්, නොකියම
තනිව විදහන් ලොවේ, ගැරහුම
ගත වුවත් රති කෙලියේ, දවසම
සිත දුවයි මතු දවසේ, ඇරඹුම
හොඳ කලක් යන කල් හෙටත්, මම
දැවි දැවී ගිනි ගනිමි, මෙලෙසම
පෙනුනේ නෑ අසරන, නුඹේ හිත
සොඳුරු යෞව්වන පිරුනු, නුඹේ වත
වටා ගෙතුනේ බිඳුනු, පතිවත
පැයට විකිණේන ලැමේ, උණුසුම
හවස වේ කිරි කැටිගේ, සැනසුම
පිය සෙනේ පිට ගොසින්, නොකියම
තනිව විදහන් ලොවේ, ගැරහුම
ගත වුවත් රති කෙලියේ, දවසම
සිත දුවයි මතු දවසේ, ඇරඹුම
හොඳ කලක් යන කල් හෙටත්, මම
දැවි දැවී ගිනි ගනිමි, මෙලෙසම
Thursday, July 2, 2015
වීරයෝ
සුදු පටිය ඔතාගෙන උජාරුව පෙනෙන්නට
මම යමිය උදෑසන ට්‍රැෆික් නැති කරන්නට
සේවේ කර රට දැයට සොච්චමක් ලබන්නට
කට්ට කා අව්වේ රැක දඩ කොලත් ලියන්නට
අපි නොවේද මහ මගදි ජීවිතේ රැකෙව්වේ
එහෙව් කල මොකද අර බූරූවා එරෙව්වේ
නවතපන් තොට දෙන්න තෙරෙන්න දනව්වේ
අපියි බොල රට රකින වීරයන් ඉසව්වේ
හැරේව් වේ තිබෙද්දිද රතු එළිය ඉලව්වේ
කමක් නෑ ලියනවා එරෙව්වට හිලව් වේ
"ඇස් නැද්ද, ලියන්නද, හෙට උදේ වලව්වේ"
නෑ සර් මෙහේ එන්න, උදව්වක් හෙලෙව්වේ
මම යමිය උදෑසන ට්‍රැෆික් නැති කරන්නට
සේවේ කර රට දැයට සොච්චමක් ලබන්නට
කට්ට කා අව්වේ රැක දඩ කොලත් ලියන්නට
අපි නොවේද මහ මගදි ජීවිතේ රැකෙව්වේ
එහෙව් කල මොකද අර බූරූවා එරෙව්වේ
නවතපන් තොට දෙන්න තෙරෙන්න දනව්වේ
අපියි බොල රට රකින වීරයන් ඉසව්වේ
හැරේව් වේ තිබෙද්දිද රතු එළිය ඉලව්වේ
කමක් නෑ ලියනවා එරෙව්වට හිලව් වේ
"ඇස් නැද්ද, ලියන්නද, හෙට උදේ වලව්වේ"
නෑ සර් මෙහේ එන්න, උදව්වක් හෙලෙව්වේ
Monday, June 29, 2015
කෝකියා
කෘතිම රස දමා හොඳ පැහෙන හොද්දට කදිම
දහඩියත් පෙරන් පොඩි කුස්සියේ ඇඳ සරම
සොච්චමට මාසයක් දුම් ගොඩේ විඳ කරුම
උඹත් බං කෝකියෙක් නොදැන උන්නට පදම
සුදු හාලේ බතට යන පරිප්පුව හොදි පිරෙන
බැදපු ලුණු රහට එන මිරිස් කරලත් රැදෙන
සීයේ බත් එක බුදින සුවහසක් දන වඳින
කෝකියා උඹයි රෑ.... සීතලේ බිම නිදන
උදෑසන දවල් රෑ වේල් තුන වස කවන
උන් තමයි මහත්තයෝ වරද කරු මම නොවෙන
වහසි බස් දොඩයි දන ඉස්පිතාලේ ලගින
උඹේ වස බතේ රස දොස්තරලා කොහේ දකින
දහඩියත් පෙරන් පොඩි කුස්සියේ ඇඳ සරම
සොච්චමට මාසයක් දුම් ගොඩේ විඳ කරුම
උඹත් බං කෝකියෙක් නොදැන උන්නට පදම
සුදු හාලේ බතට යන පරිප්පුව හොදි පිරෙන
බැදපු ලුණු රහට එන මිරිස් කරලත් රැදෙන
සීයේ බත් එක බුදින සුවහසක් දන වඳින
කෝකියා උඹයි රෑ.... සීතලේ බිම නිදන
උදෑසන දවල් රෑ වේල් තුන වස කවන
උන් තමයි මහත්තයෝ වරද කරු මම නොවෙන
වහසි බස් දොඩයි දන ඉස්පිතාලේ ලගින
උඹේ වස බතේ රස දොස්තරලා කොහේ දකින
කහ ඉර
යන්න යනවිට පාර පැන ගෙන උදෑසන කඩිමුඩියේ, මං
විසිල් ගහගෙන කාකි මහතෙක් ආවා දුවගෙන කෑ, ගහන්
කොහේද බොල තො ඔහේ යන්නේ කහ ඉරක් පෙනුනද අසන්
පැනපි මගේ ඔළු, වටම උදයම, වාහනත් නවතන් බලන්
බැලුව වටපිට නැහැනේ කහ ඉර, පනින්නට පෙර මම ඉදන්
කීවා කස කස ඔළුව වන වන, මමත් හෙමිහිට බිම බලන්
යකෝ නීතිය, පාර පැනුමට කහ ඉරෙන් උඹ දැන ගනින්
වරෙන් හනිකට දඩය දෙන්නට පාරේ මුල්ලට අඬගහන්
අනේ බුදු සර් වැඩට යන්නේ උදෑසන කලබලේ, මං
බැරිද අදවත් සමාවන්නට අදින තුරු කහ ඉර, හිටන්
තොපිත් වද දෙන හැටිත් අපහට කියා සීයක්, ඌ අරන්
මමත් නැග්ගා කොටන බසයට කහ ඉරක් පාරේ බලන්

Thursday, June 25, 2015
වනලිය
ඝන අඳුර රජ කරන මිනිස් පුළුටක් නැතී
ඈ මටම අතවනයි මෙහේ වරෙන් නුඹ සකී
පිනි බින්දූ තැවරිච්ච තණ පිඩලි මත වැටී
මීදුමේ ගැල්වෙන්න, කොළඹ ඉඳලම හතී
සොබාදම මතු කරපු වන වඳුලේ ගැටි ගැටී
යමං හිත නවතන්න සැබෑ දැහැනක වැදී
මුවම සිඹ සනසන්න මිහිරි දිය වැල් ඇතී
වරෙන් අදවත් මෙහෙට අතවනයි නොනැවතී
ඉස්සරත් ප්‍රිය කෙරුවේ හරිත පැහැ රටාවට
ඒ නිසයි හිත බැඳුනේ නිබඳ තුරු ලතාවට
ගෙන එන්න බැරි උනත් අරන් මයේ දිහාවට
හිත කියයි යමු යන්න ඇගේ ගල් ගුහාවට
ඈ මටම අතවනයි මෙහේ වරෙන් නුඹ සකී
පිනි බින්දූ තැවරිච්ච තණ පිඩලි මත වැටී
මීදුමේ ගැල්වෙන්න, කොළඹ ඉඳලම හතී
සොබාදම මතු කරපු වන වඳුලේ ගැටි ගැටී
යමං හිත නවතන්න සැබෑ දැහැනක වැදී
මුවම සිඹ සනසන්න මිහිරි දිය වැල් ඇතී
වරෙන් අදවත් මෙහෙට අතවනයි නොනැවතී
ඉස්සරත් ප්‍රිය කෙරුවේ හරිත පැහැ රටාවට
ඒ නිසයි හිත බැඳුනේ නිබඳ තුරු ලතාවට
ගෙන එන්න බැරි උනත් අරන් මයේ දිහාවට
හිත කියයි යමු යන්න ඇගේ ගල් ගුහාවට
Monday, June 22, 2015
කෙටිම කතාව
හෙමින් හමා අපු හුළං පොදකින් දඟ කරපු ඇගේ කෙස් රොද මගේ මුහුනට වැදි මගේ නින්ද කඩාකප්පල් කරා, එක පාරක් නම් කමක් නෑ දෙපරක් තුන් පාරක්ම. ඉවසුවා ඇති, එක්කො මේ කෙල්ලෝ කොන්ඩේ බැඳගෙන එන්න ඔනේ නැත් නම් කපලා දාන්න ඔනේ.... අදට වසර තුනකට පමන කලින් බස් රියේ සිදු වූ සිදුවීම හෙමින් මතකයට ආවේ ඇගේ උරහිස ගාවට කොට කරපු කොන්ඩය හෙමින් පිරිමදිද්දී, අපරාදේ ලස්සනට දිගට තිබ්බ කොන්ඩේ.
පාළුව
නුඹත් හිටියා නම්,
වෙළි මා ලඟ අත්ල අල්ලා
යවන්නට තිබුනා
හිතේ පාළුව සයුරේ හංගා
නුඹත් නැති හින්දා,
කෙලෙස මැඩලනු හිතේ සංකා
නුඹත් හිටියා නම්,
නොවේ මට, මේ වගේ නංගා
වෙළි මා ලඟ අත්ල අල්ලා
යවන්නට තිබුනා
හිතේ පාළුව සයුරේ හංගා
නුඹත් නැති හින්දා,
කෙලෙස මැඩලනු හිතේ සංකා
නුඹත් හිටියා නම්,
නොවේ මට, මේ වගේ නංගා
Thursday, June 18, 2015
කාලය
තත්පර, මිනිත්තුත්, පැය කටු තරඟයට
වට වට දුවයි ඉවසීමක් නැති ලෙසට
උන්ගේ සද්දේ ඇසිලා මගේ හදවතට
විදිහක් හිතයි නවතනු කෙලෙසක රවට
බලහන් මිතුර දිග කැත ඔය උඹේ හැටී
තරඟෙට දුවයි හරි හරියට උඹට හතී
පැය කටු කොටයි, හෙමිහිට යන්නේ නැළවී
කිම පව් ගෙවන්නේ උඹ ඔය, හිතන් සකී
අසලා මගේ බස් හෙමිහිට ඌත් ඉතින්
රවටනු පිනිස පැය කට්ටත් වහසි බසින්
දුවපන් මචං උඹ මහතයි කියා පෙමින්
පැය කටු දුවයි දැන්, තත්පර කටුව ලෙසින්
වට වට දුවයි ඉවසීමක් නැති ලෙසට
උන්ගේ සද්දේ ඇසිලා මගේ හදවතට
විදිහක් හිතයි නවතනු කෙලෙසක රවට
බලහන් මිතුර දිග කැත ඔය උඹේ හැටී
තරඟෙට දුවයි හරි හරියට උඹට හතී
පැය කටු කොටයි, හෙමිහිට යන්නේ නැළවී
කිම පව් ගෙවන්නේ උඹ ඔය, හිතන් සකී
අසලා මගේ බස් හෙමිහිට ඌත් ඉතින්
රවටනු පිනිස පැය කට්ටත් වහසි බසින්
දුවපන් මචං උඹ මහතයි කියා පෙමින්
පැය කටු දුවයි දැන්, තත්පර කටුව ලෙසින්
Monday, June 15, 2015
Monday, June 1, 2015
උඹට
බොරළු කැට, ලී පියන් මත වැටි නඟන හඬ
සිත පෙලයි, යලි යලිත් නුඹට නෑසුනත්, අද
හඬන මව, පියා සොහොයුරුත්, ඉකි ගසන කල
අපි හිඳිමු ගල් ගැසි උඹේ මතකයන් මැද
පෙර දවස, එකට පාසල් ගියපු වාරයද
කට්ටි පැන උඹ එක්ක ඔහේ ගිය කාලයද
සිල්බරන් කොටන් උඩ, දිය වෙච්ච දහඩියද
නැවත යලි එන්නේ නෑ, මතක නම් කෙතරම්ද
යමි යන්න හැරදමා උඹේ, උඹ නැති සිරුර
යළි එන්න මීවිතක් රැගෙන යම් මතු දවස
හීනියට සෙට් වෙලා අපේ උන් ටික එක්ක
දුක එක්ක කලතන්න සිනහා මතකෙට නතුව
සිත පෙලයි, යලි යලිත් නුඹට නෑසුනත්, අද
හඬන මව, පියා සොහොයුරුත්, ඉකි ගසන කල
අපි හිඳිමු ගල් ගැසි උඹේ මතකයන් මැද
පෙර දවස, එකට පාසල් ගියපු වාරයද
කට්ටි පැන උඹ එක්ක ඔහේ ගිය කාලයද
සිල්බරන් කොටන් උඩ, දිය වෙච්ච දහඩියද
නැවත යලි එන්නේ නෑ, මතක නම් කෙතරම්ද
යමි යන්න හැරදමා උඹේ, උඹ නැති සිරුර
යළි එන්න මීවිතක් රැගෙන යම් මතු දවස
හීනියට සෙට් වෙලා අපේ උන් ටික එක්ක
දුක එක්ක කලතන්න සිනහා මතකෙට නතුව
Subscribe to:
Posts (Atom)