Sunday, June 29, 2014

(නුඹේ) කම්මුල්

සිසලස නුඹේ.. මතකය හද කිතිකවන
ලාවට වගේ ඇඳුනා නිල් නෙතු නයන
පාවෙන මතක පොදියක මා ගැට ගැහූන
එනවද නඟේ මාවෙත හවසක පරන

පායන හිරුට රහසින් මුදු වලා යට
කියවෙන කතා නෑසෙන්නට ලතාවට
නුඹ මුමුනමින් මාවෙත පෙම් කතා වට
හිත ඉකිබිඳි විඳගන්නට වරක් හෙට

විසිරුන පියලි පෙණ එකිනෙක වෙරළේ හැපී
වාගේ නුඹත් හිනහෙන කොට සතුට පිරී
කම්මුල් අසල ගැසෙනා වක වලක වැටී
මා හට හැකිය විඳගන්නට  දිවියේ සිරී....

Sunday, June 22, 2014

පාළු සිත

නුඹට හරි ආදරෙන්
කියමි මම සිරුවෙන්
නැති කලට පාළු සිත වාවන්නේ නෑ

කඳුළු බිඳු සිරුවෙන්
බිම වැටි පාළුවෙන්
නැති කලට නුඹේ සිනහ වේලෙන්නෙ නෑ

නුඹේ පෙමට කෑදරෙන්
සිත හරිම අසහනෙන්
නැති විටදී නුඹ සිහිනේ, නින්ද යන් නෑ

ආ විටදි සිරුවෙන්
ලඟ තියන් ආදරෙන්
සිප ගනිමි සිනහ මුව, යන්න දෙන් නෑ

Friday, June 20, 2014

අමනයෙක්මි

අදම හෙටම අප රජ වෙන
ඉතිහාසේ නම බබළන
මමත් පොරකි වෙබ් පිටු මැද
පසු කළකදි නම කියවෙන

ගනින් ආගමත් හනිකට
යමවු කොටව්, අමනයින්ව
බුදු දහමට වින කරවන
එවුන් මරව් දුටු දුටු තැන

මම කියමින් මේ විලසට
රැක ගන්නට බුදු යහගුණ
හිතෙන් හිතෙයි මේ විලසට
රැකුනද පන්සිල් පද තුන

දුවයි මසිත හැම අතටම
කවදද  රැකුනේ සිල් ගුණ
මතකද පන්සල් ගිය දින
මල් පොකුරක් අතින් රැගෙන

මම කා ඇත බුදු දහමම
රැක නැත මම එහි ගුණයම
අමනයෙක්මි ගහපිය මට
රැක ගත්තේ නැත බුදු බණ.......

Monday, June 16, 2014

සත්තූ

කපා ලේ විලක්,
එකම පාටට රතුව දිලෙනා

බලන් හිස් මොලෙන්,
කෑගසා බොරුවටම රඟනා

තොපත් මනු සතෙක්,
හුස්ම අරගෙන ලොවෙහි සරනා

නැහැනේ අයිතියක්,
කාටවත් අනතුරක් කරනා

Friday, June 13, 2014

මල

මල සිප ගනු පරිස්සමෙන්
නටුව සපිරි විස කටුවෙන්
ගත්තත් නුඹ හිමින් සැරෙන්
පාරයි හද විස කටුවෙන්

මල් වල පෙති, හරිම සෙමින්
බලයි ආදරෙන්, හොරෙහින්
රොන් අමරස පරදවමින්
එන්න කියයි හිත සතුටෙන්

රොන් ගන්නට දී මැනවින්
විස කටු මලකට අදරින්
විසත් අඹර රොන් සමගින්,
විඳවන්නට දෙයි හොදවින්

Wednesday, June 4, 2014

පරයන්

පෙර දවසකදී, නැගිටින්නේ
පොරකාලා
දුටු විගසකට, බැරි ඇත්තන්
හට දීලා
රට යන කලද ඉගෙනිමද
වැරදීලා
අම්මේ එන්න කීවෙමි මම,
හඬ ගාලා

ගැහැණුන් බලයි වෙන කවුරුද නැගිටීන්නේ
දුක මට මෙයයි පිරිමින් නැහැ ඉඩ දෙන්නේ
පාසල් ළමුන් දැන් කාලේ පරයන් නේ
අපි පොඩි කාලේ ඉඩ දෙන එක ගැම්මක්නේ

Tuesday, June 3, 2014

බැඳිම්

බැඳිම් එක එක, බිඳ දමා ඈතකට
යන්නට සිතයි මට, දුර ඈත කැළෑවට

හෙටක් ගැන හිත බරක්
ලොවෙත් නැති වැඩ ගොඩක්
හීන පිරි ලොකයක්
කුමට මේවා, දුරයි නිවනක්

ලද සතුට සියුමැළී
එන විටදී දුක බැඳී
යන විටදී අපි මැරී
පලක් වෙද අපි, බැඳපු රන් පොදී

Sunday, June 1, 2014

මම (නුඹ)

දවස් හයකම පුටුවේ හිඳගෙන
ඉතුරු ඉරු දින ගෙදර නිදියන
සතුට කිම යනු අරුත සොයමින
තවම ලතවෙන තරුණයෙකි මම

තවම නොහැඟෙ ජිවිතය ගැන
කෙලෙස වම් මම සතුටු උතුරන
කුමක් කරනුද තවම නොමදැන
තරුණයැයි සිතනා කෙනෙකි මම

මදක් දහඩිය හෙලන්නට බැරි
එලිය දහවල සරන්නට බැරි
පන්සලක් පල්ලියක් දන් නැති
අපේ පරපුරේ එකෙකි කම් නැතී

Thursday, May 29, 2014

නුඹ "රුක", කෝ අද?

අතු පතර තුල තිබ්බ මදහස   
ඇඳේ හිත අග තාම මතකෙක  
විසල් නුඹ දුන් මහඟු සෙනෙහස  
ණය ගැතියි හදබිංදු දහඩිය  
  
නැගූ කඳුළැල් බිම වැටි නුඹ  
මවා පෙන්වයි නුඹේ හිස් කඳ  
අදත් දහඩිය සොයයි නුඹෙ සුව  
නැහැනේ මදනළ නුඹෙ අතු අග  
  
හිරුත් තරහින් කොපයෙන් මද  
විසුරුවාලයි ඔහුගෙ අනසක  
අනේ අසරන මිනිස් "සත්කැල  
කූඩු තනවයි කිසිත් නොම සිත   ......  :  මීට කුරුල්ලෙක්

Monday, May 19, 2014

නුඹ වදයක්

හිතට හරිම නුඹ වදයක්
ඉවස ගන්න බැරි තරමක්
කියා ගන්න බෑ මට නම්
මතක් වෙන තරම්.. , නුඹ හිතට එන තරම්

එහේ බැලුවත්, මෙහේ බැලුවත්
මම යන එන කොහෙදි උනත්
හිමින් සැරේ මටත් හොරා
හිත සොයන තරම්.. , හිත මගේ පාළුද මෙතරම්

ආදරයක මා පටලා,
දුරු රටකට පා තබලා
මගේ හිත නුඹ තනි කරලා
දෙන වදේ තරම්.. , නුඹ මතක් වෙන තරම් 

Wednesday, April 23, 2014

මල්ලියේ

"මාතූ පාදම්" මතකේ නැතිවද
බාල කාලේ කෙරුව පාඩම්
නැතොත් ඇගපත උස්මහත් වී
හිතට ආවද සිහින් මදි කම්
නුඹට කිරි දුන් අම්මා තවමත්
පෙරට වැඩියෙන් සෙනෙහේ දාරන්
දන නැමෙන්නේ නැතිද මල්ලියේ
දෙපා අභියස නැතිව මල්දම්

"පීතූ පාදම්" කියා මතකද
පෙර කලෙක නින්දට පෙරින්
පියා වයසට ගිහින් හින්ද ද
ඔබෙන් වෙනසක් මේලෙසින්
නුඹව අරගෙන එදා මතකද
හුරතල්, කරා හරි සෙනෙහසින්
වැඳල බලපන් අදත් පායුග
කියයි "මගේ පුතු", ආදරෙන්

Sunday, April 20, 2014

ඉරිසියාව

ආදරය, සමගිය, ඉරිසියාවෙන් තොරව
කොහෙද ලොව ආලයක් රැකී කෙදිනක මෙතුව
එබැවීන්ම මගේ පන ඉරිසියාවෙන් යුතුව
කියමි නුඹ හරි කැතයි ගවුම් ඇන්දම මතුව

තරුණ හිත අසරනයි දුටු විටදි මල් කොමළ
රාගයක් නොව වැහෙන්නේ ආලයක් සරල
දුන්හිඳම පරදවයි සැලෙන විට නුඹ වරල
නුඹට හරි යන්නේ නම් කොට කොන්ඩේ දිග අඟල

දෙපා හරි පියකරුයි දුටුවාම හිත පිරේ
හිතෙන් විඳ සොඳුරු බව මේසේ පවසමි තොසේ
අර බලන් කඩ පිලේ අරුම මොසම් ඇතේ
එන්න අරගෙන දෙන්න තවරන්න නිය දිගේ

Sunday, April 13, 2014

හුරු කම


මනමාළ සඳවතිය 
සැඟවුනේ කොහිද නුඹ
ඉඟි බිඟි පපා පෙර
මැව්ව සියොලඟ සිහින මතකද ?

හද මා පාළුවෙන් 
මිරිකුනා භීතියෙන්
නැති නිසා දකින්නට
පෙර පරිදී ආදරෙන්

දහස් ගව් දුර මැන, 
දුකින් පෙලෙනා හදත් අරගෙන
එනු කෙලෙස කිව මැන
බෝ දුරයි නුඹ, ලඟට පෙනුනට

දුර අහස් ගැබ ගැන,
නුබේ ඔය හුරු කම 
පොළවේ මේ වසමින
සිටින මට නෑ, හිතට බිය දෙන

Tuesday, April 8, 2014

කළුවළා

අර බලන් කළුවළා ඇදී එන අපූරුව
එකිනෙකා සමගියෙන් එකට එයි යුහුසුළුව
අකුණු බාධා කරත් අතර මඟ අපමනව
සැලෙන්නේ උන් නොවෙයි හඬා වැටුනත් සුළුව

සැඩ සුළං අපමනයි උන්ට බාධා ගොඩයි
එක්වන්න මුමුණන්න අපට මෙන් ඉඩ නොමැයි
හිරුද වෛයිරයෙන් පෙලෙයි, එහෙත් මුන් බිය නොවෙයි
දහවලද එකමුතුව විටින් විට පෙල ගැසෙයි

යනෙන මඟ අතර තුර සතුටු කඳුලෙන් තෙමයි
විටක මහ හඬ දිදී දුක තුනී කර හඬයි
කළුවළා කළු නිසා සියළු සතුනද බියයි
එනමුදුත්.. තැලෙන මුන්, හිතින් හරි අසරණයි

Friday, February 21, 2014

නුදුන්නත්

නුදුන්නත් මල් පොකුරු අරගෙන - මිල වැඩිම, පසු දිනක මැලවෙන
නුදුන්නත් නෙක රසකැවිලි මන - පාට කඩදැහි අතර දැවටෙන
කියන් මගේ පන, මගේ ආලය - ඉදන් දුරු රට මටම පෙම දෙන
මැනිය හැකිදෝ සිතෙහි ආලය - ගැහෙන හදවත පුරා නළියන

දිනක් නෑ මට මපෙම පිදුමට - නුඹත් ලඟ නෑ, හිත සිඹින්නට
නුඹත් දන්නෑ දැනෙන පාළුව - මතක දැහැනේ සිත ගිලුන විට
දුරක හිටියත් තනිවෙලා නුඹ - හදක් ඇත මඟ බලා කල් සිට
හිත පුරා ඇති ආලයේන් සොඳ - පිහිනන්න හැක අවොතින් හෙට

Friday, January 31, 2014

මේ මම මගේද

සිවිලිම, හතර බිත්තිය, උඩ බල්බ් එක
කැරකුන දවස අමතක උන ෆෑන් එක
ළෑලී පුටුව සහ මේසය, මට මතක
නැහැ සෙල උනේ කවදාවත් ජනෙල් ටික

අවා, ගැලෙව්වා, දැමුවා හැමදාම
සති අන්තයේ සොදන තුරු සැම ඇඳුම
බැලු බැලූ තැනක, කිසිවක් නෑ ටයිල් බිම
බිම සැප කොහොම, ඇඳකට කවදත් උරුම

නැහැනේ දකින්නේ, හිරු මම දහවලට
රෑ සඳ තාම පායනවද, පෝ දාට
කණාමැදිරි වඳ වෙලාද මේ ටිකට
මේ මම මගේද, නැතිනම් අයිතිය ලැපට ?

කොත්තූ, ෆ්‍රයිඩ් නූඩූල්ස් නම් එපා වෙලා
ප්ලෙන් ආප්පෙත් ටික ටික පිළුනූ වෙලා
ගිය වංගියක ගමරට, කුක් මතක් වෙලා
බතක්  ඔතන් විත් දෙනවා සිනාසිලා

Tuesday, January 28, 2014

සපූ

මගේ හිත සපු, නුඹ දන්නේ නැති
හැඩුව තත්පර මට මතක නැති
නෙතින් කඳුළැලි නොවැටුනත් නිති
හදේ ගැඹුරුම තැනක නුඹ වෙති

වෙරළ, වැලි කැට පාළුවෙන් ඇති
පෙණ පිඬුද හරි දුකෙන් වෙන්නැති
නුඹේ දෙපතුල සිපගන්න නිති
මගේ හද මෙන් බලන්, උන් ඇති

Tuesday, January 14, 2014

ආප්පද, කොත්තුද?

අද කන්නේ මොනවද?
ආප්පද, කොත්තුද?
තීරණ දෙකක් මැද,
දෝලනය වේ.... මගේ තනි, හද.

එකසිය අසූවද?
දොළහෙන්ම හතරක්ද?
පැහැදිලිව ඇසූ සඳ,
එකපයින් කී මට.... ආප්පම තමයි, සොඳ

Sunday, January 12, 2014

නුඹේ නෙතූ තුල

හමා එන මඳ සුළඟ අබියස
දඟකරන කෙහෙරැල්ල සිත සිඹ
විඩාපත් බව නිමන මොහොතක
බලා ඉන්නම් ගලන ගඟ දෙස

වැටෙන දා බිඳු මිලින කරමින
තුරුල් වැසි පොද සමඟ නැහැවෙන
එවන් සතුටක් කොහිද ලොව වෙන
එලෙස වෙයි නුඹේ සුවඳ මට දෙන

සැඳැ අඳුරක ඈත ක්ෂිතිජය
දැවෙන හිරු කිමිදෙනා විලසට
හැර දමන්නම් සියළු මතකය
ගිලෙන මොහොතක, නුඹේ නෙතූ තුල

Thursday, December 12, 2013

හඬ පොඩක් අහගන්ට

කිම නොලැබුනේ අත්තටු, මට ඉගිලෙන්ට
රිසි සැම විටක ඇය හමුවට පියඹන්ට
කළ පව කිමද තනියම හද විඳවන්ට
අත්තටු බිඳපු ලෙස මේලෙස හැසිරෙන්ට

ඈ නෙත් දුරයි, එනමුදු රිසි දැක ගන්ට
දුරකින් ඉදන් හරි ආසයි නරඹන්ට
හිනෙන් උනත් කම් නෑ මට කොඳුරන්ට
ආසයි නුඹේ හඬ පොඩක් අහගන්ට

Wednesday, December 11, 2013

සිහින කුළුගන්වන

හඟවන ... සිත, හඟවන...
රුසිරූ පෙම මට දෙන..
නවනින.... සිත,  නවතින ..
වසනු නුඹ කොයිබද...

සනසන ... සිත, සනසන...
මියුරූ නාදය මන..
පවසනු.... සිත, පවසනූ..... මට,
කොයිද ඈ තුන් යම..

මවන හසරැල්, නෙතඟ නිළුපුල්
සිහින් බඳ නළවන...
සිසිලසයි නුඹ, සඳවතිය දෙන
සියුම් රැස් පරදන .....

පසවනූ... සිත, පසවනූ.. මැන,
සොයා මුළු සිහිනෙම...
කොයිද ඈ අද,
හෙටත් ඒවිද,
සිහින කුළුගන්වන

Monday, November 25, 2013

ටිකිරි ලියා

සඳළුතලේ නුඹ රුව රඳවා
මා ඇස පිනනා, නුඹ ටිකිරි ලියා

ඔමරි ලතා බොරු පාන සිනා
එපා ඔන්න මට ඇසක් වසා

සුළඟ වගේ ගත ලඟට වෙලා
ඉන්න බැරිද දහඩිය නිවනා

කියා දෙන්න නුඹ ගෙතූ කතා
පෙර පරිදී, නෙක සිහින මවා

වට පුළුලුකුලයි නැළවෙන නිතඹයි
සිහිවෙන තරමට සිත පුබුදයි
නුඹ සිරියාවයි, මගේ ටිකිරි ලියයි
දම් හැන්දැවක, මට බහ දෙනවැයි ?

මගේ සිත.... මට දෙන්න...

අවසරයි... මට යන්න
ඔය හදෙන්... ගැලවෙන්න
ආදරෙන්... දිවයන්න
අවසරයි... මට යන්න

එදා මෙදා නුඹත් එක්ක ...
කියූ කතා....
මතක් වෙලා සිතත් ඩිංගක්..
මිලින වෙලා....
රනින් බැන්ද බාලේ පෙම ...
පළුදු වෙලා...
මගේ සිතත්, වෙනත් ළඳකට....
ගොදුරු වෙලා...

අවසරයි... මට යන්න
ඔය හදෙන්... ගැලවෙන්න
ආදරෙන්... පැනයන්න
අවසරයි... මට යන්න

වන පෙත අද්දර....  කුඹුර පුරා..
දිව ගිය සෙනහස.... මකා දමා...
යන එන මං පෙත....  සුවඳ හමා..
විසිරුනු මඳ නළ.... නැතිව ගියා ..

මගේ සිත....
මට දෙන්න..
ආලය... මරවන්න...
හෙට මා... නොදකින්න..
මගේ පෙම... වෙත, මට යන්න..
අනේ මගේ.., සිත.... මට දෙන්න .....


අවසරයි... මට යන්න ....

Sunday, November 24, 2013

අවසරයි මට යන්න

විඩාපත් දෙනූවනම නිමා සනසා ලන්න
වැට රොස මලක් මෙන් නුඹේ සිනා මට දෙන්න
කළු වලා බිඳ දමා ලොවම මගේ සරසන්න
නුඹ එපා සඳ කුමරි ලොවට බිය වී ඉන්න

යනේන මඟ සිහින් නළ අත මවෙත පමූණන්න
නෙළුම් විල හංස කැල මෙන් කිරෙන් ජය ගන්න
වන පෙතෙක වසන මුව ලෙසින් කන් යොමවන්න
කුරිරු ලොකයකි අද, එපා නුඹ රැවටෙන්න

ඉතින් කාලය නිමයි අවසරයි මට යන්න
නුඹයි මගේ ජීවයම හිතට මේය අරගන්න
මම නැතත් මගේ මතක හා ඔවදනුත් ඔන්න
මගේ චූටි දූ කුමරි හෙට ලොවම වැජබෙන්න

Friday, October 25, 2013

බොඩිම

කන්නේ රෑ බතයි එක හොද්දට උයපූ
බොන්නේ බොර දිය යි රජයෙන් සුදු කරපූ
එන්නේ රෑ වෙලයි උදයම අපි ගියපූ
අම්මේ දුක් බරයි බොඩිමේ අපි ඉඳපූ

එක කුස උපන් සහචරයෝ නොවුනාට
මුන් මගේ පන සමයි සැම විට බැන්නාට
නෙක නෙක වලි ගොඩයි මුන් ටික උන්දාට
පාළුව නැති සැඩයි ලොව දුක් වින්දාට

නැහැ නොව නින්ද යන්නේ දැන් ඇඳක මට
කොට්ටෙක හුරුව හා බුහුටුව නැත හිසට
උදේ තේක මොට දෙයියන්නේ මේ අපිට
බැරිවට නෙවේ...., බාලයි කිරිපිටි මෙරට

කලින් පාර එකෙක් ගියා මැරී කරලා
එකා දෙකා යන්නට යයි හෙට පැනලා
පාළුව වහන බොඩිම තුල මම රැඳිලා
කොහොමද ඉන්නේ කියපන් මට, සපූන්තිලා

Sunday, October 20, 2013

කුණු කය














ගැස්සන ඉස්සෙන ලැම පිනි වැස්සක
කෙලෙසුන් බැඳුනා මදු මල් ඉත්තක
පාවෙන දුම් වැටි මවනා රැල්ලක
නැළවෙන ලිය නුඹ එල්ලී පොල්ලක

දකිනා විඳිනා රුව නුඹේ තත්පර
සැනසුම බැඳුනා මොහොතක් අද්දර
කුණු කය දිරනා මේ ලොව විස්තර
අමතක බැව් දැනූනා මට, මත්බර

සිඟිති මුවක සුව සිනා බලන්නට
මා දුව හා මොහොතක් එක් වෙන්නට
කාලය නැත ලොව, වැඩ එතරම් මට.....
කොයි යනවද සිත, වර නැළවෙන්නට


Saturday, October 19, 2013

නැද්ද ?

පිච්ච මල් සුවඳ
නුඹේ ඔය වතට
මට වහන් වෙන්න
දිනක් එන් නැද්ද ?

සිනා මල් වඩන
නීල නෙතු බැල්ම
ලඟින් සැනසෙන්න
මට පිනක් නැත්ද ?

රෝස පෙති මැදින්
සුවය දෙව් ලොවින්
දෙතොලේ පාවෙන්න
මට ඉඩක් නැද්ද ?

Friday, October 11, 2013

නුඹ... මගේ පන.. ආ...ලය...


ලොව සනසන ගිනිදැල් අහුරක.  සුව සොයමින්…. මා ලොව අහිමිව.
එක දවසක, මතකය පොදි බැඳ . ලොවට හොරෙන් ගිනිදැල් පීරන……

නුඹ.... මගේ පන…  ආ...ලය...//

ආ....ත්මයක. හමුවී. නොසැලි .අපි පෙමින් බැඳුන. කාලය සිහිවී .
නතර වෙමුද. තව එක මොහොතක්, අතිතයේ... පෙම් සුව විදුමට.........

නුඹ.... මගේ පන… ආලය....//

මටම උරුම. එක මගේ ලොවක. කාලය පරදා….. මට තනිවන්නට.
නුඹ එනවද?. ගිනි දැල් අතරින්. අතීතයේ…. පෙම් සුවඳ රැගෙන……

නුඹ.... මගේ පන… ආලය....
රාගය.... තිට... දැනුනිද...
නුඹ.... මගේ පන… ආලය....
තාලය.... තිට.... මතකද ......

මට නුඹ, සුව  විඳ, රස කර .....
ලැබුනට. ආලය…. සස රක......

මනබන්දනයේ ප්‍රති මුර්තියක, සරලව..
නුඹ වේ.. කැටයමමා, සිත බැන්දුව, මනු දුව……


නුඹ.... මගේ පන… ආ...ලය.....
මට.... නුඹ…. මගේ…. ලෝකය…..
නුඹ.... මගේ පන… ආලය//

Tuesday, October 1, 2013

තරුණ විය

බලනු අර ඇඳි රටා මහ සයුරු සිත්තරා
වැලි කෙලින පොඩි මුහුණු ආලොකමත් කරා
සියුමැලිය පෙණ නුරා, වෙති මතක සිත දරා
පෙර දාක විඳි සුවය පෙණ පිඩළි බිඳු මරා

බරක් ඇත සිත දරා, ලොවම වියපත් වෙලා
පෙර තිබුණු මතක මං, අද කැළෑවට වෙලා
විදින තුරු යලි බලා හිඳිමි මම ගොළු වෙලා
ලබන සැම උදෑසන මොකට ජීවත් වෙලා

තරුණ විය පසූ වෙලා, නැහැ ඇඟට පන උරා
ජිවිතය විදින්නට, බැහැ කකුල් බර දරා
අරන් යන තුරු මෙමා සිටිමි හිත දුක වරා
රෝද පුටු වල රෝද, මගේ ලෝකයේ සරා

Sunday, September 22, 2013

ගෙන්දගම් පොළවට

අර බලන් සඳ  ඈත දිලෙනා සිඟිති තරුවක හැඩ
නුඹ දිහා බල බලා හොරහින් රඟන නර්තන ගොඩ
නුඹත් නිකමට නොදෑක්කා සේ දමන නෙක නෙක වැඩ
අනේ මන්දා නුඹත් සඳවත කෙල්ලො වගේමයි සැඩ

ආ වළාවන් තුරුළු කරගෙන හැංගිලා උන්නට
උනුත් ගිය පසු නුඹේ නිරුවත, පෙනයි ලොකයා හට
ලන්ඳ පිරි මැඳ බැන්ඳ සෙනෙහස මන්ද අමතක තිට
වරෙන් හනිකට නුඹට හරියන, ගෙන්දගම් පොළවට