Thursday, October 30, 2014

"Hangover"

කැරකේ සිත බඹර මතින්
තවමත් වෙදනා දෙමින්
සිහිවේ ලැබු පෙම නුඹගෙන්
විඳ මත් වුන හැටි මොහොතින්

පෙර දිනයක සතුටු වෙමින්
ලද මතකය තවම සොදින්
ලාවට හිත කරකවමින්
එපා කියයි පෙම් මී පැන්

Wednesday, October 29, 2014

රෝගාතූර පෙම්වතිය

ගෙන නුඹේ මුදූ අත
මතකයි තවම, පෙර කල
ඇවිද ගිය මතකය
කෙලෙස අමතක කරන්, මම නුඹ

නෑදෑ, හිත මිතුරු කැළ
කීවත්, යන්න හැර නුඹ
කියන් මට හදවත
කෙලෙස ඉන්නද නැතිව, මගේ පන

ජීවිතේ මාවතේ
නුඹ ඉන්න කාලයේ
යමි නොහැර, අත නුඹේ
ලගින් හිඳ වෙමි සවිය, නුඹේ ලොවේ

Tuesday, October 28, 2014

මන (මනස)

සිහින සුදු කළු අතර තෙරපෙන
හුදකලා වූ, ලොවක ගැවසෙන
නුඹේන්, ලං වී අසමි සෙමිහින
කොහිද නුඹ සිත, විටක රැවටුන

කළු වළාවන් අතර ගැවසුන
රිදී ඉර මම, එළිය විහිදුන
මිනිස් විස දුම් වැදී වියකුන
සිතකි අද මම, ලොවේහි තනිඋන

කෙලෙස වලකනු හිනා පොදි, එන
උඹේ ජිවිත කතා, දැනගෙන
නැගී හිටහන් ගසා කුණු, ඝන
වසන්නට තැත් කරන කල, දන

වෙයන් සවියක් ඇති තැනට, හෙන
දියන් හෙවනක් නැති තැනට, දැන
ගනින් සිනහව බලෙන් නොව, දෙන
දිලෙයි නැවතත් නුඹේ ඔය, මන

Thursday, October 16, 2014

පාට කණ්ණාඩි

පාට කණ්ණාඩි ලොකයක,
ඔයයි මමයි
පිලිවෙත් හොයන යාමයක,
රටයි  දැයයි
බිනර මල් පිපෙන මාසයක,
සිතයි කයයි
දෙකම හංගාන සමුගනිමි,
නුඹට සුබයි 

Wednesday, October 15, 2014

එකියක් (මමත්)

විඳි පෙම් සුවය, නුඹ හා මම, පෙර කලක
සිහියට නැගෙයි, පාසල් පෙම, හිටි හැටිය
සමු දුන් නමුදු ආගම මුල් කර, ගෙදර
නුඹටම කියමි, මේ දුක මම, විඳි ගැහැට

හිටියත් මගේ සොහොයුරු ඒ කල, නමට
දුන් දස වදය නිදහස අහුරා, මේමට
මව් අසරනයි මම මෙන් එදවස, එමට
කිල පව කිමද දෙවියනි, කිව, මම නුඹට

නැහැ නිදහසක් එලියට මට, බසින්නට
මගේ යහලුවන් හා සමගිව, සිටින්නට
එකත් කමක් නෑ, ආගම, රකින්නට
පැතුවේ ඔබේ..  සතුටයි මම, විටින් විට

අම්මත් යටයි බැඳ යදමින්, ආගමකින්
පිය සෙනහසත් යට කරමින්, කල පවකින්
පාවා දුන්නේ මා තිරිසන් ගති, බෙහෙවින්
ඇති මිනි,සෙකුට, නැති හදවත, තෙත් බවෙකින්

කොහොමද කියන්, මම ආලය කරන්නේ
අත්සන් කරත්, මම හිත් ඇති කෙනෙක් නේ
හවසට ඇවිත් මගේ සියුමැලි ගත, කන්නේ
ඉවසනු කොහොම අම්මේ.. මම, නැත දන්නේ

කෙරුවත් දමා දහිරිය, දිවි ගෙවන්නට
මිනිහා දන්නේ නෑ, ආලය කරන්නට
බැන්ඳත් ඔනේ, මට, අතවර කරන්නට
ඌගේ, ගැහැණු ගොඩ එකියක් කරන්නට

දෙමසයි බිලිඳු මගේ කුසයට, ඌ දිපූ
එක දවසක් නැත, ආලෙන් මා, ඇමතූ
පල නෑ පුතේ.. මේ ලෝකෙට, නුඹ ආපූ
ඇබ්බැහි උනා මා, කුඩු මගේ, ලොව සැනසූ


Tuesday, October 14, 2014

දියුනුව

උදයට ට්‍රැෆික්, කම් නෑ දියුනුව, එන්නේ
කිය කිය මාස ගානක්, බසයේ යන්නේ
බැලුවම තවම මුල් තැනමයි, හදවන්නේ
පුදුමය එකම තැන, මොනවද කරවන්නේ

යද්දී රෑ වෙලා මම එක දවසක්, දා
මුන ගැසුනා නේ, වැඩ කරනා අයෙක්, ඒදා
අයියේ මොකද වැඩ ටික දැන්, වෙන්නේ මෙදා
ඇහුවා කුකුස නැති වෙන්නට, හිතත් හදා

පාරත් කඩනවා, තාරත් යලිත් දමා
අයෙත් මිම්ම වැරදුන විට, කඩයි මෙමා
අපිටත් කුලිය හම්බෙනවනේ, ටිකයි පමා
උඹලද බොන්න දෙන්නේ මට, අහයි සිමා

වලවල් ගොඩ දමා ඒවා, යලි හාරයි
පාරත් කඩ කඩා තාරත්, එහි ගාවයි
දුවිලි මාරයා මෙහේ දැන්, සරු සාරයි
රින්ගා ඇගට ටික ටික මගේ, සෙම කාරයි

ක්ලියෝපැට්ට්‍රා

නිල නොවු ආලයේ, පිරමීඩ පාමුලේ
කරපු පෙම සිහි වේවි, වැලි පිරුන සාගරේ
ඔටු ලකුණු මාවතේ, අපි ගියපු කාලයේ
මතක කඳු, යාවේවි, ඉර බසින යාමයේ

ඉමක් නැති සාගරේ, වගේ.. අප ආදරේ 
මතක ඇත තවම මට, රජ පුරුෂ, මාළිගේ
වැට කඩුළු රැක සිටිය, නොවනතින, ආදරේ
නුඹයි අද රැජින රට, කිම කඩුලු, මාවතේ

Sunday, October 12, 2014

කළු ඇදුම

දුටුවම සිනා කැටි කර පොඩි, දුව රඟන
නිදහස් බවේ අර්ථය, නුඹ නොම දන්න
විදපන් දුවේ දිවියේ කඩ-ඉම, ඉන්න
තව ටික දොහයි කළු ඇදුමක, සිර කරන

දුටුවම දුකයි මටනම්, තේරෙන්නේ නැති
මේ ගිනි අව්වේ ඇවිදින්නේත්, සොවින් අපි
මට තේරෙන්..නේ, නැති දෙවල්, ගොඩක් ඇති
පෙර රජ දවස, ඔය නිදහස තියෙන්, ඇති

හොබවා නුවන මතු දවසක දැන කරුණූ
වෙනසක් වෙන්න නුඹටත් නිදහස දැනුනූ
බිහි වේවා නැණ ගුණයෙන් ඔප දැමුනූ
මහ තැන් පෙලක්, නිදහස ගෙන එන, තුරුණූ

පිං කෙතක්

දළ ඇතුන් නිබඳ සරනා
පිං කෙතක් අපිට තිබුනා
තව දොහක් යන්න කලිනා
වෙන එකෙක් කියනු, පෙනුනා

සුපිරිසිදු සුලඟ හමනා
මහා කැළැ අපට තිබුනා
උල්පතින් වතුර විදිනා
කාලයක් මෙහෙත් තිබුනා

ෆිල්ටර් ජලය නැති
බිය නැතිව හුස්මගති
තවම මට මතක ඇති
තවත් මතුවට, එවන් දෑ නැති


ප.ලි


වරෙන් මගේ, පුත
බලන් අර දෙස, 
ඉගිලෙන සමනළ්ලු,
ලස්සන හරිත වන, මැද...,
පෙනෙන අපූ..රුව, පුළුල් තිරයට.


Thursday, October 9, 2014

නුඹ හා, මම

නැතිදා, නුඹ
දිව යයි, හද
එක හවසක,
අතීතයට.

නුඹ හා, මම
අතිනත ගෙන,
නො ඉඳ, ගෙවුනු, ඒ...,
සොඳුරු මොහොත.

Monday, October 6, 2014

මැරියන්

එක එක මනාපය හිඟමන් යැද කදිම
ඇදවූ කොන්ද දික් කරගෙන දිනුවාම 
ගෙන පුස් බලය ඔලුවට කෑ ගැසුවාම
එලි වෙයි නේද නිරුවත් කම, උඹේ ඔහොම

ප්‍රයිවට් වලට යන්නේ බිම උලාගෙන
රජයේ කොල්ලො ටික හිඳි, දිය පලාගෙන
උඹලත් බොලන්, දිපන් කැට, කඩාගෙන
එතකොට ඒවී මුන්, නගුටය, වනාගෙන

නිදහස් අකුරු කෙරුවාවක, අවසාන
බලමින් ඉන්න ඔනෑ නම් මුන්, ගෙනෙන
ප්‍රයිවට් කරපු සිසුවකු වන මම, කියන
මැරියන් නොදි ඡන්දය මුන්, මතු දිනන

Saturday, October 4, 2014

"මතක මං පෙත",

වසර ගනනක්, හිතේ රැන්දූ
මතක එක එක, අරන් එල්ලූ
"මතක මං පෙත", නමින් සැරසු
මතක වෙන්දේ...සියකි, ලන්දූ

එන්න පසු පස, එකිනෙකා ගේ
ගන්න මතකය, තෝරා, නුඹගේ
නැහැනේ මන් නම්, අය කරන්නේ
අරන් පලයන් මතක, රිසි සේ

දවස් ගානක්, පරන මතකයි
මාස අවුරුදු, ගෙවුනු මතකයි
මෙවා ඔනෑ, නැතිම මතකයි
අරන් යනු මැන, තවම මතකයි....

රෝස දෙකොපුල්

රෝස දෙකොපුල් සමග කම්මුල්
රැගෙන යයි මා, සිතම නොඉදුල්
සැලෙන විට නුඹේ, දෑස නිලුපුල්
කියන් කවුරුද, නුඹද, කඩුපුල්

නෙරිය වට මගේ අත එතෙන්නයි
ලඟට ගෙන කවි බස් කියන්නයි
බැරි උනත් නුඹ ලඟට එන්නයි
සිත මගේ ඔය දෙතොල් අගමයි

කතර මැද දියක් පොදක් වන්මැයි
ගනදුරට පෑ, සඳත් නුඹ මැයි
කියනු කෙලෙසක මගේ වන්නැයි
දුර කතර ගෙව ලඟට  එන්නැයි

Wednesday, October 1, 2014

අරමුණක් නැති

අරමුණක් නැති පෙලක් ජීවිත
ඔහේ පාවෙනු දැක මගේ සිත
මගෙන් විමසයි පලක් වෙවිද
අරමුණක් නැති කලදි දිවියට

උඹට කිව්වට මගේ පොඩි හිත
ටිකක් හිතපන්, රැවටිලා උඹ
සිතා හිටියත් අරමුණක් නුඹ
මිලින වී ගොස්, ඇතිය මුල් ටික

එසේ පවසනු එපා නුඹ මට
තවම දළුලයි, එහිත් ඉඳ හිට
වෙනත් අරමුණු පලක් නෑ මට
බලන් ඉමි ඵල දරන තුරු මම

අනේ පලයන් මොඩ මගේ හිත
තවම හැදිලා නෑ, නොවෙද උඹ
වැඩක් නෑ උඹ බලන් හිටියට
වෙනත් අරමුණු ගනින් අද සිට

සීතලයි අද

වැටෙන සීතල වතුර බිඳු මට
මවා පෙන්වයි රතු දෙතොල් පට
හැකිද මොහොතක් දැවටෙන්න කට
ඇසුනු කොඳුරනු බිඳු වතුර මට

කවුළු වල පොර බදන සිහිළැල්
සුළං ගෙනෙනා මතක නිකැළැල්
උනුසුමට ලය හොවා නෙතුවැල්
ඉන්න පොරකයි සිහින් සිතුවැල්

මවා රුව සිත අහස් කුස තුල
රටාවට වැටෙනා  සිහින් පොද
මකා දමවයි සෙමින් ඔය රුව
බැරිද දිව එනු, සීතලයි අද

එන තුරා..

බලා සිට, එන තුරා මඟ තොට
දෑස කකියයි නුඹ නිසා...

කුසට අහරක් වතුර උගුරක්
තවම නෑ, කිම නුඹ පමා...

වෙලා පසු වී නැගෙන දුහුවිලි
කඳන් තැවෙරෙයි, ගත පුරා...

සිතත් විමසයි, තවම ලතවෙයි
බලා සිටි නුඹ, එන තුරා.......

Tuesday, September 30, 2014

ඒකල

ඒකල මගේ, ප්‍රිය සොඳුර,
බලන් නුඹ හැරි, පසුපස
පේන දුර අතීතය,
අරන් මුල සිට, හමුවු දා සිට...

ඇවිද ගිය, තණ පිඩළි,
පසු කරපු, දිය කඩිති,
බලන්, අර බිම වැතිරී,
ගලන ගඟ තව, වේය සුමිහිරි...

රතු පාට මල් ගවුම,
සුදු පාට සඳ මුහුන,
කරයි, කරදර තවම,
සතුට මයේ සිත, නැතිවු දා සිට.....


Monday, September 29, 2014

සැතපෙනවාද ?

ගෙත්තම් කල රෑක
සිත්තම් කල දෑස
වත්තම් ගත ගාව
එන්නද එක දාක

නැත්තම් රතූ පාට
කම් නෑ නුඹ මුවට
ගෙන උනුසුම හදට
දෙන්නම් මම පාට

ගනිමින් තරු අහස
තරු නොපිපුන රෑක
මගේ උරහිස ගාව
නුඹ සැතපෙනවාද ...

Friday, September 26, 2014

යදම්

කිමද මේ වෙනසක්
නුඹත් වේවිද මිනිසෙක්
යදම් දා දවසක්
නොවේ හිඳ බල, නුඹත් වරුවක්

පෙරදින දවස මා
උන්නේ මවුගේ තුරුලේ මා
නුඹම, ඇය බිම දමා
අරන් ආ, මා යදම් දම්මා


Thursday, September 25, 2014

නිදහස

සතුටුයි පුත, සතුටුයි මට
හිනා පාන නුඹ දැක අද
නිදහස, උපරිමට විඳින
නෑදෑ සෙනෙහසද දන්න

එන්න තවත් හිනා වෙන්න
මා බලලා සතුටු වෙන්න
නැහැ ඵල, මගේ දිවියට වෙන
මේ වීදුරු ලොවේ වසන

පාට කරපු කඳු බලන්න
නොසැලෙන දිය පොද විඳින්න
පින් කර ඇති මම පොඩි පුත
නුඹව මෙලෙස හිනස්සන්න

Tuesday, September 23, 2014

"කැන්සර්"

"කැන්සර්", හොඳ වෙන්න මම පාරට බහින
හොදැවින් පිරෙන්නට අද කෙල්ලන් සිටින
යන්නට ඔනා උත්තම මේ පා ගමන
ජොලියක් ගන්න පොඩ්ඩක් බී, උදෑසන

නෙක නෙක අක්කලා, කෑ මොර ගසා ගෙන
උත්තම බයිලා කිය කිය පාරේ නටන
අනේ මේ පිනෙන්, පිළිකාවෙහි දුක නැසෙන
පතමි එලස වන්, ටැබකුත් දමාගෙන

අරමුණ හොඳයි නෑ දොස, මම පවසන්නේ
කැත යන හැටියි මුන් නෑ, දුක හදුනන්නේ
නෙක අරමුණුයි, එන උන් වෙන, ෆන් ගන්නේ
දිය, ලේ බිඳක්, අරමුණ හොඳ මිනිසුන්නේ

ලයිසම

පැතුවේ.. එකම පැතුමයි
රජකම නම්, නොවමැයි
ලාවට කන්න ගමමයි
එයත් දුන්නේ නෑ.. ලැබුනේ දුකමයි

ගෙයින් ගෙට ගොස්, හැමවිට
මනාපද මට, ඇසු විට
කිවේ උන් එක ලෙසට
මනාපයි අයියන්ඩි, උඹහට

ලෝකයම අනිත්‍යයි
ඡන්ද පොල නම් තිත්තයි
මට ගැහුව උන් එමටයි
නමුත්, ගණනින් හතර පහමයි

දුකක් දැනුනත්, හිතට
යමි යලි, තැබෑරුමට
කල මගේ.. සේවයට
දෙන්න ලයිසම, අනාගතයට.


ප.ලී (රහසින්)

බලගෙන මම ඉද්දි
ඇවිත් ගමේ, කළු මල්ලී
මාරු කර දැමු, පෙට්ටී
ගිහින් එන්නම්, කීවේ හිනැහී....

Monday, September 22, 2014

අනන්තය

සිහින් නුඹේ, අත් යුග
සෙමින් මම අරගෙන
ඇවිද යමි හෙට දින,
පෙනෙන, නොපෙනෙන, අනන්තය වෙත

සෙමින් හද තෙරපන
නුඹේ නිල්, නෙතු යුග
දුටු විලස මගේ.. හද
නටති හරි කදිමට, වේග රිද්මෙට තබා පා යුග..

පිනි බිඳුව

ඔබ පිනි බිඳුවකි, 
සිසිලස ගෙනදෙන
එලියට දිදුලන,
රස්නෙට පැනයන

අගයක්, ඇති මුත්
මොහොතක් පවතින
රසයක් නැති මුත්
දෙතොලම සනසන

ඔබ පිනි බිඳුවකි,
සැනසුම ගෙන දෙන
එනමුත් සැනෙකින්
නොපෙනි සැඟවෙන

Thursday, September 18, 2014

බං

කතා කරන දෑස් වලට
පාට කරපු කෙහේ රැල්ලට
ආල වඩන කතා බහට
කෙලෙස, කොහොම සමු දෙන්නද

තත්පරයක් තනි වෙන්නට
හීන් හඩින් හින හෙන්නට
යලි ආසයි හමුවන්නට
හෙටත් මෙලෙස නුඹ එනවද.... බං.

Tuesday, September 16, 2014

තරුවක්

රතුම පාටට, චූටී තරුවක්, දිලී... තිබුනා තරු, වනේ...
අරුමයකි ලොව, මෙහෙම තරුවක්, දැකල නෑ... මම කිසි දිනේ...
රතට ලොබ කම්, කල බැවින් සිත, බලා.. සිටියා... පා.. සෙනේ...
ගොඩනැගිලි උඩ, දිලෙන පහනකි, නැගෙද්දී... හිරු, වැටහුනේ...

නිදි වරා... රැය, බලා... සිටි පැය, ගණන් කර, මම දුක් උනේ...
කුමට දුක් වෙනු, හොදවෙලාවට, උදෑසන හිරු පැමිනුනේ...
සිතින් සිතුවට, රැයේ නිදිමත, හද පෙලයි, තාමත් අනේ...
ගිය නින්ද බෑ..., යලිත් ගන්නට, යලිත්, නොම කරහන්, සෙනේ...

සොරෙක්

උසස් මනසක් ඇති,
සිරුරෙන් මිනිස් හැඩ ඇති,
තියුනු ආකල්ප ඇති,
සොරෙක් වෙති නුඹ, මිනිස් ගති ඇති..

පෙනුනට ලස්සනට,
හිනහුනත් නුඹ, සැම හට
කිමද පල නුඹ හට,
මගේ දිවියම සොරා ගත් විට...

මගෙත් එක වරදකි,
දුටුවම හිතුනි, ලඳකි
තිබුනේ... එකම සිතකි,
අඟුල් හැර දා කලේ, පවකි....

Thursday, September 11, 2014

පොළවේ පය ගහන උන්

නුඹෙන් ලද උණුහුමෙන්, පන්නරෙන්, ආදරෙන්
වදමි මම දරු පොකුරු ගෙන යන්න රට කෙලින්
ඇගෙන් ලැබු සෙනහසින්, යුතුකමෙන්, දහිරියෙන්
හදමි මම, වදපු, උන් කොඳු කෙලින් සිටින මෙන්

පන්සලෙන් පාසලෙන් ලැබූ... ගුරුහරු සොදින්
දෙමිය තොරන්ට මම, උන්ට රිසි වන ලෙසින්
නැතිව කර උන් කූ...ඩූ, වදින්නට පා බිමින්
යන්න මම ඉඩ දෙමිය, හොඳ නරක දැන මොලෙන්

වදින්නට පය පොළව නොදමවා පාවහන්
නටා මා දූ...විල්ල, මඩ පිරුණු පය වහන්  
දනී අද එහි අගය, නොවී ලෙඩ දුක් විහින්
බිහි කරමු මතු දැයට, පොළවේ පය ගහන උන්

Monday, September 8, 2014

හෙට

පිං නැති ජිවිත අව්වට වේලෙන
යන එන මහ මඟ, බොරුවෙන් රජ වෙන
අපිත් නොදැක්කා සේ මෙහි ගැවසෙන
වෙනසක් කල යුතු වෙයි අප, හෙට දින

අම්මා තාත්තා අමුවෙන් විකුනන
මව් පිය, දූදරු ගෙදරම කෙලෙසන
සෙල්ලම් තුවක්කු ගෙන අප වනසන
පිහි එමටයි කඩු ලෙස අද හැඩවෙන

කල යුතු වෙනසක් අත්වැල් බැඳගෙන
අප රට ගති ගුන සැම, අප රැකගෙන
තරුණ ජවය ඔනෑ හෙට රජ වෙන
පිටු දැකුමට ජඩයන් රට කෙලවන

කාපට් හදවත

"හෆ්ෆා පාරේ තියෙන වලවල් ගොඩ මේ මගුල කවදා හදල ඉවරවෙයිද දන්නේ නෑ... "

අද ඒ පාරේම මාස ගානකට පස්සේ යද්දී මගේම වචන පෙල මගේ මතකයට ආවා. ඔයා නිසා දැන හැදින ගත්ත ඒ වලවල් තිබ්බ චාටර් පාර, අද නම් ෆුල් කාර්පට් කරලා. ඒත් ඔයා...., පාරේ වලවල් වැහුනට, ලස්සනට කාර්පට් කරල තිබ්බ අපේ හිත් දැන් ඇවිදින්නවත් බැරි තරමට වලවල් වලින් පිරිලා... කාලයක් යද්දි මේ පාර වගේම හිතේ වලවලුත් වැහිල යයි, එත් තාමත් මම ඒ අතීතයට ප්‍රේම කරනවා.

අදත් මම පානදුරේ පහු කරද්දි උදේට කාලා හිටියේ නෑ, එදා වගේම. හැබයි එදා නවත්තපු කඩේ මට අද බයික් එක නවතන්න හිතුනේ නෑ, සෙනඟ වැඩි හින්දා නෙවේ මතක වැඩි හින්දා. හරිම සුලු කරුණු ජිවිතයට බලපෑම් කරන හැටි හරිම පුදුමයි, ආකර්ෂනියයි. වෙලාවකට ඒගැන හිතද්දිත් මහා මොඩ හැඟිමක් නේද කියල හිතෙන්වා, හරියට කළුතර බොධියට ඔයා පඬුරු දාපු කෑටේ නැතිව වෙන කැටයක් ලඟ නවත්තලා ඒ දිහා බලගෙන කැටයකට පඬුරු දානව වගේ දෙයක්. මම ලඟදි කොහෙ හරි දැක්කා පළමු ආදරය නෙවේ අමතක කරන්න්න බැරි, හිතට දැනූනුම ආදරය කියලා. ඒත් අපි දෙදෙනෙක්, ඔයගෙත් මමගෙත් මේ පලවෙනිම ආදරය නෙවේ. ඒත් මම හිතුවා මගේ නම් හිතට දැනිච්චම ආදරය කියලා... ඒත් සමහර විට ඒක ඉස්සරහට වෙනස් වෙයි. මේ කතාව කියන්න හෙතු වුනේ විරහව නෙවේ.. විරහවේ සුන්දරත්වයයි. මම වි හැඟිමට ප්‍රේම කරනවා, මොකද විදවනවාට වඩා එක ලෙසි හින්දා.....

ඔබත් කා නිසාවත් ජිවිතය විඳවන්න එපා.. ජීවිතය විදින්න උත්සහා කරන්න. ආදරයක් කියන්නේ ශක්තියක්, අපි ආදරය කරන්වා කියන්නේ ඒ ශක්තිය විශ්වයට මුදාහරිනවා කියන එකයි. නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව ඒක කවදා හරි ඔයාට ලැබෙවී. මම ඔය පන්ඩිත කතාව කීවේ මට මතක හැටියට ගොඩක් කාලෙකට කලින් කාගේ හරි හිත හදන්න.

මේක මගේ හොඳම යාලුවගේ කතාව පමනක් නොවෙන්න පුලුවන්, තවත් බොහෝ අයට මේ කතාවම තියෙන්න පුලුවන්, එත් උගේ තාමත් හිතේ තියෙන්න මේ ආදරය, මගේ ඇඟට අරගෙන මම මෙහෙම ලියනවා...

නුඹ මා මැණික ආදර රන් තොටිල්ලේ
සතපා රකිමි නා රජු මෙන් ඉවසිල්ලේ
වැළපෙන කඳුළු හංඟා මගේ නෙත් පත්ලේ
දුක නොම දෙම්ය මගේ පන වැනි සුදු කෙල්ලේ

ආලය වැඩි හදවත තුල නොම දාරයි
ඉස්සර වගේ නෙවේ කඳුළැලි දඟ කාරයි
හදවත මලක පෙත්තක් මෙන් මෘදු කොමලයි
පොඩ්ඩක් හෙලෙව්වත් හනිකට හිත පෑරෙයි

ඉල්ලනු බැරිය මා ලඟටම එන්න කියා
මවපු සිහින, ඉටු කරගෙන ඉන්න ඔයා
ඉන් පසු ඉඩක් ලැබුනොත්, මගේ මැණික සුදා
එනු මැන ලඟට, මඟ බලමින් ඉන්නේ මෙමා


නිමි. (බොරු කොලම්)