Saturday, April 14, 2012

පතමි දිවිය සරු වන්නයි

කෙලෙස ගොතනු පද රිසිනා - රුවට නුඹෙ සොද දිලෙනා
ගොතන විටදි පද අමුණා - බයයි මසිත දඟ කරනා

රන් අබරනු පළඳන්නයි - නුඹෙ සියොලග සිපගන්නයි
අත ගෙන ඔහෙ ඇවිදින්නයි - සිත ලොභ වෙද මටම බයයි

මද පවනයි මන බැල්මයි - මුදු කෙලියයි හරිම දගයි
කෝමලයයි සිරියාවයි - හද පිනවයි මා සනසයි

නොලියුනු කවි නොලියන්නයි - නුඹෙ ලෝකය නොකඩන්නයි
මට දුර ලොව නොපෙනෙන්නයි - පතමි දිවිය සරු වන්නයි

No comments:

Post a Comment