Monday, April 2, 2012

පතා ඉන්නෙමි සිහිනයෙන් මම්

දරා නෙතු අග සතුටු කදුලක්
මවාගෙන නුඹේ සුරත මොහොතක්
දරා ගන්නට නොහැකි වුවත්
පතා ඉන්නෙමි සිහිනයෙන් මම්

සරා සඳ මට අහිමි වුවත්
සිතුම් පොදි කදු වැටි තනයි නම්
සිහින මවමින් සතුටු වෙන්නම්
මගෙ කුමරිය නුඹ නොවෙ නම්

රටාවට බැදි සිහින වන්නම්
කලාවට නැති මවන සිත්තම්
සිතින් සිතමින් දිවි ගෙවන්නම්
නුඹේ දිවියේම මල් පිපේ නම්

No comments:

Post a Comment