Sunday, August 4, 2013

අඳුරු හදවත

ඈත දවසක
සොඳුරු ඉවුරක
නැඟෙන පෙම් රැළි... දෙස බලා...
මාත් දන්නැති
මගේ සිත තුල
නුඹත් ඉන්නැති..... සැඟවිලා....

පාට මල් ගොමු
අතර සැනසෙන
මියුරු ගීයක..... පද වෙලා...
නුඹත් ඉන්නැති
සැඳැ අඳුරක
මා සමඟ..... අතිනත් වෙලා...

රහස් මුමුණන
පළාගැටි කැළ
කිම මෙලෙස අද..... ගොළු වෙලා....
මාත් තනියම
අඳුරු හදවත
සමඟ කුටියක.... තනි වෙලා....

No comments:

Post a Comment