Sunday, August 18, 2013

කිරිල්ලියේ

ඈත පේන දෙදුණු වල
පාට දුරින් හිඳ බලන්න
සීත සොඳුරු හවස් වරුව
මා එක්කම ගත කරන්න
ප්‍රේමණිය හැන්දැවක
වළාකුලක හැඩ බලන්න
නුඹ එන්නවද කිරිල්ලියේ
මගේ උණුහුමේ ඉම සොයන්න

දුරින් ඉන්න බෑ දැන්නම්
හිත හඩනවා මේ බලන්න
හඳ තනියම කල් ගෙවනවා
තරු ටික නෑ අද පෙනෙන්න
අඳුරු වළාකුලක් ඇවිත්
තනි උන හඳ හංග ගන්න
කිරිල්ලියේ නුඹ එන්නවද
මේ අඳුරෙන් මා මුදන්න

No comments:

Post a Comment