Wednesday, August 21, 2013

සඳවතී

නොම හඬන් නුඹ සඳවතී
මා පෙලයි නුඹේ කඳුලැළී
තරු ගෙනත් දෙන්නද ඒබී
මිමිණුවේ මං රහසෙනී

ලංව ඉන්නට සිතු සැටී
තාම මතකයි බාලෙදී
නැත දුරක් මට හද රැඳී
අඹරේ උන්නත් නුඹ ඇඳී

වළාවන් නැහැ හිත බැඳි
කලේ නොමනා කම් සැදී
අඳුරු වී ලොව උන් රැඳී,
උඩු සුළං මා මිතුරෙකී

No comments:

Post a Comment