Monday, April 27, 2015

දෙනුවන

මහද අරගත් නීල දෙනුවන
හිතම සැරසූ ඒ සොඳුරු මන
හමුවෙතැයි මා මඟ බලාගෙන
ඉදිමි ගැහෙනා හිතත් අරගෙන

කෙලෙස පිළිගනු හද සලිත වන
ගෙන යමිය මල් රෝස ප්‍රිය දෙන,
කුමට මල් දෙනු රෑට මියැදෙන
පෙම පුදමි දිවි තුරා පවතින

No comments:

Post a Comment