Tuesday, April 21, 2015

වර

වර වර ලඟට ඉක්මන් කර සුදු මැණික
ඉවසුම් නැතේයි දකිනා තුරු නෙතු හනික
අරගෙන නුඹේ මුදු අත, මල වැනි මෙලෙක
යන්නට බලයි මඟ, හදවත මතු දිනෙක

අබලන් මගේ හදවත ගෙන සෙවිළි කර
පිසදා හොදින් කුණු දුහුවිළි පවෙන් බර
ගත්තට තවම ණය ගැති මම ලොවට සුර
ණය පියවන්න ඉඩ දෙනු මට, ළඟට වර

No comments:

Post a Comment