Monday, March 24, 2025

Awakening to the Truth: The Matrix, Godhood, and Nirvana



Recently, I came to a profound realization about the nature of reality.

The material world we experience is part of a vast matrix, a structured system designed to obscure the deeper truths of existence. Within this system, the universe itself is built. Human life, bound by cultural norms and societal rules, operates within a limited framework—one that conceals other dimensions of reality.

Humans are born with five senses, allowing them to navigate the third dimension. However, those who activate their sixth sense gain access to the fourth dimension—an intuitive realm often described as the "gut feeling." This awakening marks an evolution beyond ordinary human existence, a step toward becoming an elite being, or even a god. These beings live among us, yet they abide by different rules, shaping reality through their awareness and intent.

The key distinction is trust. Awakened beings are authentic; they trust themselves, trust others, and live fully in the present moment. This trust grants them the ability to attract whatever they desire, as they understand that they are the creators of their own reality.

The Two Paths After Awakening

Once someone attains this understanding—this awakening—they face a choice. There are two main paths:

1. The Path of Godhood:

One can embrace the universe fully, mastering an area of life and pushing its limits. With awareness that there are no true boundaries, an individual can ascend beyond human limitations, achieving mastery in one or multiple domains. The highest level is to become a god among gods. But are these gods simply powerful beings within the matrix, or are they part of something even greater?


2. The Path of Nirvana:

The harder road is the pursuit of complete liberation—an escape from the cycle of existence itself. Throughout history, 28 Buddhas have walked this path, yet the cycle continues. If Nirvana is the end, why has the matrix persisted? Has something gone wrong? If the system was designed to dissolve, why has it remained intact? Does the awakened one seek to discover a new way—a path beyond Nirvana—to finally close the matrix? This is the ultimate challenge, requiring immense confidence and resolve.


The Nature of the Universe and Energy

Everything is vibration. The solidity of rocks, the movement of air, even the void of space—all are forms of energy vibrating at different frequencies. Energy cannot be destroyed, only transformed, meaning that all energy from the beginning of time still exists within this matrix.

When a being comes into existence—such as a human—they accumulate energy. If they fail to reach enlightenment, they simply return to the cycle as energy, awaiting another form. However, an enlightened being retains memory of past lives and can consciously choose their next form—whether to be reborn as a human, a tree, or something else entirely.

The Cycle of Creation and Awakening

If all things eventually merge back into one, exiting the matrix entirely, then existence resets to nothingness. Over time, scattered energy begins to coalesce, evolving into life once more. This suggests that cycles are inevitable, and perhaps even necessary.

Looking at the world today, we see a shift—more people are awakening. Love transcends race and gender, and consciousness is expanding. Social media accelerates this, spreading knowledge and insights. Those who invest energy into enlightenment continue to rise, guided by unseen forces.

The Role of Guardian Beings

Some enlightened beings choose to remain as part of the fabric of reality, guiding others on their path. These are the ones we call guardian angels or spirit guides. They seek to bring more awakened souls into their fold, helping them progress toward higher understanding.

Gods, Worship, and the Power of Belief

Becoming a god in the human world requires time—because time governs human existence. When an enlightened being chooses to become a god, their actions appear miraculous. Over generations, people forget that they were once human and begin to worship them. Worship, in turn, generates energy.

A true god welcomes worship, as it strengthens their ability to shape reality. Yet even gods can become trapped in cycles of power and desire. This is why the cycle never ends.

Ego plays a crucial role—becoming a god requires supreme confidence, yet unchecked ego can lead to distortion. The balance between power and humility is key.

Thursday, October 20, 2022

Prefect mix



















Sweet full lips and dark brown eyes
perfect mix to calm my sigh 

Silky long hair and light bright smile
prefect mix to calm my mind

Soft smooth touch and brisk warm clutch
prefect mix to calm my ride(life)

Sunday, July 31, 2022

ජීවිත












ජීවිත ජීවිත රස නැති ජීවිත
හැල්මේ දුවනා අට-පහ ජීවිත
නිදි නැති සුව නැති විඳවන ජීවිත
හවසට ඕනම පදමට මීවිත

ගමි ගමි තව ගමි එය තොග සීමිත
කෙතෙරම් ගත්තත් මදි වෙන ජීවිත
මගේ මගේ මා මාගේ ලොබ බැඳි ජීවිත
කෙළවර නොවෙනා ලෞකික ජීවිත

Saturday, May 7, 2022

දෙදහස් එකසිය විසි දෙකේ (2122) සිට ලියමි













බැලු බැලු අත, සළුපිළි ඇඳ, හිනහෙන දන බලනු මිතුර
මුදු රළ පෙල, සුදු වැළිතල, පා සලකුණු පිරුණු වෙරළ
අපේ පොළව, අපේ කැලය, අපිට උරුම මේ පිං බිම
සරු සාරයි, කොළ පාටයි, විඳින් පවන් පොදක අරුම

හරි සුමුදුයි, හරි මිහිරියි, යන එන මිනිසුන් හමුවන
හරි සිතුටුයි, හිත පොපියයි, ලෝකෙ උතුම් මගෙ මවු බිම
හිත බරවෙයි, යලි සිහිවෙයි, දැක නැති මුත් හොරු ගෝ ගම
සිනා පිරුනු, කළබල නැති, ධනවත් මන පෑ පෙළහර

#GoGotaHome #SriLanakaDeservesBetter

Monday, January 17, 2022

කැටේ














සතේ සතේ එකතු කරලා, රහසේ කැටයකට දමලා
ගන්න හිතපු සියලුම දේ, ගනන් ගිහින් දැන්
එහා ගමේ රත්නේ අයියා, පංසලේ කැට කඩපු විමලා
එක්ක රට හදන්න ගිහින්, ගොඩ ගිහින්ලු බන්

ඉන්ෆේලේෂන් අදාල නැති
ෆ්‍රස්ට්‍රේෂන් දන්නේත් නැති
සුදුවා පෙරපු රත්නේ වගේ, ගොඩයන්නට නම්
සතෙන් සතේ එකතු කරන්, දගලන්නට එපා මචං
රට හදන්න එකතු වෙයන්, අනාගෙතේ රං

Monday, March 8, 2021

ඉල්ලුම, සැපයුම


පණ ඇති සතුන් නොමරමි මම, අණ   නොදෙමී
මල් ගෙන ගොසින් ඉඳහිට සමිදුට             පුදමි
මරණා නිසා මස් ගෙන මම රස                බුදිමී
පව් අර සතා පොයට නිදහස්                   කරමී

ඉල්ලුම නිසයි සැපයුම බව නොම        දන්නේ
විදිනා අපා දුක කමකට නැහැ             ගන්නේ
මොහොතක රසට උන් කූඩුවෙ  පොරකන්නේ
පොඩ්ඩක් නැවතිලා හිතහන්         මිනිසුන්නේ

Wednesday, August 29, 2018

දෙවුදත්ගේ පාපෝච්චාරණය

වසර දෙදහස් පන්සියක් වුව, තවම මගේ නම කිළුටු හින්දා
බුදුරදුන් හැර, කිසිම මිනිසෙක්, සමාවක් මට නොදුන් හින්දා
ඇසූ පලියට, කතා පෙර කල, මගේ හිත උඹ නොදත් හන්දා
කියමි මෙලෙසට, නොකී මගෙ දුක, උඹත් අහගෙන ඉන්න හින්දා

මගේ නැඟනිය දීග යන විට දැනෙන දුක හදවතින්  වින්දා
හිත කැමත්තක් නොතිබුණත් ලොකු, පවුල් පසුබිම එදත් දින්නා
කමක් නෑ උඹ, ඉඳින් සතුටෙන්, හිසත් අතගා. නළල ඉම්බා
"මස්සිනේ මැය පණ සමයි මගේ, අදින් බාරයි උඹට නංගා"

තවම මතකයි කුස දරාගෙන, මාස ගණනක් හීන මැව්වා
පුංචි පුතුගේ අතින් අල්ලන්, ඔහුත් සමගින් ගමන් යැව්වා.
රජෙක් මා පුතු, රජෙක් මා පුතු, පියා වැනිමයි නිතර කීවා
මාස නවයෙම සතුට අළුකර අළුයමම ඈ කඳුළු සැලුවා

ලෝකයා ගේ කතා නම් මට, වැඩක් නෑ, මට වැඩක් නෑ
මගේ පොඩ්ඩිගේ කඳුළු තරමට වෙන මුකුත් මට වටින් නෑ
අනාථයි ඇගේ ජීවිතේ ප්‍රිය, අඬන බිලිඳුන් නිදන් නෑ
හිතක් නැති තිරිසනෙක් උඹ මට, මස්සිනේ උඹ තියන් නෑ.....

එයයි ඇරඹුම, මගේ මෙහෙයුමෙ පළිගැනිමට දියත් වූ
ඉතුරු ටික නම් දන්නවා ඇති, ලෝකෙටම මහ පවක් වූ
එදා අසරණ මගේ හිත දැක, තිලෝගුරු මට පිහිට වූ
බැරිවෙලාත් "බුදු" නොවුන නම්, මාද  විරුවෙකි උසස් වූ

ප.ලි. සෑම කතාවකටම පැති 360(+) ක් ඇත

Wednesday, March 28, 2018

අප්පච්චි











මිනිසා:
කිරි මව නුඹයි අපහට ලේ කිරි කරවූ
තිරිසන් වුවත් මනුසත් කම හිත රැඳවූ
උදයම දොවා ලොවටම කිරි රස බෙදවූ
පරසත් මරා කති රහකට හිත ලොබවූ

කිරි මව:
අම්මප මුන්ට අමු කැවිලද, පනිති මල
මගේ තනපුඩුව ගෙන එබුවද, කියපි බොල
කිරිකැටි පුතුට එරු කිරි ගෙන, නෙලා පල
වර පරහැත්ත නළවන්නට, කපා වල

අසා සිටි කුකුලෙක්:
උදයම නැගිටලා හිරු  පිබිදී එද්දී
කොක් හඬලලා මම උඹලව ඇහැරද්දී
රස කර කරා කෑවත් උඹ KFC
ඈ අම්ම නම්, මම උඹලගේ අප්පච්චි

ප.ලි
සියලු සත්වයන්ටම වේදනාව දැනෙති, එය හරකාට වැඩියෙන්වත්, කුකුළාට අඩුවෙන්වත්, හාල්මැස්සාට නොදැනෙන්නේවත් කියා වෙනස් වන්නේ නැත. අපි සත්ව හිංසාව පිටු දකිමු. Go Vegan

Tuesday, March 27, 2018

උපාසක මහනාම













මුදු වදන්, සිත් සතන්, සනසන්න ඇහැකි වූ
අමාමහ නිවන්මඟ සොයන්, ලොව පහලවූ
ධර්මයක්, නීති මැද නොම ගොතා සිත නිවූ
නුඹ කවුද සොයනවා, දරන් මහ ගිණි සිළු

සම හරක්, පොල් ගසා ගොඩ යන්න තනන කල
අනිත් උන් භක්තියෙන්, අන්ධ වී පුදති ඵල
එපා කී ගිය බැවින්, දමා නුඹ සඳළුතල
අද මෙහේ හදනවා පින් පතා, අන්න බල

රට වටා පිරිත්, බණ දමා ඇති හින්දාම
හොල්මනුත් නෑ උනුත් ගොසින් දෙව්ලොව, කාම
තේරුමත් නොදන්නා උපාසක, මහනාම
"සාදු" "සාදූ" කියයි, කල්ප ගණනක් තාම

Tuesday, December 26, 2017

මියදෙන සිත්තම්










නම අගට වරහන්
දාගෙන නටති විගඩන්
කුමටද උගත් කම්
නැතිනම් හිතේ වත්කම්

පොඩි පැටව් දනගහන්, පාඩම්
කර, කියති ලියති පහේ නාඩම්
පොල්පිති හරක් වගේ, උන්ව දක්කන්
සෙල්ලම්,  කරන දෙමාපියෝ බලහන්

උන්ට අයිතිත් නැති, උනුන්වත් දන්නේ නැති
අකාලෙට මියදෙන සිත්තම් - කවදා කරන්නද දඟ කම්
හෙන පතයි උන්, තේරුනා නම්

ගලපා හොඳට යවහන්
කියනෙමි පහල කවියෙන්
වෙනසක් කරන අටියෙන්
සිතුවිළි සරල අකුරෙන්
-----------------------------
ඉපදුන විලස සේරම ලේ, පිටට ගෙන
කලතා, ජාති, ආගම්, කුල, බේද, ඝන
පදමට අනා, රීෆිල් කර, ළදරු මන
දුම් ගස ගසා, මුල සිට අපි, හදති හෙණ

ඡන්ද රැප්


"වාවන්, හද පාරන්
මම හිටියේ, එනකල්ම වාරන්
නොම දාරන්, හිත කාරන්,
මම, ගමට හෙන දෙන්නේ නෑ බන්.
බලපන්,
මගෙ වඟ දැන්
නැති උනත් නම අගට වරහන්
මැති පාරෙන්, ආ ඇරයුම්
පිළිගනින් මම තොපිගෙ සාතන්"

"ගම කා ගොඩ ගියත්, මමයි   පලී
බාර් එකෙ ලයිසම් ගත්තත්,    සොරී
පාරේ එල්ලිල, එල්ලිල, සල්ලිම හොල්ලලා
රෙස්ට් කරත්, උබලා    වළි."

"පොඩ්ඩක් හිටහන්"
"මට හරි යනකන්"
"මවනවා, සුරපුර ගම මැද ඉඩ මදි වෙනකන් එතකොට උබලට ජොලි කරතැකි බන්"

(image taken from www.dailymirror.lk)

Thursday, May 4, 2017

"The Terrorist" By a Mother Cow


Terrorist you are a terrorist, Ending innocent lives. Terrorist you are a terrorist, Who separate my own child. Rapist you are a rapist, Who fucked me, for my milk. Does anyone, does anyone, Can save our innocent lives? Just think once, and think twice, Is this is called, humane? You humans, bloody humans, You think us as your slaves? Well fuck you, yeah fuck you, You don’t even own yourself, Still, you’re a baby, Who drinks my Bloody Breast Milk.

Friday, December 30, 2016

චන්ද්‍රමෞලී













සත් වරම් අතින් අරගෙන, දෙසැම්බර් අගට ඉපදුන
ලැබුන නමට අකැමති වුන අපේ චන්දරේ.....

තල් ගස් යට පෙම් කෙලමින, වෙඩි සද්දෙට ගෙයි හැංගුන
උන්ගේ උන්ට සාප කරපු එකා චන්දරේ.....

වෙඩි කෑවත් තාමත් පන, ලගින් ගියෙ ලාවට කන
කතා කියන, කතා හදන නියම අන්දරේ....

කන්තොරුවේ පාළු මකන, හිනාව කට පුරාම යන
උබලා එක්ක යුද්ද කරේ, මොකද චන්දරේ....

ලොකු උන් කවදත් රජ වෙන, පොඩි අපි කදිමෙට යටවෙන
හරිම ලොකයක් බන් මේ, පිරිලා කෑදරේ

චන්දරේ යටින් වැළලුන, යුද්දෙට බියවී හැංගුන
ඇත්තම නම චන්ද්‍රමෞලී, අපිත් ආදරේ...

( චන්ද්‍රමෞලී = ශිව දෙවි )

Thursday, December 8, 2016

මැනලද පූතේ කිරි දුන්නේ මා නුබට ?













ලබා මස පඩි පත,
ගියකල තැබෑරුම වෙත.
සෙට් විය අයෙක් මට,
වයස විය හැට අටක්, උන්දැට.

හරිම දුක්බර ලෙසින්, හැඩූ කදුලින් නිතින්,
බිබී බාලම එකෙන්
හිටිය හින්දම, ගියේ ලඟටම.

ලඟට ගොස් කුතුහලෙන්, කිමද මේ ලෙස දුකෙන් ?
ඇසුව විට මා සෙමෙන්,
මෙලෙස කීවා මතක දිග හැර.

එදවස තරුණ කල... විසුවේ ගෙදරක අතු සෙවිලි කල
පොඩි පුතු මාගේ පන, බිරින්දෑ හා  එක්ව තනියම

තිබුනේ නෑ වත්කම, කලේ දවසම මුට්ට සෙල්ලම
එයින් එන සොච්චම, හැරෙන්නත් මදි කන්න ගත්තම

කොතෙක් තිබ්බත් මදිකම්, කීවේ නෑ කාටවත්, බැරිකම්
මවට දා ලොකුකම්, හිටියේ ලොකු ධනවතෙක්, වගෙ මම්

ඒකල එක දවසක, මෑණියන් ඇවිදින්, මිදුලට
ඇසුවේ ඈ මෙලෙසට, "කන්න මොනවත් නැතිද මා පුත?"

හිතත් මගේ නැවතුනි, දෙන්නට යමක් නැති උනි
ගෙදර මුල්ලක වුනි, වී ටිකක් පමනක්ම සිහිවුනි

වහා ගෙන මල්ලක්, දමා මැන වී අහුරක්,
ඉතුරු කර තව ඩිංගක්
දුන්නෙ අම්මට හිතින් නොවේ මන්

පසුවදා ඉඳලා, එක එක කතා කියලා,
ලෝකයෙන්  විද නින්ඳා
කුමට ජීවත් වෙමිද මන්දා....

කියා කියලා කීවේ උන්දෑ

මටත් වෙරි හින්දා, හිතේ පැසවපු හන්දා
ඇහුවේ මැද නින්දා
"මැන්නේ ඇයි වී  එදා මුන්දෑ? "
ඇසුව විට ඒ වදන්,
කඳුළු පිරි දෙනෙතකින්,
කීවේ  මට මේ ලෙසින්

"මැනලා දුන්නේ.. (පොඩි) පුතා, හින්දා....".

Wednesday, September 21, 2016

නීතිය රකින ගුණධර්ම












වරලස තෙත බරිත නග්නවු, සිරුරේ ගැටී
නොපෙනෙන කෝන සිත පතුලෙන් මවා රිසී
වඩු වැඩ ඉවර වී දොළ ලඟ පඳුරේ නිතී
හිටියෙමි මේමා, කියමිය අද ලොවට සකී

ගණනින් පනස් අවුරුදු මට දැන් වයස
තනිකඩ තවම කවුරුත් නෑ රෑ ඇඳට
ඉඳලා හිටලා බසයක වැදුනොත් මිසක
පහසක් විඳලා නැහැ තවමත් මම ලඳක

යන එන ලඳුන් දැක්කම හිත ගැස්සෙද්දී
හැඟුමන් පාපයක් කර ගන්නට යද්දී
මිටී මොලවාන අත පඳුරේ හැන්ගෙද්දි
කල පව කිමද නැහැ සරණක් වැටහෙද්දී

හොර පාරෙන් යන්නට නෑ තැන් දන්නේ
නීතිය තදයි රැකුමට රට ගුණධර්මේ
හිටියොත් බයයි හැඟුමන් එයි එක පිම්මේ
මරණය සැපයි ගෙල වැල දා ගමි, අම්මේ

Thursday, August 18, 2016

නුඹ කොහෙද කියන්


සැලෙන නෙතු පියන්....
සිනහ මුදු වදන්....
දහක් අතර අතරමන්ව, ඉඳිමි නෙතු පියන්...

ඈත මෑත පාවෙන අර
මතක පොදි ගනන්,
ලිහ ලිහ මම බලමි නිතර, කොහෙද නුඹ කියන්.....

සීත නීල ගං තිරයේ
වැඩුනු හංසයන්,
හොරෙන් මා දිහා බලමින්,
ඉඟි කරන තරම්...
පනස් වියැති පරන මතක,
මට දුන්නු වරම්...
නැවත යන්න අතීතයට උන්ව ගුලි කරන්...

සීත සුලන් මල් අතරින්,
හොරෙන් සුව විදන්..
යනලෙස මට එන්න හිතයි,
කොහෙද නුඹ කියන්....
මහළු කයට වාරු නැතත්,
එන්න පිය මැනන්...
විසි හැවිරිදි හිත එවමිය,  නුඹ කොහෙද කියන්...

Monday, May 23, 2016

පහන්


දල්වා පහන් සිය ගණනක්, බැබලෙන්ට
තවමත් නොතේරේ මේ දේ, දැනගන්ට
හිමියනි කියන් මාගේ මොල, හෙලවෙන්ට
ලැබනා පින කිමද, තේරුම් කරගන්ට

ඉස්සර වාගේ කරුවල නෑ, දැක ගන්ට
පන්සල වටා පන්දම් එළි, ඇති වෙන්ට
කෙලෙසක උනත් හිත ආසයි, පින් ගන්ට
ලේසිම ක්‍රමය දහසක් සිළු, දල්වන්ට

පෙර බුදු දවස රෑ පන්සලේ, ඇවිදින්ට
තරමක කරුවලත් හෙම දුරු, කරලන්ට
දල්වා පහන් සිළු එළියෙන්, වැඳගන්ට
කීවේ අනතුරින් අප ගලවා, ගන්ට

මේ ලෙස හිත කියයි හිමියනි, අහගන්ට
දැන් දැන් ලෝකයම රත් වෙයි, ගිනි ගන්ට
පහනක් දල්වලා කම් නෑ, වැඳ ගන්ට
කියවා තම නුවණ පමනින්, දැනගන්ට

Wednesday, April 27, 2016

ලොතරැයිය


අදට මට හැට, අටකි, අවුරුදු,
තවම කුඹුරට ණය මේමා....
යද්දි හවසට තිබ්බ සොච්චම,
දෙන්නේ ලොතරැයියට තමා....

හතර පෝයට සිල් නොගත්තට,
සූදූවට නැහැ රැවටෙනා...
දුන්නේ පිරිකර එක්ක ලොතරැයි
පවුල මගේ,  පින් පතමිනා

හිතේ දහිරිය, ගතේ සවියත්
නොම අඩුව ලැබුනේ පිනින්
කොහෙද යන මගේ පරන පවකට
ලං උනා ලොතරැයි පෙමින්

කොතෙක් ආවත් හිතට අදහස්
දියුණුවට මඟ පාදමින්
හිත බලන් හිටියේම හවසට
බෝල පෙරලෙන දෙස සෙමින්......

Friday, April 8, 2016

රුව


ලතාවක් වගේ සිහින් ඉඟටිය,
හිතම පැද්දෙයි යනෙන විට නුඹ
කොහොම කෙලෙසක නුඹව මැව්වද
අහන්නට මම ගියා සුරලොව

පරඬැලක් ගානට දමා, උඹ
වර්ණනා එයි හිත කඩා බිඳ
රන් කඳත්, දෙව්ලියත් නුඹමය
කීවේ දාසියකටය දන නම

අපිව මැව්වෙත් අපේ සුරලොව
අහන්නට වෙන්නේ අපෙන් නොව
කීව විට සක්‍රයා එලෙසට
ගියා මම ඒ, ලොව සොයාගෙන

යන කලට සුර ලෝක සොයමින
එහි ලඳුන් වෙයි රුවින් අගතැන
සිතේ සිතුවිලි, වගේ සබන් පෙණ
පුපුර පුපුරා, යලිත් මතු වෙන

(චිත්‍රයේ අයිතිය: Navoda Thenuwara)

Thursday, March 24, 2016

තරු කතාව


කරුවලේ දොර ගාව ඉඳගෙන ගැනපු තරු, අද නැතිද මන්දා
රෑ ගසින් ගස එහෙ මෙහේ ගිය, කණාමැදිරියෝ නිදිද මන්දා
හතර වට අද විදුලි පන්දම්, ගමට දියුණුව ගෙන පලන්දා
මතක නැති රෑ ගණන් ගත උනේ, රූපවාහිණි උඹම හින්දා

තවම මතකයි පාර අද්දර පියා එනකල්, දෙනෙත් රන්දා
තරු රටා හොය හොයා නම් කර මවට පෙන්නූ... කාලේ, වින්දා
වහලේ තනියම කරුවලේ නැඟ, බැනුම් අහමින් දෑස් බන්දා
බැන්ද පෙම මම තරු කතාවට, සිහිවුනේ අද මොකද මන්දා

කුරුසේ තිබුනේ සෑම රැයකම, ගෙයට දකුණින් ගසක බන්දා
මහා වලසා හිසට මුදුනෙන් වමට බර වී, හීන බින්දා
තරු තුනේ බඳ පටිය බැඳගෙන හිටියේ ප්‍රියතම, චරිතේ හින්දා
යමි බලන්නට තවම උන් වේද, මගේ පොඩි හිත අයේ කැන්දා

Sunday, March 6, 2016

හීන

කට්ට කාගෙන කතර මැද හිඳ දුකින් පෙලනා මම ඉතින් කාතා කෙරුවා යුරෝපේ අපේ, ඉන්න නංගිට හරි සැපෙන් සීත සුලඟට මලක් වාගේ වැනි වැනී ඉන්නට සෙනෙන් කරපු පින මට හිතාගන්නට බැරි නිසා දුර වැඩි කමින් ඉතින් කොහොමද ඔහේ සැප දුක කාලෙකින් නැහැ හමුවුනේ දකින්නට හිත පෙරුම් පුරනවා කවදා ඒ විද ඒ දිනේ අපිත් කතරේ දූලි කාගෙන විහින් මැරෙනවා මගේ පනේ යාන්තම් දැන් ගෙදර තටුට්ව ගිය සතියේ නොවැ නිම උනේ
අනේ අක්කේ මමත් එහෙමයි, හරිම බිසි වැඩි මෙහේ අනේ එක වැඩක් මදි ශිෆ්ට් දෙකක වැඩ ටැක්ස් වැඩී මෙහේ හරි හෙනේ ගෙයක් අටවා ගන්න හිතුවට ඉතුරුවක් නෑ තව උනේ මමත් ආසයි ඔහේ එන්නට, ගෙයක් තැනුමට හෙට දිනේ අනේ නංගියේ හිතුවේ නෑ මම, විදින දුක උඹ ඔය වනේ හිතන් හිටියේ දුක් විදින්නේ අපි කියා, නෑ වැටහුනේ ජීවිතේ අපේ හොඳම කාලය මොටකද බං අපහට උනේ කොහේ හිටියත් රටෙන් පිට අප, සැනසුමක් නෑ හිමිවුනේ

Friday, February 26, 2016

දූ

සුදෝ සුදු මුදු හසරැළී
පුරෝ ගෙන ඈ, අර නිදී මගේ ලෝකයේ හිතවතී නුඹයි, මා දූ, කිරිකැටී දරා මා කුස, දස මසක් කරත් ලේ ගෙන කිරි ගොඩක් පොවන්නට මට එක බිඳක් වුනේ නැති එක අරුමයක් ගියත් මම අද නුඹ ලඟින් පියා ඇත නොවැටී හිතින් ලොවේ නම රන්දන ලෙසින් ලොකු වෙයන් මයේ දූ ඉතින්

Wednesday, February 10, 2016

තනිය


තබා පෙම් සුවඳක් හදේ අග නුඹ, ලොවම කළඹා වගේ පිණි බිඳුවක් ගියේ වියැකී කිමද මන්දා පුළුල් උර මඩලේ නැතිද කඳුළැල්, කැළැල් රැඳිලා මගේ හද පතුලේ ගලයි ලේ අද , තනිය දැනිලා හිරුත් නැති විලසේ කළුවරයි මගේ, ලොවම මිදිලා තවම මම අඳුරේ කුරිරු යුද්ධය මැවෙයි ඇඳිලා පිදුන දස දහසේ නෙළුම් මල් පෙති එකට බැඳිලා උනුත් නෑ පොළවේ පරව මෙලොවෙන්, අනේ මන්දා

Tuesday, February 9, 2016

වෙනස


හැදෙනවා අම්මේ අනිවා එන, අවුරුද්දේ එතකන් ඉවස,ගෙන ඉන්නකො, ඇයි යුද්දේ කියමින් මමත් ලොවටම දාගෙන, සද්දේ ඉන්නවා ලෙසට පෙර පරිදිම මේ, බැද්දේ ------ ඇත්තට හිතට වෙනසක් ඔනෑ වේ නම් අවුරුදු, මාස මොකටද, වෙන දවසක් යම් හිත දැඩි කරන්, නොදමා ඔය බොරු ලොකු කම් ඉලඟ තත්පරේ හැදියන්, පුළුවන් නම් ------- තත්පර පොඩි වැඩී වෙනසට ඉඩ-නෑනේ මගේ හිත හැදෙන්නට අවුරුද්දක් ඕනේ කිව්වට ඕවා අම්මට තේරෙන්-නෑනේ කියලා කරපු ගොන්කම් දැන් සිහිවෙන්නේ

Thursday, February 4, 2016

මමත් ආසයි

අදට අවුරුදු හතකටත් පෙර, මම අඬද්දී ගුලිවෙලා මාව නොමරා ළමා නිවසට, දුන් පිනෙන් මම ලොකු වෙලා හද හඩද්දී කවුරුන්ද නුඹ, වැදූ මා මව් සිහිවෙලා සැනසුවා මම දෙව් දුවක් ඇය, මාව පොළවට බිහිකලා
කොතෙක් ඇන්දත් මැවෙන රූපය, ඔබ නොවේ හිත කිය කියා දෑස විමසයි පාර මඟ තොට, නුඹ දකින්නට රිසි නියා සිඟිති දරුවන් අතින් අල්ලන්, අවට ඇවිදින විට එයා මගේ කියලා හිතෙන්නේ ඇයි, ඔබද ඇත්තට මගේ පියා
සාමා අමරලා අමරණියයි, පොත් ඇතුලේ ඉන්නා නිසා මවත් නැතිවට, පියත් නැතිවට, පාළුවක් නොදැනෙන නිසා මමත් ආසයි පොතක ළමයෙක්, උනා නම් මම පොඩි නිසා හැමොම ආදරේ කරයි ඒ විට, හිනාවත් ලස්සන නිසා

අපේ ගීතය

උපන් දා සිට මෙහෙම සතුටක්, අභිමානයක් නෑ හිත උනේ වෙනදා ඇහුනට වචන පමණක්, තේරුමක් නෑ වැටහුනේ හීන් දාඩිය දමා කොඳු ඇට, පේලියත් මගේ නැගිටුනේ ආදරෙයි මම ආදරෙයි මගේ ලක් මවුනි, මම ගැති උනේ
සෙල්වරාජා නමින් ඉපදුන සිංහලත්, බැරි පව් කමින් මගේ ආදර ලංකා දීපයේ කොන් උනේ, ඉපදුන තැනින් උතුරේ වෙනුවට දකුණේ වුනි නම්, මමත් උඹ වගේ පෙර පිනෙන් සිංහලෙන් ගැයු අපේ ගීතය විදිමි ජීවිතේ, එක හිතින්
.......
මෙලෙස කීවේ මගේ සොහොයුරු, යාපනෙන් දෙමළෙන් තුටින් හීන් දුකකුත් තිබුනා වාගේ, කිම නොවුනේ මේය පෙර දිනෙන් සතුටු කඳුළැලි තවම මතකයි කීව විට මෙය, ඔහු තුටින් මම විඳපු ඒ , ලාංකික බව, ඔහු විඳි අද , හදවතින්

Monday, January 25, 2016

ලේ









ලෙබල් කරා මම එක එක පාට ලේ තල් අතු පැලෙන් අරගෙන කලු පාට ලේ තම්බිගේ ගෙදර තද කොළ, සුදු පාට ලේ උඩ රට, පහත රට, නෙක නෙක ජාති ලේ
ඉපදුන විලස සේරම ලේ, පිටට ගෙන කලතා, ජාති, ආගම්, කුල, බෙද, ඝන පදමට අනා, රීෆිල් කර, ළදරු මන දුම් ගස ගසා, මුල සිට අපි, හදති හෙණ
උන්ගේ මනසේ, හයි හක්තිය නැති වෙද්දී කියනා දෙයම, හද පතුලෙන් පිලිගද්දී කැපුවත් නිල්ය, මම, කොළ, කහ දඟලද්දී රතු ලේ නැතිද, මනුසත් කම පැන යද්දී

Wednesday, January 20, 2016

කවර






සිංහල, දමිල, මුස්ලිම්, බර්ගර්, කවර අන්දා මිනිස්කම, මාකට් වෙයි නිතර ආගම් හෙමින් ඔලුවට ඉස විස වතුර නටවයි උඩින් උන්වත් දන්නෑ මිතුර ආගම හොඳයි කොයි කාටත් දැන ගන්න එනමුදු මිතුර තම නුවනින් මැන ඉන්න කිව්වට එපා මොන දේවත් පිළිගන්න ලීවේ පොතුත් මිනිසුන් බව හිත ගන්න
උන්ගේ දහම වැරදී උන් පර සත්තු එලවා දමව් නැත්නම් කරපන් කොත්තු තෙරුම් කරන්නට කවුරුද වෙර ගත්තු කරුණා වචනයක්, මෙත්තා වී පත්තු

Sunday, January 17, 2016

කහ සිවුර





සමිඳුනේ මට දෙන්න අවසර, නැමද නුඹේ පා පතන්නම් මටත් ආසයි ලොකුම පන්සලේ, බණක් කීමට හිතින් නම් ලස්සනට බිම ගඩොල් අල්ලල, වායුසමනය කොරොත් නම් පින්වතුන්ගෙන් පිරී යාවි, අහල හතටත් වඩා, ගම්
වැලි මළුව මදි හැරෙන්නටවත්, පහන් පූජා කරොත් නම් තවත් ඉඩමක් ගන්න වෙනවා, දහම මතුවට රැකේ නම් ලොකුම පන්සල, අපේ පන්සල, කවද හරි මම කරන්නම් පොතින් දැනගෙන දහම් පාඩම්, ගමට මම බණ කියන්නම්
..........
කුමට පන්සල් බදා ගෙන හිඳ, අත හරිනු බැඳි, සිතින් දැන් කහ සිවුර ඇදි තවත් ගිහියෙක්, නොවෙන් පොඩි නම, නුඹත් දැන් කෙලස දහමක් දෙසන්නේ නුඹ, එයින් ජීවත් නොවේ නම් හරය, බුදු දහමේ නසන්නේ, කහ සිවුර ඇඳි කවටයන්
ජීවිතේ දුක හිතින් දැනගෙන නිවන් දැකුමට ඕනේ නම් හිතම එක් තැන් කරන් දම් මඟ, යන්න ඕනෑ නුඹත් දැන් ජීවිතේ සැප, විදින්නට ඕනෑ කියා හිත, කියයි නම් කහ සිවුර හැර, ගිහින් ජීවත්, වෙන්න අවසර දෙමිය, මන්


Thursday, January 14, 2016

දියුණුව













උඬගුව දමා පාරේ යන, බල්ලන්ට
කොඳු ඇට කෙලින් කර පලයන්, හෙට දිනට
පන්දම්, පච, කෙරුම්, මොකටද නම අගට
ඒ විට ඒවි, දියුණුව පස්සෙන් බරට

දුටු විට අනිත් උන්, නගිනා විට උඩට
උඹේ පිට දියන්, දූවිලි යයි ගැසු කලට
අත හිත නුඹේ දුන් විට, හිත ගෙන පෙරට
ප්‍රතිපල ලැබේයි  නිව්ටන් පෙර, කී ලෙසට