Sunday, June 2, 2013

කුජ හත :P

... මම ...
සොයා නුඹේ රුව වෙහෙසවයි නෙත
හීනකයවත් නැහැනේ සඳවත
වසා දැමුවත් මම ම හදවත
කඩපියව් දොරගුලු, කියයි සිත

... සිත ....
ගැන්නොත් පැය ගණන් හරියට දහස පනී
කිවොත් මාස ගණනින් දොලසකුත් වැනී
ගත්තොත් විදපු දහදුක මැණුමට නොදනී
ඇරියොත් ටිකක් එලියට පිං, නුඹම දනී

... මම ...
ගයනා ගීය එක දිගටම මගේම හද
අහලා මටම දුක හිතෙනවා, තලනවද
නැතිනම් ටිකක් ලීලය දී බලනවද
අයෙත් වරක් මූ දීගෙක පැටලේයිද

... සිතට ....
ගිය පාරත් උඹ හින්දයි, දුක් වින්දේ
නුඹ කුජ හතෙයි, හදහන් බලහන් බැද්දේ
කලිසන් ඇදන් නාඩං නැටුවට සද්දේ
ජීවත් වෙන්නේ බොරු විගඩම් ගොඩ මැද්දේ

No comments:

Post a Comment