Wednesday, September 3, 2014

පතමි මම

නුඹට ලිව්ව, කවි කතා අද
වෙනත් අයකුට ලියවිලා
පැයගනන් කෙරු කතා බහ අද
මිනිත්තුවකට කෙටි වෙලා
අදහ ගන්නත් නොහැක මට අද
හිටිය හැටි නුඹ මගේ වෙලා
කෙස් වූවත් පතමි මම අද
වෙන්න දිවියම සරු වෙලා

Sunday, August 31, 2014

එන තුරු

දැනෙන තනිකම පපු කුහර තුල
නලියනව තාමත් හිතේ
කිමද පෙර දින නිමා වුයේ
අසනවා හිත තව මගේ
කියන්නට බැරි අමුතු හැඟුමක්
හිර වෙලා හිත යට මගේ
බලන් ඉන්නේ යලිත් එන තුරු
ඇඟිලි ගැන ගැන දින ගොඩේ

Saturday, August 30, 2014

වතුර පොද

පැලී ... බිම ඉරිතැලුනු
නියඟකෙට වෙළිලා...
ලෙස තිබූ හද මඩලේ
වතුර පොද නුඹ වෙලා...
පැලුනු තැන් දිනෙන් දින
වගේ.. සුවපත් වෙලා...
කිම කියමි නැහැ රිදෙනු
පෙර ලෙසට හද පෙලා....

කරපු පින ඇති නුඹට
දිනෙන් දින දිනන්න
සතුට පිරි ජිවිතය
මැරෙන තුරු විදින්න
එහෙත් සඳ මටම බය
නුඹව මුන ගැසෙන්න
තවත් එක දිලෙන තරු,
වක්, මමත් නොවන්න 

Friday, August 29, 2014

බක බක.

මා සුබ සිහින, මැවු මගේ සුදු සඳ රැජින
මා පාළුවෙන් ඉන්නා බව දැක දුකින
විමසා කෙමෙන් ඇව්දින් සැප දුක තොසින
ඉන්නා ලෙසට දුටුවා මා රෑ සිහින

නෙක නෙක වළා කළු පාටට හිටි හැටින
ඇවිදින් වසයි නුඹේ රුව මා නෙතු අඟින
හිතවත් සුලඟ, මගේ ආදරේ දුක හැඳින
එලාවා දමයි හිත්නැති මුන් දුටු සැනින

මා ජිවිතේ අඳුරුම කල අමාවක
මා පෙම් සිහින ඉවසාගෙන කඳුළු දුක
නෙක නෙක අඳුරු සිතුවම්, පලවමින් සැක
ඉන්නේ කොහොම කියපන්, මීට... බක බක.

Thursday, August 28, 2014

සිරි ලක

රට හැර,
දුරු රට,
ගියේ, නුඹ,
කුමකට ?

තම ප්‍රිය, මා.. පිය, හා.. නෑදෑ... කැළ
නොමැතිව,
තනියම,
ගෙවා...
තනිව,
ලොව.

මෙහෙ වර, හනිකට ජි...වය විඳිනට.

සිරි ලක,
අප සැම,
බලා...
හිඳී...
තව.

බයි එක

දුවපන් පුතා දුවපන්, මගේ පනත් හරී
උබ පැරදුනොත් හෙට සිට, මම එන්නේ නැති
මා එයි කියා, දරු මල්ලන් ගෙදර ඇතී
නෑ නුඹේ පියා එන්නේ ඔහූ බුකියේ, ගැතී

පාසල් වාරේ අලුතින් පැමිනුනා කියා
පුතු ගැන සිතා ගත්තා පොත් පත්ද පියා
පැරදුන නිසා පඩි පත බල්ලෙකුට තියා
ගන්නේ කවුද විකුනනවා පොතුත් ලියා

බයි එක නිසයි, ආවේ මම පෙර දවස
අද මා නිතර වේලෙයි විඳ, බලු රහස
යනවිට ගෙදර සැමදා එක සේ සවස
ගැහැනිය විඳි වෙන අයෙකුගේ, කම් පහස

Tuesday, August 26, 2014

හංසිය

සත් විලක් පියුම්, මල, කල,
විල් තෙරේ හිඳින හංසිය
කියන් කලේ කවුරුද මෙය
නොසඟවා සිතින්...

උදෑසනම හිරු අරගෙන
එන රැල්ලට, වැව පාවෙන
බලන් කීතු වූ, මල් පෙති
රතු වෙලා, ලෙයින්...

නුඹත් කුරිරු වූ.. මේ ලෙස
කෙසේ දැනගම්ද, තතු මම
කියන් වැතිර නොසිට, මෙලෙස
නැහැවිලා මලින්....

කරපු අපාගත පාපය,
නොවේ මල්, හොරුන් අරගෙන
දියවෙලා මලුත් දුකටම
සොවින් දුටු දෙයින් .....

Monday, August 25, 2014

පුදන කොටම

දල්වා දහසක් පැතුමන්
සිටියා මා නෙතු දල්වන්
අරඹන්නට පෙම අද මගේ 
නැවතත් අත් වැල් අල්ලන්

පැයක් බලන් හිටියා..
දෙකක් බලන් මම හිටියා..
ඇමතුම් මගේ එක දෙක වී,
කෙටි පණිවිඩ ගොඩ ගැසුනා..

තවමත් නුඹ නැති හින්දා
කාට කියන්නද මේවා...
ගැලපෙන්නැති අකුරු ගොඩක
සඟවමි කඳුළැලි ගංඟා ...

ආදරේ මගේ වැඩි හින්දා
සිතින් වසඟ කර හංගා
ඉන්නා විට මට සිතුනා,
"පුදන කොටම කාපි යකා"

Sunday, August 24, 2014

රැයක් ( වනයක )

අර බලන් සඳ අන්න තරුවක්
හිනහෙමින් කරනා කතා
මමත් හිඳගෙන උඩ බලගෙන
විඳිමි නොනිමෙන පෙම් සිනා

වටාපත් මට වන වනා සුව 
ගෙන දෙනා බල, තුරු ලතා
වැල්ල තනනව මගේ පහසුව
නිදා ගන්නට සුව තකා

ගලන ඔය දිය ගයති හෙමිහිට 
සවන් පිනවන  නද රටා
අඹර තනවති හිසට හෙවනක්
නුඹ නැතත් බලපන්, හිතා

වාළුකා

ගලා යන වාළුකා
පසු කරන් තාරුකා
පෙනේ මට රෑ පුරා
හිදිමි ඒ දෙස බලා

එදා බිම සැතපිලා
අප අහස දෙස බලා
මට මතක වාළුකා
වලට ඔච්චම් කරා

අදත් මා දෙස බලා
හිනහෙමින් සිත සදා
යයි හෙමින් පාවෙලා
නුඹ නැතත් ලඟ මෙදා

Thursday, August 21, 2014

මතකය

දුන්නත්, යන්න අවසර
අතවනා සිප දෙතොලඟ
තවමත් බලයි මා, මඟ
හැරෙයිදෝ... එක වරක්, මේ දෙස

කර මෙනෙහි සුන්දර
ගතවු... රම්ය මතකය
විඳිමි මම පෙම්බර
මතක පිනි බිඳු, සිතින් වෙන්කර

කඳු මතක බොහොමැයි
ගණනන් වසර එකමැයි
නුඹ හිතට කොහොමැයි
ආවේ ඒදින, තවම පුදුමයි

වින්ඳ පෙම සිහිකර
මොකට වෙනු මම, දුක්බර
සතුටු වෙමි වරින් වර
ලැබූ මතකය.. හදෙහි, ගොනු කර

පාඩම

රනින් බැන්ඳ මා, පෙම
දළු, ලන්නත් කලියෙන
ඇටම පුස් කා මියදෙන
හැටි බලන් ඉමි තනියෙම

දුරින් ඉඳ ගෙන හිනහෙන
පනුවො දුටුවම සිහිවෙන
අනේ කිමදැයි ඵලගෙන
ඊට හොඳ මැයි නැතිවෙන

මෙවන් පැල නැත හරියන
පසත් නෑ රට ගැලපෙන
දැම්ම ගොම ටික පස් උන,
කමක් නෑ හොද පාඩම

Wednesday, August 13, 2014

රුව

අස්තාර ජිවිතය තරුණ බව රඳවන්න
උදෑසන ඔබ එන්න හමේ රැලි හැරගන්න
කුමට කර පින්දහම් හිත තරුණ බව රකින
එන්න නුඹ පැමිනෙන්න රුව අළුත් කරගන්න

එන්නතක් ලක්ෂයයි, නොමිලේම සැප ගතට
එන්න අක්කේ මගේ, බලන් පපු, නෙරි හොඳට
කොට ගවුම හැඩ මවන, හිරට අද හැඳගන්ට
ඔය රුවෙන් නුඹට බෑ... එන්න, පින ඇතිය මට

Tuesday, August 12, 2014

වැහි

කිමද නුඹ දෙවි වැහි වළාවක 
ගොසින් වත් දෝ ඒ පැති අතහැර
අහිංසක දරුවන් මලානික
කුමක් කරනුද අපගේ වරදට

සිතන්නට බැරි අපේ මහ කැල
නසා දමමින් රට මහා කැළ
කෙලෙසුවත් රිසිසේ සොබා දම
මක් කරන්නද නොදරුවො රැල

එකිනෙකා ගෙන උන්ගේ කරුමෙට
උන්ට සරිලන බර කිරාගෙන
බැරිද දඬුවම් දෙන්න එවුනට
නොදි දරුවන් හට මරාලය

බංකුව

සොඳුර මතකද
නුඹට පෙනෙන, අර බංකුව
විසල් ගස යට
අපිත් ගැවසුන
පෙමින් පිරුන, ඒ බංකුව
කිමද අද දුර
කියන් මට නුඹ
පෙනෙන අර සුව, පරන බංකුව..

මටත් ආසයි
යන්න පෙර සේ
නුඹේ අත ගෙන, ඇඳි ගන්නට, සුව විදින්නට

එත් සොඳුරිය බයයි, මේ මට
දමන්නට හද, හිරෙන් එලියට..............ඒ,

වේදනාවට කැමති නෑ මම.

Sunday, August 10, 2014

සමනළි

සමනළි.. මගේ ඇඟේ, හැපී..
නුඹ, පියඹුවේ.. වෙනතක ඇදී..
තවම මතකයි, සිනිදු තටු නුඹේ
සසල කරවූ.. ලයේ ගතී..

සෙව්ව සැටි මම, පීර, පීරා.. මලුයි දන්නේ හති වැටී..
හමුවුනේ නෑ, නුඹව තවමත්, කොහිද හද මත් කෙරු, රතී..

ඇසුව විට සැම යෙහෙලියන්ගෙන්, නොදන්නා බව කියු සැටී..
උන්ගේ තටු බෑ ලං කරන්නත්, නුඹේ තටු සිනිඳුයි නිතී..

මනස කරවන සෙල්ලමක් වෙද, මන්දා නුඹ නම් කැඩි, කැඩී...
සිම්බ මල් වත්, කිව්වේ නෑ මට, නුඹ ඉන්න තැන, සියුමැළී....

Saturday, August 9, 2014

කඳුළු

අම,නා..ප වී.. මා, කඳුළු කැට පොඩි
නො, කියා..ම යනවා, ඇසට තතු කිසි
දුකින් වැලපෙනු කොහොම, මම සකි
අසනවා මා... නෙතු සඟල, නිති..

කලින් මේ ලෙස තිබුනේ නෑ, ගතී
කඳුළු බිඳු ආදරෙන් මට, සිටි
කර තොදොල් බස් නිතර ඈ, වෙති
කඳුළු හුරතල් වෙලා වගේ, සකි

කුමක් කරනුද මෙයට නෙතු, අපි
කඳුළු වැටුනම හිතට හරි, මදි
ගැට ගසාවත් ඇතුලේ බැඳ, පොදි
බැරිද තබනට කූඩු කර, නිති.....

නොතෙරේ

ඇමිනිච්ච සුදු පිච්ච එකිනෙකට පැටලිලා
නැලවෙච්ච දිග කොන්ඩේ සොඳ සුවඳ තැවරුවා
රතු තිලකේ නුඹේ සිනහ එකට එක්කහුවෙලා
නිල් දෙනත බිමට බර තවත් හැඩවත් කරා

පන්සලේ සුදු පිච්ච මල් අතින් ගෙන දරා
දුටුව නුඹ පිංබරයි අද වගේම සිත පුරා
අපිට එක්කහු වෙන්න නොහැක ලොකය නිසා
නුඹ කියු හැටි තවම මතකේ ඇත සැඟවෙලා

අද නුඹත් හෙට ඇයත් තනිව ලොකය දිහා
දරාගෙන හිත බරින් ලොකයම සනසලා
කම් කිමද තවම මට නොතෙරේ පැහැදිලා
දුක් විඳින විට නුඹම තම සිතම රවටලා

Tuesday, August 5, 2014

පින

සසර ආ මඟ නිසල කරවන
මොහයෙන් රාගයෙන් ඍන උන
තැනක් ඇති බව මතක නැති වුන
අයෙකි මා, සසරෙහිම කැරකෙන

කුමක් දෝ ඵල සිතෙයි විලෙසින
සැඩම පහරක වැටි පාවෙන
සාපයේ දිවි ගඟක කැරකෙන
නිමක් නැති චක්‍රයකි, උපදින

ඇසු බුදු බණ බාල කල මන
සැඟව ඇති මගේ පපු කුහර බෙන
විටක තෙරපයි මගේ යටි මන
කොහිද විමසයි නුඹගේ පෙර පින 

Monday, August 4, 2014

අඹර

කහ නිල් අඹර ගෙතුවම් කරනා සිත්තම්
කොතෙරම් අපූරුද සොඳුරිය අර නරඹන්
ලාවට එළිය දී බැසයන හිරු මනරම්
තෙජස මහිම බල බෙදුවද ලොව මෙතරම්

කොපමන දවස් මම වෙරළට ඇවිත් ඇතී
කිම මම මෙලෙස සුන්දර බව වින්දේ නැතී
විපරම් කරන්නට සිතිලා සැකෙන් සිතී
මම ගියේ සිතින් පෙර දවසට, නුඹත් වෙතී

පටලා සෙමින් ගෙන දැඟිලි එකින් එක
එබිලා නුඹේ නෙතු යුග තුල එක දිගට
සිටියා දුටිමි නෙතු කැල්මෙන් ලැබ පහස
තනිවී ලොවක අපි පමනක් ඒ දවස

කහ නිල් මොටද සත් වර්ණයි පෙනෙන්නේ
හිරු මට මොටද නුඹ මගේ දිරි මඟ වන්නේ
ඒවිටයි මටත් කිම කියලා වැටහෙන්නේ
අද නුඹ දුරක, නිල් අඹරයි ලඟ ඉන්නේ

Saturday, August 2, 2014

නිදහස් දින

මතකයි පියඹුවා අත්තටු දිග හැරලා
මහ නිල්  අඹර යට නිදහස අත් විඳලා
යල මහ කන්න වල අපි ටික පොදි ගැහිලා
ඔච්චම් කලා මතකයි පඹයට වැනිලා

සුන්දර කාලේ මම කවදා ගෙවන්නද
පෙඳයත් මගේ කොයි කාලේ වැඩෙන්නද
නිදහස නොමැති කල සතුටින් සිටින්නද
නොහැකිය හානි කර ගනු දිවි, හොටෙන් විද

කරනා කලක නුඹලා දමලා කුඩූ
තේරෙයි අගය නිදහස තොපි මට ඇහිරූ
කැමොර ගසා සමරන්නට ගෙන වාරූ
කිම මට නො එන්නේ නිදහස් දින යාළු 

Tuesday, July 29, 2014

අන්තිමයා මම

නෑදෑ හිත මිතුරූ, සනුහරේ මිය දිලා
ඵල දැරූ ගැබ මගේ වඳ වෙලා හැකිලිලා
අළු දූලි වලාවන් මගේ වටේ  කැරකිලා
පිපාසිත මගේ සිරුරේ හැපි ඔච්චම් කලා

ඈත මිරිගුව පෙනේ, වළා නෑ කළු වුනේ
දිය පිරුනු මහ පොළොව අතිතෙට මුසු උනේ
පෙර දාක හිරුට පෑ දඩබ්බර කම්, වනේ
කරපූ කරුමෙක මහත ජල බිඳක් නෑ අනේ

උන්න කල, කර ප්‍රේම සතුන් සිව්පා වනේ
අපිත් හරි ආදරෙන් උන්ට දී අප සෙනේ
මතක් වන විටත් කටු, ඇනේ හදවත කොනේ
හඬන්නට කඳුළු නෑ දිරාපත් බව දැනේ

එක දිගට වනසාපූ සනුහරේ පෙර මගේ
වලලාපු තැනකවත් දන්නේ නෑ කිම අගේ
මරාගෙන කපාගෙන ගිය සතුන් පෙර වගේ
අවොතින් කියමි මම ඉඳගනින් මුල දිගේ

Monday, July 28, 2014

යහපත්

ලබා අරුත් ජිවිතයක්
කරන් වැඩක්, ඵල යහපත්

හිතන් වාඩි වී මොහොතක්
කරන් කොහොම, මම වෙනසක්

නිකන් ඉදන් නොකර වැඩක්
නොවන් තවත් එක මිනිසෙක්

බලන් අරුත් ඇති විදිහක්
විදින් ජීවිතේ බිඳුවක් 

Wednesday, July 23, 2014

දවල් තරු

අර බලන් අර,
පුංචි තරුවක්..
බලන් මා දෙස,
පාන සෙනහස....
මහා දහවල,
හිරුට නොබියව
ඉන්න හැටි,
අරුමෙක අපූරුව....
වාගේ හරියට
මටම පෙම් බැඳ
ඉන්න නුඹ, වාගේය රංකඳ....
ඇසුනි ලාවට,
කෙල්ල අසනා, කෝ කොහිද
මට පෙනෙන්නෑ නෙව....

Tuesday, July 22, 2014

කප්පිත්තා

නිර්මාතෘ නුඹයි... මා,
ප්‍රේමනීය නැව්කාවේ...

කප්පිත්තා මමයි.... පැදයන,
සාගර නම් දිවි, පෙවතේ...

සුළං, කූණාටු...  බොහොයි,
නෙක නෙක, යන විට ගැඹුරට, දියඹේ...

කප්පිත්තා මමයි... ගිලුනොත්,
වැළලෙමි පතුලේ.... සුවසේ.....

Thursday, July 10, 2014

රට හැර

නුඹ,
අතර,මඟ, 
නැවතුන.....
සිත්පිං නැති, අත් ගානේ...

කර,
මෙහෙවර,
සිරිසැප,.....
විදිනට මඟ, බැලුවානේ....

නැගනිය, සොයුරිය,.. මා මව වැනි නුඹ,
කුමටද, අද ගිනි,.. හෙට වැජබෙන්නට,
හිතින් අසාපන්,.. කුමටද රජ සැප..
දුක් විඳ අද නුඹ,.. සොයනා සොච්චම...

නුඹ,
අතර,මඟ,
විඳි දුක,.....
හෙට සිත, අත් හැර යයි නම්..
කම් නැත, 
නුඹ හිඳ,.......
වාවාගෙන,.. රුදු මල් දම්...

නැගනිය, සොයුරිය,.. සිතින් සිතනු මැන..
නුඹ විදි දුක් කඳ, පහව නොයනු ඇත...//

කිම,
තව නුඹ,
රට හැර,......
කරනා ජිවිත, සෙල්ලම්.....

Tuesday, July 8, 2014

මොලේ vs හිත

වර වර, ලඟට වර, මගේ සිත නුඹ කොහිද
නැහැ කිසි වැඩක්, හරියට කර ගනු සිහිය
ගෙන්වා ගතත්, බලකර සිත මගේ ලඟට
ඇසිපිය හෙලන කල, ලඟ නෑ නුඹ කොහිද

උඹ නම් කියයි මහ ලොකුවට, දා මර්සී
දැනෙනා තනිකමත් විඳගෙන, මම පුංචි
ඉන්නේ කොහොම හිතපන්, ටිකකට නැවතී
උඹ වගේ නොවේ.. මේ අපි හිත්, සංවේදී

වී.. සංවේදී, බඩ කට අපේ පිරෙනවද
මම මහ මොළය, දුවවන්නේ ජිවිතය
උඹ නැති විගස අපි ඉන්නා, මේ බොඩිය
මගේ ලේ ටිකත් අරගෙන පිච්චේයි, නිරය

කොපමන කලත්, මා තෙරුම් වැඩක් නැතී
එකයි මලේ.. උඹ, මහ මොලේ, හිතක් නැතී
මම මේ යන්නේ, මගේ හිත ඇති තැනට නිතී
ලඟ නැති නිසා මගේ පන, පාළුවෙන් ඇතී

Monday, July 7, 2014

ආතල් එකට

ඇයි මට ගෙම්බා කිව්වේ මම කැතද?
මාස ගානකින් බැලුවේ නෑ නොව නුඹව..
දැන්  නම් ඉන්නට මට බෑ නුඹව නොදැකම..
ආවොත් දෙන්නම් උම්මා, ගොඩක් නුඹ හට....

නොනේ මගේ නොනේ... හනික, එන්න මෙහේ...

රට කජු පොතු ඇරලා... මම, කටට දමන්නම්..
සිනී බෝල ටොපි චොකලට් ගෙනල්ලා දෙන්නම්...
ලගින් ඉදන් කොට්ටම්බා තලලා දෙන්නම්..
නුඹ එනවා නම් හනිකට බජව් දමන්නම්...

නොනේ මගේ නොනේ ... හනික, එන්න මෙහේ....

ගොල් ෆෙස් එකට ගිහින් නුඹ නලවන්නම්..
රොස පාට කුඩේ යටින් තනියට එන්නම්...
ගල් බංකුවේ පාළු මකන්නට, අත දෙන්නම්
නුඹ එනවා නම් හනිකට එක්කන් යන්නම්...

නොනේ මගේ නොනේ ... හනික, එන්න මෙහේ....

නොහැකී වේද

දරා මහමෙරක් පෙම්ලොව
මගේ ආදරේ පාමුල
පාළු දැනෙන හිත අබියස
බලා ඉනු කෙසේ...

හිතට හොරෙන් නෙත කඳුලක
පැටළ,වෙමින් දුක සිහිනෙක
දරා ගන්නේ මහ පාළුව
කෙලෙස මම ප්‍රියේ..

උදේ, හවා සිත මිලිනව
යදියි ආදරේ උනුසුම
කෙදින කොතන මම ලබනුද
නුඹේ ඔය සෙනේ...

කියන් මගේ පන, රන් කඳ
නොහැකී වේද, තිට එන්නට
දමා සියලු සැප සම්පත්
හනික මා කෙරේ.....

Friday, July 4, 2014

කළුවරේ

එක වදනක් නුඹෙන් ඇතිය සිත රිදවෙන්න
වැහි නැතිදා අකුණු සැරින් සිත දෙදරන්න
මසිත මෙහෙම හැසිරෙන වග නුඹ නෑ දන්න
තවම කිමද නුඹට නොහැකි මා හඳුනන්න

මං මාවත් පුරා දුවපු සිහින මන්දිරේ
දැක උඩුමහලේ අසිරිය හිත හෙමින් සැරේ
අසයි සෙමින් අර කවුරුද ඈත කෙලවරේ
තවම හඳුන ගන්න බැරිය මාත් කළුවරේ ....