Sunday, June 30, 2013

පෙම් දළු

සොදුරු සවසක ඉවුරු අසබඩ - සිනා සයුරක නැළවීලා
උන්නූ නුඹ දැක මහද මොහොතක් - ගැසෙන රිද්මය වැඩි කලා
නුහුරු නුපුරුදු වුවත් නුඹ මට - හද කොනක ඉඟියක් වෙලා
බලා උන්නේ මටම නොදැනිම - රෝස උයනක තනි වෙලා

නුඹේ  දෙනුවන් නුඹට රහසින් - කියූ කවිපද වැටහිලා
සැදෑ අඳුරත් සමඟ මගේ හිත - හෙමි හෙමින් දුරකට වෙලා
පෑයු දවසක ගසන හෙණ වැනී - අතීතය සිහිපත් වෙලා
කපා දැමුවෙමි සිඟිති පෙම් දළු - හිතට තරවටු කරවලා

Wednesday, June 5, 2013

රැකියාව

නිදිවරමි ... දිවි ගෙවමි ... මැදියම්ව ගෙදර එමි
වැඩ කරමි ... පව් ගෙවමි ... ජීවිතය මම නොදමි
කන්තොරු ... මඩ ගොහොරු ... මංමුලා මම ම වීමී
මඟහැරුනු ... පැය අහුරු ... දෙස බලා පසුතැවෙමි

නැත නිමක් ... වැඩ රැසක් ... එයම වෙයි රැකියාව
නැති උනොත් ... වැඩ කිසිත් ... කොහිද වෙයි රැකියාව
කල යුතුයි ... වඩ පලත් ... කරන විට රැකියාව
එකක් නොව ... හිතට ගනු ... තව බොහොයි, රැකියාව

Sunday, June 2, 2013

කුජ හත :P

... මම ...
සොයා නුඹේ රුව වෙහෙසවයි නෙත
හීනකයවත් නැහැනේ සඳවත
වසා දැමුවත් මම ම හදවත
කඩපියව් දොරගුලු, කියයි සිත

... සිත ....
ගැන්නොත් පැය ගණන් හරියට දහස පනී
කිවොත් මාස ගණනින් දොලසකුත් වැනී
ගත්තොත් විදපු දහදුක මැණුමට නොදනී
ඇරියොත් ටිකක් එලියට පිං, නුඹම දනී

... මම ...
ගයනා ගීය එක දිගටම මගේම හද
අහලා මටම දුක හිතෙනවා, තලනවද
නැතිනම් ටිකක් ලීලය දී බලනවද
අයෙත් වරක් මූ දීගෙක පැටලේයිද

... සිතට ....
ගිය පාරත් උඹ හින්දයි, දුක් වින්දේ
නුඹ කුජ හතෙයි, හදහන් බලහන් බැද්දේ
කලිසන් ඇදන් නාඩං නැටුවට සද්දේ
ජීවත් වෙන්නේ බොරු විගඩම් ගොඩ මැද්දේ

Wednesday, May 22, 2013

රට නැඟුම ...

පිච්ච මල් නෑ සුදින්, නෙළුම් මල් නෑ බැතින්
පිලිගන්න බෑ සිතට, වැටහෙන්නෙ නෑ
අඳුරු කූඩාරමයි, එහි බරට මල් කිරෙයි
උන්ගෙ කුස පුරවන්න නැතිව උට බෑ

ගෙදර අටපට්ටමයි, එකක් නොව පහක්මැයි
යකඩ දී සෑදෙවේ, උණ ඕනේ නෑ
මලකඩයි සව් කොලයි සොදලා ගත යුතුයි
හෙට හවස ඇලවුමට සව් කොලත් නෑ

පොය වීකෙන්ඩ් ගිහින්  නිවඩුත් නැති හැඩයි
අපිට මුන් කෙලවන්නේ, ඡන්දේ දෙන් නෑ
හදවතින් පින් කරයි වැඩ මෙමට එපමණයි
පන්සලක් දැකගන්න වෙලාවක් නෑ

රටේ තත්වය මෙයයි, මාත් මින් එකෙක් වෙයි
පොඩි කාලේ බට කූඩූ අද උන්ට නෑ
දානයත් කඩෙන් දෙයි පින මුදල සේ සිතයි
රට නැඟුම හදවතෙයි පිට එන්නේ නෑ .....


Friday, May 10, 2013

රණවරා ..

රණවරා නුඹ හිනහුනා නොව යටි සිතින් සරදම් කරා
පල දරා නැති උනත් හිත් අග ආදරය සක්මන් කරා
සුවඳ මල් නැති මගේ ලෝකයේ ආදරෙන් හදවත වරා
මම හිඳිමි පෙර සේම හැම දින ගල් පිලිම මැද අවි දරා

හීන බොහොමයි ජිවිතේ නැත මා පැතූ ලෙස ඉටුවෙලා
නුඹ තරම් වත් මට පිනක් නැත සීත සුළගට සෙලවිලා
ගලින් නිමවූ මගේ කය තුල මෙලෙක් හදවත උණු වෙලා
බලා සිටියේ පෙම් කෙලින රඟ දුකක් නැත සතුටයි ගලා

Thursday, May 2, 2013

දැල්වෙද්දී ...


මල් මී වනය මැද මොහොතක දැල්වෙද්දී
වනපෙත සුළඟ මා හදවත තෙරපෙද්දී
නුඹ ලඟ සිහින මොකටද මේ ලෙස වෙද්දී
සුරඟන ළඳුන් වැනුවයි අත ඇළවෙද්දී

තයිලම සෙමින් පාවෙයි මා ලං වෙද්දී
අර සුරඟනන් ලාවට ගී මුමූණද්දී
මී පැණි ගුලිය දිව කට තොල ලෙවකද්දී
මා ගිය දුකට නුඹ නාඩන් මගේ සුද්දී ....

Monday, April 15, 2013

මම කොතැන ... ?


මම කොතැන නුඹ කොතැන මනු සතුන් මැද
සුර හීන මල් මාල පෙම් වදන් සොඳ
හිත වටා  දා යදම් තද වෙන්න බැඳ
මට කියපි මවන්නට නෙක නැවුම් නඳ

නෑ සිතක් බිඳුනු පෙම සසල කර හිත
ගත උනත් බෝ කලක් පෙම් සුවඳ ඇත
සිනහුනත් හැමවිටම හඩනවා හද
අද උදෙත් හීනයක් කඳුළු මොකටද

සැනසුමක් හොයනවා විටින් විට හද
රාගයෙන් පෙලෙනවා නොමසුරුව කය
නවතින්න නාවතැන් එමට මගතොට
සිත බියෙන් පෙලෙනවා වින්ද දුක දැක

Thursday, March 28, 2013

සිතැඟිලි පලයන් වලට


ලොබකම් මොටද නුඹගේ ගැස්සෙන ලැමට
සුරුවම් නගයි හිත ඇතුලින් දකින විට
නෙක නෙක වරිග උලලා මුව අග යසට
කොට කලිසමකි නැත අඟලක්, පෙනුනේ මට

දුටුවා, නොදුටුවා, ලෙස, හිටපන් හොදට
ඔවදන් දෙන්නේ මාගේ සිතැඟිලි, මහට
හතලිස් පහකි, ඒ උන්දැත් බලන විට
මල සමයන්, සිතැඟිලි පලයන් වලට

Sunday, March 17, 2013

symptoms ...


පැය හයට එක් වරක් ...
දිනයකට තුන් වරක් ...
ගෙන බෙහෙත් මාසයක් ...
තවම නැතුවා, හිතට සුවයක් ...

නොයෙක් symptoms ඇතී
හොයා ගන්නත් නැතී
නෙක වෙදුන් ලොව වෙතී
සුවක් නැහැ මට නිතී

හැම හවස බාගයක්
ඉරිදාට පාටියක්
නැහැ ලොවට පාළුවක්
කිමද මට නැහැ ලොවක් ......

Sunday, March 10, 2013

සේපාලිකා මල


ඔහු සිතට....

අර පෙන සුදූ පාට මල නුඹට පෙනෙනවද
පෙති වැටුන රැලී ගැසුනු බව සිතට දැනෙනවද
සඳ එළිය පීනමින්  පිපූනු බව හැඟෙනවද
දැන් අතරමන්ව පෙති, ලමින් මල මියෙනවද

සිත සොබා ගති ඇතත් සඳුට පෙම් බැඳි මලට
සුවඳ නොම වැටහෙන්නේ දුරින් ඉන්නා සඳට
ලමින් හති එක සිතින් කලත් පෙම් රෑ කලට
නුඹේ ලොව අවසන්ය හිරු පැමුනු විට පෙරට

මල ඔහුට.....

කොහිද සඳු , කුමට හිරු මට කොහිද බඹර මදු
රෑ කලට පාලුවට හිටිය එක මගෙම සඳු
මා මලයි නුඹ සිතයි විය එකම ලෙයින් බඳු
යුවතියයි දුර සඳයි සලයි අප ප්‍රේම කඳු

.......... මීට පුරුෂ සේපාලිකා මල :D .......

Saturday, February 16, 2013

_ _ කුරුළු කූඩුව


තුනී මුදු තටු අතර - පොල් ගසක ගුලක, යට
වසනු මට හැකි වුවද - බැහැ එහෙම  මගේ පෙමට
තජ් මහල් තනන්නට -  කිරිගරුඬ නැත මෙමට
යන්තමින් වඩු වැඩෙන් - තනමි ගේ පෙම් රසට

පරඩැල්ව ගිය තණින් - තනමි කැටයම් දමා
සියුම් සුදු පුළුන් ගෙන - යහන් ගැබ තනමි මා
රෑ කණා මැදිරි ගෙන - අලවමින් හැඩ දමා
එලිය කර-වමිය රැය - නුඹේ සිනහ දකිනු මා

පැට්වුන්ට කුටි දෙකයි - නුඹ සමග වාසයයි
පැලුනු පා රිදුම්දෙන - බවද මට අමතකයි
දොර දිගට පහලටයි - සොර සතුරු බිය නසයි
නුඹව කැන්දන් එන්න - දැන් හොදම කාලයයි

සුන්දරයි ලාලිතයි - පියාපත් සුකුමලයි
මගේ මනමාලි වී - පිටුපසින් ඈ හිඳියි
අර පෙනෙන ගහ නුඹේයි - මගේ රජ දහන වේයි
පැවසුවත් මා තුටුන් -  කොහිද මා නිවස වෙයි

බියකරුයි හද තවයි - කෝ කොහිද ඈ අසයි
ඇස් අගින් ගලා ගිය - කඳුළු බිඳු හද තෙමයි
ඈත තිරිසන් සතයි - අත මගේ කූඩුවයි
කෙලෙස මා ඉවසම්ද - බිඳුනු පෙම් ලොකයයි

Friday, February 1, 2013

පෙණ කැටි විසුරයි පෙම් මනසේ ..


සුසුමන් සැලෙනා හඩ නෑසේ
කුමන මලද නුඹ කිව රහසේ
උඩවැඩියා නැත නුඹ රුව සේ
වටහා ගන්නට බෑ සිත් සේ

අරලියා පිපුනත් පිනි වැස්සේ
නැහැ ඔය පිං බර නුඹ සමසේ
නෙළුම් මලක් වනු බැහැ කිසිසේ
මා සිඹ ඇත නෙළුමන් දහසේ

සියුමැලි පෙති ලා රතු පැහැසේ
මදහස නගනා විට කව සේ
නැහැ හද ඉවසුම් රළ පෙල සේ
පෙණ කැටි විසුරයි පෙම් මනසේ

Tuesday, January 29, 2013

නසති වේදනා වෝ


අහස් කුස පීරනා අඳුරු වැහි වලා වෝ
හෙමි හෙමින් සීරුවට සඳවතිය හැඩෙව්වෝ
ඇය සෙමින් තරු වලට කීව  වේදනා වෝ
වැහි වලා පුපුරමින් අසා තරු කතා වෝ

කළුවරයි දුටුව විට, දුරට කලු වලා වෝ
නැහැ පෙනුනෙ සියුමැලිය හදට වේදනාවෝ
වැටෙන විට කඳුළු බිඳු මිහි කතට, ලතාවෝ
පවසමිය සීරුවෙන් අහස වුනූ කතා වෝ

මද පවන නුහුසුලන හදවතින් හමා වෝ
ගිණි අකුණු තව පෙලයි අසරනව වලාවෝ
ලොවම නෙක දුක් කඳුලු රෑ පුරා ගලා වෝ
හිරු කුමරු වැඩම කර නසති වේදනා වෝ

Friday, January 25, 2013

පැතුම් ...

ගෙන නෙක පැතුම් කලවම් කර පදමකට
හැඩ වැඩ දමා රස ඩිංගක් ඉසින් වට
බල බල පදම රස කදිමට සුවඳකට
දෑසුත් රිදෙනවා දැන්නම් ඩිංගකට

කිම බොල දෙයියනේ මෙලසින් වෙන්නෙ නැතී
මා සිතු පැතුම් කවදත් ඉටු වෙන්නෙ නැතී
මා කල පව කිමද, මට වැටහෙන්නෙ නැතී
මැව් මා පැතුම් කිම අද ඉටු වෙන්නෙ නැතී


-----------------------------------------


නෙක නෙක පැතුම් ගෙන මැව්වත් බොලාලා
අත් පය බැදන් ගෙයි පුටුවට රිංගාලා
මට අත් දෙකයි තොපි මැව්වට හය දාලා
මගේ වැඩ කරන්නේ උඹලද පිං දීලා

මවපං සිහින ලොව දිනුමට එය මඟවී
කරපන් එයට මඟ පාදන ලෙස වැඩ වී
එවන් සතුන් හට මනුලොව දෙයි සැලවී
මගේ දොරත් හැර ඇත පුත වැඩු මැනවී

Saturday, January 19, 2013

ළදැරියක් නුඹ ...


තනා වැලි මාළිගා ...
ගසා යන තුරු බලන් ඉන්නා
ළදැරියක් නුඹ ,
මහද වෙරළ නිතර සරනා


විටක මහ රැළි, විසුනු කරනා
විටක නුඹ විත් දෙපළු කරනා
කෙලෙස වූවත් මහද තිබෙනා
වැලි කෙළිනු ඉන් සතුට ලැබෙනා


වැලි පොලවේ ඇඳි කුරුටු මැකෙනා
සේම කාලය අරුම පුදූමා
දැරිවියත් නැහැ නිතර දකිනා
වෙනත් වෙරළක පවුරු බඳිනා ?

Monday, January 14, 2013

නුඹට රහසින


කලත් නුඹ හා කතා සතොසින
සිතෙන් දුර යෙමි නුඹට රහසින
සිතක් වේ නම් නුඹෙත් මෙලෙසින
කරන් ඉඟි බිඟි ලොවට රහසින

සැම උදෑසන දෙතොල සිපගෙන
දායාබර ලෙස සිනා පාමින
කරපු දඟ කම් සිතේ මවමින
උනිමි අද මං නුඹ මවාගෙන

නැහැ ලොවක් හෙට නුඹත් සමගින
කීවේ මට සිත තොල හපාගෙන
දකිනු රිසියෙන් මංගලම් මන
ම සිත වැසුවා ගෝනි පළුවෙන

Saturday, January 12, 2013

සංකල්පනා


සංකල්පනා මන බන්දනා
හිත ඉන්දලා සුර සැප දෙනා
අප අන්දනා පෙම් කල්පනා
නෙක නෙක ලෙසින් සිත සනසනා

ලොව මල් මිටක් හද කළබනා
පර මල් පවා දැන් සුව දෙනා
අර සුර ළදුන් මට අත වනා
ඇසි පිය අගින් මට හිනහුනා

නෙක කල්පනා ලොව සනසනා
තව එක් අයෙක් ඉන් රැවටෙනා
කර කල්පනා හිත යොදවනා
හෙට ලොව දිනනූ නුඹ පා සිනා

Friday, January 11, 2013

හිරුට ...


නුඹ නැති කල රෑ ලොව පුන් සඳත් නැත
සඳු කිරණේ රඟ පිටුපස නුඹත් ඇත
ගිනි ගත් හද තුල, පෙම් ගී ලොවක් ඇත
නැති නම් නුඹ මේ ලෝකෙට හෙටක් නැත

දුටු විට මුහුණුවර පෙනුනේ නෑ සවිය
මා බාලේ ඇගයෙව්වේ සඳ එළිය
අද මා උගත්තේ නුඹගෙන් මේ කවිය
මතු පිට ඔපෙන් කිසිවෙකු මනිනට බැරිය

Wednesday, January 9, 2013

නටන විගඩම්


නීල වරලස, කොහිද සඳවත
දිගට සුන්දර ලෙසට පැද්දුන
කුමට කියහන් ඇහි පියලි විද
නටන විගඩම් තදට ඇදගෙන

සිහින් ඇස් අග යන්තමින් ඇඳ
පිරුනූ සිනහව මහද බන්දන
තවම මතකයි ලමැද පොත් ටික
සුදු ගවුම හැද ගිය අපූරුව ....

Tuesday, January 8, 2013

වැටෙන තරුව නුඹ


මා සිත අද්දර
ලාවට කැරකුන
සුවඳ මලකි නුඹ
පෙති ගිලිහී ගිය

රළ පෙල සමගින
සුරතල් වෙන සද
රුවට දිලෙන නුඹ
බැස යන හිරු මෙන

තරු කැට වියකුන
සඳ නැති අහසක
වැටෙන තරුව නුඹ
සිතට සතුට දෙන

Saturday, January 5, 2013

හදවත ඇත කොටා බර


සනසා මා
නුඹ පෙරදා තුරුලේ හිඳ....
මැව්වා සිහින,
පොදි බැඳගෙන අපි නිතර......
වටකර සයුරු
හිමි ගෙන ගිය යට දවස ...
මතකයි තවම
හදවත ඇත කොටා බර ......

Saturday, December 29, 2012

දුම් බරිත මද සුලඟ



දුම් බරිත මද සුලඟ
පරදාවී මද සිසිල

ගනු කෙලෙස හුස්ම පොද
දුහුවිලිය සැම තැනම


කරකැවෙන මීටරය
සුදු ඉරෙන් පනින කල


නැගෙන්න හෙණ හඬ වැනිය
රිය සකෙන් නැඟෙන හඬ

කෙලස ජීවත් වෙම්ද
ගොඩ නැගිලි සැමතනම

හෙට නොවෙද පුන් පොහොය
බජව් හඬ හම තැනම

වෙහෙස දැනෙනු නැත


වන මැද රතුවට
හිත හංගාගෙන...
නුඹ ගයනා ගී අසන්න
මා පිං කර නැත...

වට කුරු මල් දෙවට දිගේ
පෙම් තාවුළු මැද,
නුඹ සැංගවී ඇත

රං පත් යුග හංගාගෙන
වැදී පාළු වූ ගෙපලක
ලොවෙන් වහන් වී තනිවම
නුඹ සැංගවී ඇත

දහඩිය බිඳු මඩ පාටින්
මා ගත නිතිනෙන් ගලමින්
තවමත් මා වල් මත් වී
නුඹ්ව සොයනු ඇත,
වෙහෙස දැනෙනු නැත.....

Wednesday, December 26, 2012

අරුමෙකි ලොව මදහස නැගුවා :)

තත්-පර-යක් සිත අතින් වසා ගෙන
නුඹ ගැන පෙම් මල් සිත සඟවාගෙන
නුඹ යන විට මා ඇස කළබාගෙන
මතකයි පෙම් ගංඟා මැව්වා

පසු දිනයක මා නුඹ අත අරගෙන
දුහුවිලි ගංඟා පසු කරවාගෙන
සිහින පොදී බැඳන් සොදුරු ආනාගත
පැතුමන් පැතුවා සිත ඇතුවා

පෙමින් ගුලී කරන් පුතු අත අරගෙන
තව දරුවෙකු නුඹ කුසෙහි දරාගෙන
සුව සැමි සමගින් කදැළි තනාගෙන
අරුමෙකි ලොව මදහස නැගුවා :)

Tuesday, December 25, 2012

අලුත් පාසැල් වරම දැන් නැතී


උනා දහඩිය පෙඟුණූ කඩමළු
වසා කඳුලක් ඇස් පියන් සතූ
මවා කෙත් වතූ වැව් අමුණු යුරූ
ගසා ගෙන කළු ගලක හිස බරූ

කෙසේ පවසම් බලා සිටි යුරූ
ගෙනත් අස්වනු බැදන් කඳ මළු
කිරිත් උතූරා වැඳ සිතින් බුදූ
ගෙනත් දෙන්නට පොතක් මා දරූ

හමා ආ මහ සුලන් දන්නැතී
මගේ දරුවනුත්, පොතට ලොබ ඇතී
අලුත් පාසැල් වරම දැන් නැතී
ණය වලින් බර වෙලා දැන් අපි

Sunday, December 23, 2012

ආදරයෙන් මුසපත් වී


ආදරයෙන් මුසපත් වී
මයේ ලොකෙම දෙවනත් වී
සිහින වලින් වල් මත් වී
බලා හිදින මා

රන් සෙසත් අරගත් දෙන්
මල් පාවඩ ගෙන එත් දෙන්
මලින් මලට යෙන - බඹර කුමරු මෙන්
මේ ලොව මා පිලිගත් දෙන්

ආදරයෙන් මුසපත් වී
මයේ ලොකෙම දෙවනත් වී
තුරුණු සිහින පොදී, මා සිත බැදගෙන
මා සිහිනෙන් ඔහේ ඉත් දෙන්

Monday, December 17, 2012

නුඹ වීය පාවෙන රේණු ලමිස්සී


සුළං කපොල්ලක අග මා ඉද්දී
නුඹ වීය පාවෙන රේණු ලමිස්සී
පාවී ආ නුඹ මා හද රැස් දී
මතකයි සුවඳක් හැමුවා යත් දී

මදහස පෑ නුඹ සිහින් මුවැත්තී
සෙනෙහස උරුමයි සිතුවා සිත් දී
බලනා කළ මම දැහැන මෑත් වී
නුඹ මට තරුවකී පොලවේ ඉද්දී

සුළං කපොල්ලෙන් මා ද ඉවත් වී
සුසූම් පොදක් ගෙන බර වී ඉද්දී
පා වී ආවේ සමනළ රෑස් දී
නැවතත් මා සිත දැහැනක පැටලී

Saturday, December 15, 2012

ආලය සෙමින් කොදු ඇට පෙල කිති කවන


නැග එන සුලන් රොද සිමිහිට ගත තවන
දා බිදු එකින් එක පවනට මුසු කෙරෙන
මා හට උරුම බව පසකව හද නගින
ආලය සෙමින් කොදු ඇට පෙල කිති කවන

බල මහ පොලව සුරතල් කර නංවාපු
මහ ගස් තේජසින් වැජබී රන්දාපු
සිසිලස සමග කඳු හෙල් මන බන්දාපු
නැත අද අගය මනු සතුනට අං ආපු

අද නෑ වන පෙතක, අගයක් අප සිතට
නැහැ අදහසක්, දිය ගඟුලක කිමිදෙන්ට
සිත ඇති සතුට මිල මුදලින් වැජබෙන්ට
හැර යනදාට වස්තුව ඇරගෙන යන්ට

Wednesday, December 12, 2012

තනුව වනු මගේ ප්‍රියාවිය මන


දැණුනූ ගින්දර කඳුළු රදවන
හදක රාවය තෙලි තුඩට ගෙන
මවන අරුමය මටම නොතෙරෙන
ලඟට ඇවිදින් කියා දෙනු මැන

විටක බබලයි ඇස් තුටින් පින
කඳුළු පුරවයි නුඹව සිහි වෙන
පද ගලා යයි තාල බිඳි මින
තනුව වනු මගේ ප්‍රියාවිය මන

Tuesday, December 4, 2012

ලා රොස තොල් පෙත්ත


රණ මියුරූ රණ හංස පරදාවී, නුඹ
වන වැදුනු මන පුෂ්ප මැලවේවී දැක
ඇස ගැටුනු තත්පරය හද ගැහුනූ රඟ
වැටහෙවී යම් දිනක කන තැබූ විට

ලා රොස තොල් පෙත්ත හා නයන යුග
කෙලි ලොල්ව පොපියද්දී හිත බැදෙන පෙම
මම කෙලස පවසම්ද කියනු මට සඳ
බලා තෙරුම් ගන්න මගේ දෑස නුඹ .....