Saturday, July 25, 2015

සූරියකාන්ත(තී)

හිරු නැති දවසක, ලස්සන හවසක
පාළුව නුඹ ලොව, සැළුන වේලේ.....

නැතිවද මගේ උණුසුම, තවමත් හිත
හිරු වෙනුවට ලොව එළිය කලේ...

අද හිරු ආවිට, මා අත අතහැර
කිම පවසන් නුඹ, දුරක ගියේ.....

ලෝකයේ දහමට, හිරුට බැඳුන පෙම
මට අහිමිද , දුක දැනෙන පැයේ....

කම් නැත දුර සිට, එළිය තියාගෙන
ඉන්නම් සැඟවී, කුරිරු ලොවේ....

එනතුරු දවසක, මාව හොයාගෙන
මගේ නොවනා , හිරු පුදන මලේ.....


Friday, July 24, 2015

The bonny lass

who... was that, bonny lass....
I asked from my heart, that suddenly crashed.
still remember, few years... back,
when I saw her, eyes... like flash...

today, she is.... holding my hand...
smiling out loud, like, waves hit sand...
still the same. my, bonny little lass...
who keeps my heart dance, from the day she, land.


Monday, July 20, 2015

Trend එක

සමදරා, ඇත්තෝර, රත් නිටුල්, ගෙන අනා
අමු ඉඟුරු, කීකිරිදිය, කොළ ඉස්ම,  දා පෙරා
දෙමට මුල් පොතු සමඟ, ළපටි කපු ගෙඩි දමා
හදමි මම, හෙළ බෙහෙත, කඹුරු ඇට මද තලා

නව මසක් ගැබ දරා, දරු වදනු කිම බොලා
ක්ෂනික ගැබ මොරන්න, ගනු බෙහෙත, මේය තමා
පෙර ගෙවුම්, පසු ගෙවුම් , කාඩ් ගනිමිය, මේමා
දැන්ම ඇනවුම් දෙන්න "ක්ෂනික දරු", බඩු තමා

Thursday, July 16, 2015

මතක

නුඹගෙන් ලැබුන උණුහුම හිත යට, හංගා
සියුමැලි මතක ගෙන එක එක, යලි කැන්දා
උදයම මෙන්ම හවසද, බිත්තියේ නන්වා
හෙමිහිට විඳිමි අද නුඹ ලඟ, නැති හින්දා

ගෙන අත මගේ බොරුවට නුඹ හපන හැටී
නිකමට වගේ කන මිරිකා දුවන සැටී
මවනට හැකි උනත්, මනසට පෙනෙන හැටී
විඳ ගනු කෙලෙස, එතරම් මන දියුණු නැතී

Tuesday, July 14, 2015

සපතේරුවා

පාර ලඟ බිම වැටී, හිසට වහලක් නැතී
විඩාබර ඔහු දෙනත, මඟ බලයි යලි යලී
කඩිමුඩියේ ඔහෙ දුවන, අයගේ පය ගැටි ගැටී
ඒ දෙනෙත් මඟ බලයි, තව වරක් හැරි හැරී

විටක එන තනි කකුල්, සපත්තුව කැඩි කැඩී
හිතට මහමෙරක් සේ, දැනෙනවා නම් ඇතී
හනික අත ඇඟිලි ටික, සපත්තුව වට එතී
සොච්චමක් ලද තුටෙන්, නට නටා දැවටෙතී

Sunday, July 12, 2015

මංගල මුදුව

දුටුවම දුරට, බිම වැළි ගනිනා, නයන
හිතුනා ටිකක් බලනට, ලං වී, කරුන
මංගල මුදුව, ජංගමේ නෑ. සුබ ලකුණ
තනිකඩ ලදකි, බස් නැවතුමේ, තනිරකින

නන්ගී කොහේද, කොහෙටද, යන්නට තනන
බස් හරි අඩුයි, අව්වත් ඇත, හම ඉරන
සුදු රුව මොකට, පුච්චනවද, පව් ගෙවන
නගරේ ඉන්නේ, තනිකඩ මම, රට වටින

දෙදරු මවකි මා. හිමියන් දෙයි, හෙවන
යන්නේ නගරයට, එක වසරෙයි, පුතුන
පතනේමි ලබන්නට, සොයනා, ප්‍රිය ලඳුන
මුද්දයි දන්නේ, පාසල් වල හැටි, දුදන

Tuesday, July 7, 2015

කිරි සුවඳ දැනුනද, නුඹේ ගත
පෙනුනේ නෑ අසරන, නුඹේ හිත
සොඳුරු යෞව්වන පිරුනු, නුඹේ වත
වටා ගෙතුනේ බිඳුනු, පතිවත

පැයට විකිණේන ලැමේ, උණුසුම
හවස වේ කිරි කැටිගේ, සැනසුම
පිය සෙනේ පිට ගොසින්, නොකියම 
තනිව විදහන් ලොවේ, ගැරහුම

ගත වුවත් රති කෙලියේ, දවසම
සිත දුවයි මතු දවසේ, ඇරඹුම
හොඳ කලක් යන කල් හෙටත්, මම
දැවි දැවී ගිනි ගනිමි, මෙලෙසම

Thursday, July 2, 2015

වීරයෝ

සුදු පටිය ඔතාගෙන උජාරුව පෙනෙන්නට
මම යමිය උදෑසන ට්‍රැෆික් නැති කරන්නට
සේවේ කර රට දැයට සොච්චමක් ලබන්නට
කට්ට කා අව්වේ රැක දඩ කොලත් ලියන්නට

අපි නොවේද මහ මගදි ජීවිතේ රැකෙව්වේ
එහෙව් කල මොකද අර බූරූවා එරෙව්වේ
නවතපන් තොට දෙන්න තෙරෙන්න දනව්වේ
අපියි බොල රට රකින වීරයන් ඉසව්වේ

හැරේව් වේ තිබෙද්දිද රතු එළිය ඉලව්වේ
කමක් නෑ ලියනවා එරෙව්වට හිලව් වේ
"ඇස් නැද්ද, ලියන්නද, හෙට උදේ වලව්වේ"
නෑ සර් මෙහේ එන්න, උදව්වක් හෙලෙව්වේ

Monday, June 29, 2015

කෝකියා

කෘතිම රස දමා හොඳ පැහෙන හොද්දට කදිම
දහඩියත් පෙරන් පොඩි කුස්සියේ ඇඳ සරම
සොච්චමට මාසයක් දුම් ගොඩේ විඳ කරුම
උඹත් බං කෝකියෙක් නොදැන උන්නට පදම

සුදු හාලේ බතට යන පරිප්පුව හොදි පිරෙන
බැදපු ලුණු රහට එන මිරිස් කරලත් රැදෙන
සීයේ බත් එක බුදින සුවහසක් දන වඳින
කෝකියා උඹයි රෑ....   සීතලේ බිම නිදන

උදෑසන දවල් රෑ වේල් තුන වස කවන
උන් තමයි මහත්තයෝ වරද කරු මම නොවෙන
වහසි බස් දොඩයි දන ඉස්පිතාලේ ලගින
උඹේ වස බතේ රස දොස්තරලා කොහේ දකින

කහ ඉර

යන්න යනවිට පාර පැන ගෙන උදෑසන කඩිමුඩියේ, මං
විසිල් ගහගෙන කාකි මහතෙක් ආවා දුවගෙන කෑ, ගහන්
කොහේද බොල තො ඔහේ යන්නේ කහ ඉරක් පෙනුනද අසන්
පැනපි මගේ ඔළු, වටම උදයම, වාහනත් නවතන් බලන්

බැලුව වටපිට නැහැනේ කහ ඉර, පනින්නට පෙර මම ඉදන්
කීවා කස කස ඔළුව වන වන, මමත් හෙමිහිට බිම බලන්
යකෝ නීතිය, පාර පැනුමට කහ ඉරෙන් උඹ දැන ගනින්
වරෙන් හනිකට දඩය දෙන්නට පාරේ මුල්ලට අඬගහන්

අනේ බුදු සර් වැඩට යන්නේ උදෑසන කලබලේ, මං
බැරිද අදවත් සමාවන්නට අදින තුරු කහ ඉර, හිටන්
තොපිත් වද දෙන හැටිත් අපහට කියා සීයක්, ඌ අරන්
මමත් නැග්ගා කොටන බසයට කහ ඉරක් පාරේ බලන්

Thursday, June 25, 2015

වනලිය

ඝන අඳුර රජ කරන මිනිස් පුළුටක් නැතී
ඈ මටම අතවනයි මෙහේ වරෙන් නුඹ සකී
පිනි බින්දූ තැවරිච්ච තණ පිඩලි මත වැටී
මීදුමේ ගැල්වෙන්න, කොළඹ ඉඳලම හතී

සොබාදම මතු කරපු වන වඳුලේ ගැටි ගැටී
යමං හිත නවතන්න සැබෑ දැහැනක වැදී
මුවම සිඹ සනසන්න මිහිරි දිය වැල් ඇතී
වරෙන් අදවත් මෙහෙට අතවනයි නොනැවතී

ඉස්සරත් ප්‍රිය කෙරුවේ හරිත පැහැ රටාවට
ඒ නිසයි හිත බැඳුනේ නිබඳ තුරු ලතාවට
ගෙන එන්න බැරි උනත් අරන් මයේ දිහාවට
හිත කියයි යමු යන්න ඇගේ ගල් ගුහාවට

Monday, June 22, 2015

කෙටිම කතාව

හෙමින් හමා අපු හුළං පොදකින් දඟ කරපු ඇගේ කෙස් රොද මගේ මුහුනට වැදි මගේ නින්ද කඩාකප්පල් කරා, එක පාරක් නම් කමක් නෑ දෙපරක් තුන් පාරක්ම. ඉවසුවා ඇති, එක්කො මේ කෙල්ලෝ කොන්ඩේ බැඳගෙන එන්න ඔනේ නැත් නම් කපලා දාන්න ඔනේ.... අදට වසර තුනකට පමන කලින් බස් රියේ සිදු වූ සිදුවීම හෙමින් මතකයට ආවේ ඇගේ උරහිස ගාවට කොට කරපු කොන්ඩය හෙමින් පිරිමදිද්දී, අපරාදේ ලස්සනට දිගට තිබ්බ කොන්ඩේ.

පාළුව

නුඹත් හිටියා නම්,
වෙළි මා ලඟ අත්ල අල්ලා
යවන්නට තිබුනා
හිතේ පාළුව සයුරේ හංගා
නුඹත් නැති හින්දා,
කෙලෙස මැඩලනු හිතේ සංකා
නුඹත් හිටියා නම්,
නොවේ මට, මේ වගේ නංගා

Thursday, June 18, 2015

කාලය

තත්පර, මිනිත්තුත්,  පැය කටු තරඟයට
වට වට දුවයි ඉවසීමක් නැති ලෙසට
උන්ගේ සද්දේ ඇසිලා මගේ හදවතට
විදිහක් හිතයි නවතනු කෙලෙසක රවට

බලහන් මිතුර දිග කැත ඔය උඹේ හැටී
තරඟෙට දුවයි හරි හරියට උඹට හතී
පැය කටු කොටයි, හෙමිහිට යන්නේ නැළවී
කිම පව් ගෙවන්නේ උඹ ඔය, හිතන් සකී

අසලා මගේ බස් හෙමිහිට ඌත් ඉතින්
රවටනු පිනිස පැය කට්ටත් වහසි බසින්
දුවපන් මචං උඹ මහතයි කියා පෙමින්
පැය කටු දුවයි දැන්, තත්පර කටුව ලෙසින්

Monday, June 15, 2015

මංගල

නිලැසිය දෙතොල් රතු කර යස හැඩකාර
මංගල ඇඳුම ඇඳ සුදුවට පින්සාර
සුන්දර පාද තබමින් නුඹ දඟකාර
යන්නට එන්න අතගෙන අද කරකාර

ඇසිපිය සෙමින් සිසිලස දී සැලෙන විට
නුඹේ උණුහුමින් සීතල යයි පලා හෙට
මංගල මුදුව හැඩකරවයි ඇඟිලි වට
මගේ හද ගැස්ම වී එනු මැන ඉතින් ගෙට



Monday, June 1, 2015

උඹට

බොරළු කැට, ලී පියන් මත වැටි නඟන හඬ
සිත පෙලයි, යලි යලිත් නුඹට නෑසුනත්, අද
හඬන මව, පියා සොහොයුරුත්, ඉකි ගසන කල
අපි හිඳිමු ගල් ගැසි උඹේ මතකයන් මැද

පෙර දවස, එකට පාසල් ගියපු වාරයද
කට්ටි පැන උඹ එක්ක ඔහේ ගිය කාලයද
සිල්බරන් කොටන් උඩ, දිය වෙච්ච දහඩියද
නැවත යලි එන්නේ නෑ, මතක නම් කෙතරම්ද

යමි යන්න හැරදමා උඹේ, උඹ නැති සිරුර
යළි එන්න මීවිතක් රැගෙන යම් මතු දවස
හීනියට සෙට් වෙලා අපේ උන් ටික එක්ක
දුක එක්ක කලතන්න සිනහා මතකෙට නතුව

Tuesday, May 19, 2015

වෙසක් ෆන්

රෑට මහ නගරයේ මොහොතකට ඇවිදින්න
බෙර ගසා වෙරි මතින් සද්ද කර නැගිටින්න
නීතියක් නැති දවස් දෙකතුනක් පැමිනෙන්න
මඟ බලන් හිඳිමි මම වෙසක් ෆන් අරගන්න

කුමට මල්, ඇත නළා පිං අපිට කරගන්න
පැය ගනන් බොරු ට්‍රැෆික් වල ඉදන් තැම්බෙන්න
බලු වෙච්ච පොලීසිය ලඟ ඉදන් මොර දෙන්න
බලන් ඉන්නේ මමත් පිං ගන්න, සැනසෙන්න

ගසාගෙන සෙල්ෆියක් පන්සලක් පසුවෙන්න
බලා තොරණේ බුබූළු ලස්සනයි හිත යන්න
ගෙන නොයෙක් බහුබූත පින්තූර ඇති වෙන්න
හදන්නට "වෙසක් ෆන්" ඇල්බමක් පොර වෙන්න

Monday, May 11, 2015

මතක

පෙරලා මතක එක එක ගෙන 
පිනි වැස්සේ
කාටත් හොරෙන් තනිවි මම
ගෙයි අස්සේ
තනිකම ඇවිත් අසලට පැන
හිත් මැස්සේ
නුඹේ රුව නොදැක ගතවුන
තත්පර විස්සේ

Sunday, May 3, 2015

පිං

වැඳ බෝ සමිඳු ශ්‍රී මහා, කලගුණ රැඳවූ
පිං ලැබ ගන්න පොර කති, මල් ගෙන අහුරූ
අම්මේ අයින් වෙනු පොඩ්ඩක්, පිං මදිවූ
නැත්නම් පෑගීලා යයි අර බල, සිරුරූ

තල්ලුත් කරයි විටකදි බලමින් ඔරවයි 
යන්නට එපා ඔය පිං ගුණ නැති පාටයි
ඔය මල් පිදුම සත්තයි කුමටද, ලාබයි
අපි මල් පුදමු යට මළුවට සිත සාරයි

Monday, April 27, 2015

දෙනුවන

මහද අරගත් නීල දෙනුවන
හිතම සැරසූ ඒ සොඳුරු මන
හමුවෙතැයි මා මඟ බලාගෙන
ඉදිමි ගැහෙනා හිතත් අරගෙන

කෙලෙස පිළිගනු හද සලිත වන
ගෙන යමිය මල් රෝස ප්‍රිය දෙන,
කුමට මල් දෙනු රෑට මියැදෙන
පෙම පුදමි දිවි තුරා පවතින

Tuesday, April 21, 2015

වර

වර වර ලඟට ඉක්මන් කර සුදු මැණික
ඉවසුම් නැතේයි දකිනා තුරු නෙතු හනික
අරගෙන නුඹේ මුදු අත, මල වැනි මෙලෙක
යන්නට බලයි මඟ, හදවත මතු දිනෙක

අබලන් මගේ හදවත ගෙන සෙවිළි කර
පිසදා හොදින් කුණු දුහුවිළි පවෙන් බර
ගත්තට තවම ණය ගැති මම ලොවට සුර
ණය පියවන්න ඉඩ දෙනු මට, ළඟට වර

Thursday, April 16, 2015

නුඹ

බලන් අර මල් කිනිති හොරෙන්, අප දෙස බලා
පැණි උරන බඹරුන්ට ඉඟි දෙමින් හිනහුනා 
ඒය දුටුව මද සුලඟ අතු වටා කැරකිලා 
මල් වලට ඔච්චමට වගේ සරදම් කලා

ආදරය මෙතරම්ම සුන්දරද, හිත හිතා
සුදු වළාවන් හෙමින් හිරු කුමරු හැංගුවා
නුඹේ හිසට, මගේ පපුව, සුව මදිද සිත සිතා
නුඹ නිදන සැටි බලන සඳ, තරුද දිලිහුනා

Monday, April 6, 2015

ලොව

නෙක නෙක සොඳුරු ඇසි පිය හෙලුමන් වැස්සේ
පානා මුකුළු මට නම්  දැන් කැප නැත්තේ
කෙතරම් සොඳුරු වූවත් ලිය නුඹේ පොත්තේ
ඇය මැවෙනවා යලි යලි මගේ නෙතු අස්සේ

සිනහව පුරයි හදවත මගේ සරුසාරයි
ලාවට සැරයි සිත කැමතිම ඒ ගානයි
කිංකිණි හඬයි නැතිවිට මගේ හද පාරයි
ඈ මට දුරයි එනමුදු මුළු ලොව ඇයමයි 

Monday, March 30, 2015

ගොළු දෑස

රන් මිණි සිනහ රන්දා
සතොසින් දෑත බන්දා
වරෙන් යං නන්දා
දෑස වී මගේ, ලොවම කැන්දා

අතින් අත රන්දා
හිතුත් එකිනේක බන්දා
වෙමි නුඹේ, බිරින්දා
මගේ කටහඬ, නුඹම හන්දා

---------------------------
යන මේ යුවල මඟ
දුවනා ලොවම අතහැර
දුටුවිට අසති හද
කොහිද සතුටක් මෙවන් මීහිපිට

අන්ධ ඔහු පින්බර
හෙලා හද නෙත් ඇය දෙස
ගොළු වුවත් ඇය අද
කෙලෙස වසනුද හදේ රාවය

Friday, March 27, 2015

You

Love the sun, and arising moon
stars, trees, and flowers that boom
love the seas, and sands with flume
also humans, who comes from a womb

Love your smile, and eyes so zoom
voice that makes my, heart goes broom 
love my life, and feels so bloom
missing you the only thing, makes me doom 

Wednesday, March 25, 2015

නූතන පිය කවි

නිදිමත යමන් දොර පල්ලෙන් ඉගිලගෙන
ඇදිවත අරන් යන්තම් ඇඟ පටලගෙන
කඩමන්ඩියට යන්නට මේ උදෑසන
පලයන් නින්ද පලයන් කිරී, දරු හඬන

කිරි නැත එරෙන්නේ කරුමෙට, මේ අපට
මේ දුක කෙලෙස වැටහෙන්නද, දෙවියන්ට
මවලා හිටිය මව්, මගේ අඹූ, මේ ලොවට
උදුරලා ගත්තේ උඹමයි මට, දුක දෙන්ට

ගෙවලා ගන්න එළ කිරි බාලද, මන්දා
ඒවා එපා ගනු පිටි කිරි හොඳ, හින්දා
කිවා වෙදුන් බටහිර තම නම, රන්දා
බීපන් වතුර, පුතු පිටි කිරී...  මිල හන්දා

Tuesday, March 24, 2015

පබසරා

බලා සිට නෙත එනතුරා
ඇමතුමක් උදයම බලා
නෙතු හැරෙයි නිදි මත ගසා
කොහේ ගියේ මගේ පෙම්බරා

ඉකිගසන හැඬුමක් වටා
පද බැඳෙන කවියක් දවා
නුඹම එන තුරු මඟබලා
සිටියේ මා, උනුසුම දරා

වලා පෙල යයි කළු වෙලා
බිඳු නැගෙන විට බිම තෙමා
කඳුළු සඟවමි වැහි පලා
සිනාසෙමි මම, පබසරා

Friday, March 20, 2015

සිඟන්නී

ගැබ්බර සිඟන්නී
පාර අද්දර උන්නී
සිත සුසූම් සැලුනී
අහෝ ලෝකය, කියා සිතුනී

සැලී සිත දෙවරක්
බලා සිට තව, මොහොතක්
හැරුනි මම නැවතත්
බීර උගුරට, දුමින් සරුවත්

Thursday, March 19, 2015

Hope

In the land of mist an cold 
where I found your innocent world
there are nothing like eyes that glow 
and your lips like red rose snow 

Wow, you are my damn little rose 
which makes me high, even without smoke 
baby can't you see, I'm near the door
no, no, I'm not, it's just a another hope

Tuesday, March 17, 2015

මෙදා

හිතට හරි හීනියට තඩි බාපු නුඹ ඒදා
අද හරිම ආදරෙන් මගේ හිත අතගගා
කරන දඟ කම් වලට හිතත් කැමතිම නිසා
මමත් හරි අසරනයි නින්ද නැති කල මෙදා

රතු පාට රෝස තොල් මලට හුරුකම් කියන
හිතත් හරි සුමුදු ඇති පිපෙන මලකට උරුම
කියන කරනා දෙයින් හදවතට මගේ එකම
උහුලගනු බැරි හෙයින් ආදරෙන් ඇත බැඳුන