Friday, November 16, 2012

දුටුව විට නුවණැසින් ...

රට විල වූන් සුවඳ - හමන විට මද නලින්
නාස් පුඩු ඇස් වලට - ඉඟි කරයි, අර බලන්

නයන යුග සරසවා - දෙතොල් පෙති පොපියමින්
දෑස, හිත හට කියයි - සීරුවෙන් නුඹ හිදින්

බසෙන් බැස එක එකා - ඈ, ද ඇත පාලුවෙන්
හිත හෙමින් අණ කරයි - දෙපා යුග, දැන් ඇදෙන්

ගිනි ගත්ත ලොව සමග - අසරනව මා හිතින්
අනේ අම්මප හොදා .... - දුටුව විට නුවණැසින් ...

No comments:

Post a Comment