Tuesday, November 6, 2012

වැලලි මුතු පර අස්සෙන්.. සුරැකිව නොපෙනි තිබ් දෙන්

තනිව ගලන දුක හංගා.. තලා පෙලමි හද සන්තා
රනින් මැව්ව ජය ගංඟා.. ගලා යවමි ඔහෙ යන්ටා
සිතින් වසන් කර හංගා.. මා පෙම ඔරුවක නන්වා
යවමිය රුවලක් බන්දා.. කුණාටු සයුරක සුන්ගා


දල රළ එය බිලිගත් දෙන්.. සුනු විසුනුව යා යත් දෙන්
මෝරුන් වට කරගත් දෙන්.. කා කා උන් කා ගත් දෙන්
මුහුදු පත්ල යට යත් දෙන්.. ගිල්වී නොපෙනිම යත් දෙන්
වැලලී මුතු පර අස්සෙන්.. සුරැකිව නොපෙනී තිබ් දෙන්


කුණාටු සයුරක සරනා.. කෙලිලොල් පෙම් මුදු රසිනා
සිතා මතා නුඹ කරනා.. යා හැක නොසිතූ ලෙසිනා
රසින් පෙලෙන රඟ දැනෙනා.. සේ ආපසු දුක ගෙනෙනා
කරවම් ආලය ළලනා.. උමතු ලෙසින් සිත බදනා




No comments:

Post a Comment