Saturday, December 29, 2012

දුම් බරිත මද සුලඟ



දුම් බරිත මද සුලඟ
පරදාවී මද සිසිල

ගනු කෙලෙස හුස්ම පොද
දුහුවිලිය සැම තැනම


කරකැවෙන මීටරය
සුදු ඉරෙන් පනින කල


නැගෙන්න හෙණ හඬ වැනිය
රිය සකෙන් නැඟෙන හඬ

කෙලස ජීවත් වෙම්ද
ගොඩ නැගිලි සැමතනම

හෙට නොවෙද පුන් පොහොය
බජව් හඬ හම තැනම

වෙහෙස දැනෙනු නැත


වන මැද රතුවට
හිත හංගාගෙන...
නුඹ ගයනා ගී අසන්න
මා පිං කර නැත...

වට කුරු මල් දෙවට දිගේ
පෙම් තාවුළු මැද,
නුඹ සැංගවී ඇත

රං පත් යුග හංගාගෙන
වැදී පාළු වූ ගෙපලක
ලොවෙන් වහන් වී තනිවම
නුඹ සැංගවී ඇත

දහඩිය බිඳු මඩ පාටින්
මා ගත නිතිනෙන් ගලමින්
තවමත් මා වල් මත් වී
නුඹ්ව සොයනු ඇත,
වෙහෙස දැනෙනු නැත.....

Wednesday, December 26, 2012

අරුමෙකි ලොව මදහස නැගුවා :)

තත්-පර-යක් සිත අතින් වසා ගෙන
නුඹ ගැන පෙම් මල් සිත සඟවාගෙන
නුඹ යන විට මා ඇස කළබාගෙන
මතකයි පෙම් ගංඟා මැව්වා

පසු දිනයක මා නුඹ අත අරගෙන
දුහුවිලි ගංඟා පසු කරවාගෙන
සිහින පොදී බැඳන් සොදුරු ආනාගත
පැතුමන් පැතුවා සිත ඇතුවා

පෙමින් ගුලී කරන් පුතු අත අරගෙන
තව දරුවෙකු නුඹ කුසෙහි දරාගෙන
සුව සැමි සමගින් කදැළි තනාගෙන
අරුමෙකි ලොව මදහස නැගුවා :)

Tuesday, December 25, 2012

අලුත් පාසැල් වරම දැන් නැතී


උනා දහඩිය පෙඟුණූ කඩමළු
වසා කඳුලක් ඇස් පියන් සතූ
මවා කෙත් වතූ වැව් අමුණු යුරූ
ගසා ගෙන කළු ගලක හිස බරූ

කෙසේ පවසම් බලා සිටි යුරූ
ගෙනත් අස්වනු බැදන් කඳ මළු
කිරිත් උතූරා වැඳ සිතින් බුදූ
ගෙනත් දෙන්නට පොතක් මා දරූ

හමා ආ මහ සුලන් දන්නැතී
මගේ දරුවනුත්, පොතට ලොබ ඇතී
අලුත් පාසැල් වරම දැන් නැතී
ණය වලින් බර වෙලා දැන් අපි

Sunday, December 23, 2012

ආදරයෙන් මුසපත් වී


ආදරයෙන් මුසපත් වී
මයේ ලොකෙම දෙවනත් වී
සිහින වලින් වල් මත් වී
බලා හිදින මා

රන් සෙසත් අරගත් දෙන්
මල් පාවඩ ගෙන එත් දෙන්
මලින් මලට යෙන - බඹර කුමරු මෙන්
මේ ලොව මා පිලිගත් දෙන්

ආදරයෙන් මුසපත් වී
මයේ ලොකෙම දෙවනත් වී
තුරුණු සිහින පොදී, මා සිත බැදගෙන
මා සිහිනෙන් ඔහේ ඉත් දෙන්

Monday, December 17, 2012

නුඹ වීය පාවෙන රේණු ලමිස්සී


සුළං කපොල්ලක අග මා ඉද්දී
නුඹ වීය පාවෙන රේණු ලමිස්සී
පාවී ආ නුඹ මා හද රැස් දී
මතකයි සුවඳක් හැමුවා යත් දී

මදහස පෑ නුඹ සිහින් මුවැත්තී
සෙනෙහස උරුමයි සිතුවා සිත් දී
බලනා කළ මම දැහැන මෑත් වී
නුඹ මට තරුවකී පොලවේ ඉද්දී

සුළං කපොල්ලෙන් මා ද ඉවත් වී
සුසූම් පොදක් ගෙන බර වී ඉද්දී
පා වී ආවේ සමනළ රෑස් දී
නැවතත් මා සිත දැහැනක පැටලී

Saturday, December 15, 2012

ආලය සෙමින් කොදු ඇට පෙල කිති කවන


නැග එන සුලන් රොද සිමිහිට ගත තවන
දා බිදු එකින් එක පවනට මුසු කෙරෙන
මා හට උරුම බව පසකව හද නගින
ආලය සෙමින් කොදු ඇට පෙල කිති කවන

බල මහ පොලව සුරතල් කර නංවාපු
මහ ගස් තේජසින් වැජබී රන්දාපු
සිසිලස සමග කඳු හෙල් මන බන්දාපු
නැත අද අගය මනු සතුනට අං ආපු

අද නෑ වන පෙතක, අගයක් අප සිතට
නැහැ අදහසක්, දිය ගඟුලක කිමිදෙන්ට
සිත ඇති සතුට මිල මුදලින් වැජබෙන්ට
හැර යනදාට වස්තුව ඇරගෙන යන්ට

Wednesday, December 12, 2012

තනුව වනු මගේ ප්‍රියාවිය මන


දැණුනූ ගින්දර කඳුළු රදවන
හදක රාවය තෙලි තුඩට ගෙන
මවන අරුමය මටම නොතෙරෙන
ලඟට ඇවිදින් කියා දෙනු මැන

විටක බබලයි ඇස් තුටින් පින
කඳුළු පුරවයි නුඹව සිහි වෙන
පද ගලා යයි තාල බිඳි මින
තනුව වනු මගේ ප්‍රියාවිය මන

Tuesday, December 4, 2012

ලා රොස තොල් පෙත්ත


රණ මියුරූ රණ හංස පරදාවී, නුඹ
වන වැදුනු මන පුෂ්ප මැලවේවී දැක
ඇස ගැටුනු තත්පරය හද ගැහුනූ රඟ
වැටහෙවී යම් දිනක කන තැබූ විට

ලා රොස තොල් පෙත්ත හා නයන යුග
කෙලි ලොල්ව පොපියද්දී හිත බැදෙන පෙම
මම කෙලස පවසම්ද කියනු මට සඳ
බලා තෙරුම් ගන්න මගේ දෑස නුඹ .....

Sunday, November 25, 2012

මට හැකිය මගේ සිතේ - සතුට ලොව බෙදන්නට


සරු සාර කෙත් වතු - මට නෑනේ පිරෙන්නට
ඔටුනු රන් ආභරණ - මට නෑනේ අදින්නට
සිතින් මවමින් මහා - මාලිගා තනන්නට
මට හැකිය මගේ සිතේ - සතුට ලොව බෙදන්නට

මහා ගංඟා ගලා එක් වන්නේ එක තැනට
අප කවුරු කොයි ගියත් ලං වන්නේ මරණයට
ජිවිතේ හරි කෙටියි, වෙයන් ජිවත් හොදට
මට කිව්වේ මගේ, මා පිය තුමන් හදවතට

Thursday, November 22, 2012

මම කෙලෙස රඟ දෙම්ද


රඟ මඩල රජ කරන
මොණර රජ මම නම්....

පිල් විදා රඟ විහග
කුරුළු නාදය නම්....

නුඹ හොරෙන් දඩු කොකා
මාන ගෙන ඒ නම්.....

මම කෙලෙස රඟ දෙම්ද
සියුමැලිය පවසම්......

Saturday, November 17, 2012

ලොකුම සින්නා මම ම වෙන්නම්.....

තනි තරුව නුඹ නම්
හෙටත් පා යයි නම්
නොවරදා එන්නම්
ඇවිත් නුඹ දෙස බලා ඉන්නම්

එකම මල නුඹ නම්
තනිකම, උරුම නම්
දුරින් මම ඉන්නම්
මලේ හැඩ දැක සතුටු වෙන්නම්

දිය දහර නුඹ නම්
තනිවම ගලයි නම්
ලඟට විත් ඉන්නම්
දිය දහර ලඟ ගසක් වෙන්නම්

සරසවිය නුඹ නම්
පොත් අතට ගන්නම්
සැමදා රැදෙන්...නම්
ලොකුම සින්නා මම ම වෙන්නම්.....

Friday, November 16, 2012

සඳ සාවිය නුඹ.... සඳ කැන් නෙළනා

සඳ සාවිය නුඹ.... සඳ කැන් නෙළනා
මගේ සැල මුතු පෙම ... මනරම් කරනා

සිතුම් පැතුම් මල් .. විකසිත කරනා
සඳ සාවිය නුඹ .... රෑ ලොව වඩිනා

නැහැ අරුමෝසම් .... පියකරු ලළනා
සිනා මල් කැළුම් .... මුතු මෙන් දිලෙනා

සඳත් රැවටිලා .... කැඩපත බැවිනා
තරුත් නෑ අහස ... නුඹ පසු පසිනා ...

සුමුදු මුදු නුඹේ මුතු සිනා දැක ...

නුඹව දුටු කල
නැගෙන සිතුවිලි...
මවයි මා මුව
සොදුරු හසරැලි...
දුරයි නුඹ මට
සොදුර පණ වැනී...
පෙලයි හදවත
ගිනි පුපුරු රැදී...


සුමුදු මුදු නුඹේ මුතු සිනා දැක
සිහින් සතුටක් ලබමි මම අද
නැවත නුඹ ලොව දුක් නැසෙන්නට
පතමි නුඹ ලොව ජය හදින් මම

නුඹ .... ලඳ ......

නුඹ 
ලඳ
සෙනේ පාන මට....

හැම
දින
ඔය පෙම දෙනවද ...

වැහි
නැති
පුරහන් කුඹරට....

නුඹ
මට
පින්නක් වෙනවද....

පසුව ලියමි ....

දැවෙන හිත නිවන
නුඹේ ඔය බැල්ම.....

හීන පොදි බදින
මුතු හිනා රැල්ල.....

විටක මා පෙලෙන
දුක් කදුළු නිල්ල.....

කියන් මන බදින
මගේ සුදු කෙල්ල.....
------------------------
ප.ලි  .... 

අදත් හමුවෙමුද
හීන මැද එකට ....

සුවබර නින්ද රජ කරවයි කර සද්දා

බිඳ බිඳ වැටෙන දා බිඳු සුරතට රැගෙන
වන මල් සුවඳ නොම දුන්නත් හිත නිවන
දැන ගන් නුඹත් වැඩකරනා අය විදින
දහදුක් තමයි අප ලොව සැප වත් කරන

රන් මුතු මැණික් නම් ගොඩ ගහලා නොමැති
මුව පිරි නිදහසයි ලොකෙට බරක් නැති
ගේ කටු මැටියි, ගෙයි හැරෙන්න ඉඩක් නැති
ඒ කිම උවත් ගේ පිරෙන්න සිනා ඇති

නෑ සිත පෙලන්නේ, නෑ කිසිවෙකු රිද්දා
සුවබර නින්ද රජ කරවයි කර සද්දා
මහ මහමග ගියත් බිය සැකයක් නැති හන්දා
ඔහු දිවි ගෙවන්නේ ... රජුනුත් බිය වද්දා

දුටුව විට නුවණැසින් ...

රට විල වූන් සුවඳ - හමන විට මද නලින්
නාස් පුඩු ඇස් වලට - ඉඟි කරයි, අර බලන්

නයන යුග සරසවා - දෙතොල් පෙති පොපියමින්
දෑස, හිත හට කියයි - සීරුවෙන් නුඹ හිදින්

බසෙන් බැස එක එකා - ඈ, ද ඇත පාලුවෙන්
හිත හෙමින් අණ කරයි - දෙපා යුග, දැන් ඇදෙන්

ගිනි ගත්ත ලොව සමග - අසරනව මා හිතින්
අනේ අම්මප හොදා .... - දුටුව විට නුවණැසින් ...

Monday, November 12, 2012

රටකට වේච්චී

සිරි ගුනයෙන් පිරි ලක් මව් මාගේ 
සම කල නොහැකියි කිසි විට ලොකේ
රැකගනු උරුමය අපමන පන සේ
නොම වනසනු අප ඉපදුන දේසේ

මට මතකයි අර ඉස්සර කාලේ
කුරුලු ගීත නද සැරදෙයි දසතේ
අද ඒ විහගුන් රටගිය විලසේ
නෑ නද දෙන්නේ ඉමිහිරි නාදේ

සිත සුලං රැලි දසත හමද්දි
වෙල් ඉපනැලි වල මිහිර මතක් වි
හදවත හඩවයි අද අව් රශ්මි
නැහැ අර සීතල නළ අද අහිමී

අද ජාතික ගී, මව් හඩ දෙද්දී
අවජාතක උන් පය ලෙල වද්දී
මා හද ජාතික ආලෙන් තෙත්වී
කිම විමසයි මේ රටකට වේච්චී

Thursday, November 8, 2012

විදීනා වෙදනා දන්නේ පෙණ පිඩලී......

රළ පෙල නතුව නොපෙනෙන පවනට රළුව
පෙණ මුසු වෙරල තෙමවයි තව තව වැඩිව
නැහැ කිසි වගක් පෙණ කැටියට මින් මතුව
මැරි මැරි යලිත් උපදි රළටම         හසුව


දුටුවම සුන්දරයි පෙණ කැටි බිදෙන යලී
විසිවෙනු සැඩයි පිනි බිදු වැනි පෙණ කැබලී
නැහැ කිසි වගක් වෙන කාටත් දුක සැලලී
විදීනා වෙදනා දන්නේ පෙණ පිඩලී......

Wednesday, November 7, 2012

සැගව ඇත කොහෙවත්...

සවන් පිනවන හඩක් ඇසුමට
පින් මදිද තවමත්...
ඇසම රදවන රුවක් දැකුමට
කිමද මේ වෙහෙසක්..

ලය බැදෙන පෙම සිතට වැඩුමට
නැතිද හොද නැකතක්..
රැයෙ තනියම පාලුවෙන් මම
නැහැනෙ තව කිසිවෙක්...

අමාවක සද මෙන්ම මා පෙම 
සැගව ඇත කොහෙවත්...
ඇගිලි ගනිමින් සිටිමි මා හද
කෙදිනදො පොයක්...

Tuesday, November 6, 2012

වැලලි මුතු පර අස්සෙන්.. සුරැකිව නොපෙනි තිබ් දෙන්

තනිව ගලන දුක හංගා.. තලා පෙලමි හද සන්තා
රනින් මැව්ව ජය ගංඟා.. ගලා යවමි ඔහෙ යන්ටා
සිතින් වසන් කර හංගා.. මා පෙම ඔරුවක නන්වා
යවමිය රුවලක් බන්දා.. කුණාටු සයුරක සුන්ගා


දල රළ එය බිලිගත් දෙන්.. සුනු විසුනුව යා යත් දෙන්
මෝරුන් වට කරගත් දෙන්.. කා කා උන් කා ගත් දෙන්
මුහුදු පත්ල යට යත් දෙන්.. ගිල්වී නොපෙනිම යත් දෙන්
වැලලී මුතු පර අස්සෙන්.. සුරැකිව නොපෙනී තිබ් දෙන්


කුණාටු සයුරක සරනා.. කෙලිලොල් පෙම් මුදු රසිනා
සිතා මතා නුඹ කරනා.. යා හැක නොසිතූ ලෙසිනා
රසින් පෙලෙන රඟ දැනෙනා.. සේ ආපසු දුක ගෙනෙනා
කරවම් ආලය ළලනා.. උමතු ලෙසින් සිත බදනා




Monday, November 5, 2012

සිනා සෙනු මැන මට බලන්නට

සොදුරු දැසට කදුල තහනම්
කදුලු මෙතරම් හද පෙලයි නම්
සිනහ උතුරන මල් තිබේ නම්
වහා පවසනු ගෙනත් දෙන්නම්


එපා ඔය ලෙස දුක් විදින්නට 
බලා ඉනු බෑ නුඹ හඩන විට
සිහින් මුදු සොද සිනා මුසු කොට
සිනා සෙනු මැන මට බලන්නට


ලතාවට නුඹ පාද තබමින
ඇස් පියන් සෙම සෙමින් වසමින
ඇවිත් ලගටම මහද ගැසෙමින
හීනයක්දො සිතේයි සැබවින


Sunday, November 4, 2012

ලොවම දිනුවා සේ සිටිමි මම

දැනෙන පාළුව හිතේ ගුලිකර
පාළු සොහොනක සගවමිය මම...

දෝර ගලනා සෙනේ කැටිකර
වක්කඩක් අග සගවමිය මම...

රුදුරු වෙසකින් මුවම වටකර
සිතට චපළව හිනහෙමිය මම...

සිතත් රවටා ලොවම නැතිකර
ලොවම දිනුවා සේ සිටිමි මම...



වැටෙන කදුලැලි ඇස් අගින් නොව
හදවතින් රූරා හඩමි මම...

සිතට ඇව්ටිලි කරන සිතැගිලි
සොය සොයා වළලා දමමි මම...

ළයට නොම හිමි සිහින් පෙම් දළු
කඩ කඩා දර මිටි බදිමි මම...

නුඹව නොම හිමි ලොවක් අද්දර
සිත සිතා ලත වෙමිය මේ මම....




Saturday, November 3, 2012

මගෙන් දුර ගොස් නෙවෙද මිහිරිය ...

මවා සිහිනෙන නුඹේ සුදු වත 
සැතපිලා සුව වින්ද යහනේම
බල බලා පෙර වින්ද පෙම් සුව
රැවටිලා ඉමි යලි එතැයි නුඹ 

සැදැ සමයක නුඹේ අත ගෙන
මුහුද අබියස නළල සිප ගෙන 
මතකයි දිව යන්නේ පෙර දින
ඇරඹි පෙම ගිලිහිලා නොදැනිම

යලිත් දවක නුඹේ අතගෙන
වැව් ඉවුර ඉම සෙවනේ හිදගෙන
සුපෙම් සුව විදිනට සිතත් මම
මගෙන් දුර ගොස් නෙවෙද මිහිරිය ...



Friday, November 2, 2012

මගෙ දිවි ගඟේ සුන්දරතම නුඹ වන්නා

රඟ දෙන මතක පොදි වැල් එක එක මත්තේ..
පැටලී වෙලී හද මංමත් වී,  අස්සේ ....
ගෙතේනා වචන හද පත්ලෙම බැස ගත්තේ....
කියනා කෙලෙස හද ආලය ඇත සිත්සේ....

නෑ රෑ නින්ද එන්නේ වත් අහලකට
පෙර දින මතක ගෙන යන්නවා සිහිනෙකට
හිදුමට කැමති මුත් දිවි ඇති තෙක් එමට
ඉන්නේ කෙලෙස මතකය නුඹේ වැද සිතට

ගංගා ගලා ලා යනවිට හමු වන්නා
සුන්දර සාරවත් පෙදෙසක් වන් වෙන්නා
මගෙ දිවි ගඟේ සුන්දරතම නුඹ වන්නා
ආයෙත් පාළු සොහොනක් අද්දර වැන්නා



Thursday, November 1, 2012

තනි තරුව නුඹ නොවෙද - මගේ ලොව පායනා

තනි තරුව නුඹ නොවෙද - මගේ ලොව පායනා
හිරු අවර ගිය විගස - කලුවරේ දිලිහෙනා
නිදි යහනේ නිදි නැතිව - විටක මා සිනසෙනා
නුඹ නැතිව ගෙවන රැය - හීනයකි කල්පනා

නුඹේ සුවද නුඹේ සුවය - මලක ගති පරදනා
නිල් දෙනෙත රතු දෙතොල - සොබාදම් රසදෙනා
වට කුරුව පුලුළුකුල - ටිකිරි ලිය සමවෙනා
කිමද මේ නිහඩ බව - මා සිතට වද දෙනා

ඇසුනු සර සර හඩින් - විගස මා ඇහැරෙනා
දුටුව දේ සිහිනයකි - යලිත් ඇස් පියවෙනා
රළ බිදෙන සේ යසට - නුඹත් අර හින හෙනා
නැතිද නුඹ හැබහින්ම - මා ලඟට ලංවෙනා



Tuesday, October 30, 2012

යනෙන විටදි දාවා ල යේ ....

ළැමැද නුඹගේ සුව යහනක් 
රනින් බැන්ද මල් යායක්
නිබඳ සුවඳ දෙන දැහැනක්
හද   පවසයි   ගී     දහසක්

වන මල් පලදන්නද මා
නෙලුමෙන් සරසන්නද මා
මුවගින් සිනසෙන්නද මා
සිතම නුහුරු වී දැන් මා

යනෙන විටදි දාවා ල යේ 
දැනුනා පෙම ඇගේ ළයේ
රණ මයුරෙකු මගේ කයේ
පෙමින් වෙලී දිවා රැයේ

කවි පද නවතනු මට බෑ
නුඹේ මතකය සඟවනු බෑ
හද බැදි පෙම පුද දෙනු බෑ
කිමද බයයි දුක් වෙනු බෑ



Friday, October 26, 2012

මගේ ලොකයෙ අලුත්, පෙම් මලකි පවසන්න


අහස් කුස හිස් වෙලා, තරුත් හෝදන් ගිහින් 
ඉයේ රෑ මහ වැස්ස නපුරු වීලා තදින්
හදවතට ඉකි බින්ද, මලුත් පරවී ගොසින්
හිත ලඟම නැවතිච්ච නුඹත් අද දුර ගිහින්


සුදු පාට මල් වැටුනු පිච්ච ගහ යට ඉදන්
නුඹ ගෙතුව කවි සින්දු මතකයට පොදි ගසන්
බලා ඉන්නා ඇයට වෙන ලොවක් නැති හෙයින්
ලොකයට නොපෙනෙන්න, ඇවිත් සකි නුඹ බලන්



උරුම ලොව මා නොවන බව ඇයට පවසන්න
පවසලා හෙමිහිටම ඇයට කියලා දෙන්න
මා ඇවිත් ගිය විටෙක වෙන්නෙ දුක ලියලන්න
මගේ ලොකයෙ අලුත්, පෙම් මලකි පවසන්න



Sunday, October 21, 2012

සිහින් දෙකොපුල්, ආල වඩමින්


ගියත් නුඹ විගසින් 
සලා ඉඟ සුඟ මැනවින්
මයේ හිත සැනකින්
කෙලෙස දෙනු ළඳ, නුඹට මෙලෙසින්


ගත හැකත් අතකින් 
මිටින් ගෙන ඉඟ රහසින්
කියන් නුඹ මෙලෙසින්
කෙසේ ඉනු ළඳ, ලොවට රහසින්
 
ප්‍රියකරුය සැබවින්
දෙව් ලියක් විලසින් 
ඉවත ලනු කෙලෙසින්
සිහින් දෙකොපුල්, ආල වඩමින්
 
ලොවම ඔහේ ඉත් දෙන්
කතා හදමින් සද්දෙන්
නුඹත් නුඹේ අස්නෙන්
නැගිට එනු ළඳ, මගේ පස්සෙන් ...